Ehelepola Nilame ඇහැලේපොල නිලමේ ද්‍රෝහියෙක්‌ නොවේ

1815 මාර්තු 02 වැනිදා මහනුවර මඟුල් මඩුවේදී අත්සන් තබන ලද උඩරට ගිවිසුම හෙවත් සිංහලේ සහ සිංහල බෞද්ධයාගේ ජාතික නිදහසේ මරණ සහතිකය නිකුත් කර 2015 මාර්තු 02 වන දාට වසර දෙසීයක්‌ පිරේ. එම ගිවිසුමට අත්සන් තබන ලැබූවන් අතරින් සිංහල පාර්ශවයේ ප්‍රධානියා වූ ඇහැලේපොල විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න අමරකෝන් වාසළ පණ්‌ඩිත මුදියන්සේ දේශද්‍රෝහියකු ලෙස ඇතමුන් කරන හංවඩු ගැසීම සාධාරණ වූවක්‌ ද යන්න විමසා බැලීම මේ කෙටි ලිපියේ අරමුණ වේ…………………….

………………………………ඇහැලේපොල මහ නිලමේ ඉංග්‍රීසීන්ට එකතු වීමට පදනම් වූ කරුණු බව පෙනේ. එහෙත් ආසන්නතම හේතුව එය නොවේ. මහජනයාට පීඩාකාරී බදු අයකිරීමකට රජු අණ කළ විට ඇහැල්පොල පවසා සිටියේ එය පෙර සිංහල රජසිරිත්වලට පටහැනි බවත් එය තමාගේ තනි මනාපයට කළ නොහැකි බවත් සියලු රදළවරු අතර සාකච්ඡා කර තීරණය කළ යුත්තක්‌ බවත් ය. රජ අණ නොපිළිගැනීම නිසා උදහස්‌ වූ රජු සබරගමුවේ සිටි ඇහැල්පොල මහනුවරට කැඳවනු ලැබීය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ස්‌වරූපය දත් ඇහැලේපොල මහනුවරට නොපැමිණ ඉංග්‍රීසීන් සමග සාකච්ඡා පැවැත්වීය. ප්‍රතිඵලය වූයේ ඇහැලේපොලගේ සමීපතම ඥතීන් වූ සහෝදරයා, ඇහැල්පොල කුමාරිහාමි සහ දරුවන් හතරදෙනා, පුස්‌වැල්ලේ කුමාරිහාමි සහ ඇගේ දියණිය කෲර ලෙස ඝාතනය කිරීමයි. …………………………..

………….ඉංග්‍රීසීන් වෙත පලාගිය ඇහැල්පොලගේ පරමාර්ථය වූයේ රට ඉංග්‍රීසීන්ට පාවාදීම නොවේ. ඔවුන්ගේ සහයෝගය ලැබගෙන කෲර වඩිග වංශිකයන්ගේ පාලනයෙන් රට මුදාගෙන නැවත සිංහල රාජවංශයක්‌ බලයට ගෙන ඒමය. ඇහැලේපොලගේ පරමාර්ථය, ඔහුගේ සහාය පතා ඉංග්‍රීසීන් වෙත ගිය පසු සිංහලේ තම හිතවත් නිලමේවරුන් වෙත යවන ලද ලිපියකින් පැහැදිලි වේ. කොහොමත් වඩුග පරම්පරාව නිසා සිංහල සේනාව හැම විදියෙන්ම විනාශ වේ. ඉබාගාතේ ආ වඩුගයෝ කරන නපුරුකම් අසනවිට ඉවසාගත නොහැකි වේ. ර-ජුරුවන්ගේ යහපත් ක්‍රියා ද මොවුන් නිසා නෂ්ට වී ගියද අපේ දියුණුව ඔවුන් නොඉවසත්. අපේ සම්පත් සියල්ලක්‌ බලාත් ලෙස ගණිතත් රජ අණ මොවුන් හැර බැවින් දිනෙන් දින බලවත් අනදර වැඩේ. මේවා මැඬපවත්වා ආණ්‌ඩු කරවීමට මා කළ කී දේ කාටත් මතක ඇති. ඒ සියල්ල අපගේ සස්‌තෘ වූ නුනුවණ නපුරු ලෙස වාසලට දන්වා වවුල් ගතියෙන්… ආරක්‌ෂාවත් කැමැත්තෙන් සිටිත්. මේ සියල්ල අප ජාතියේ රජ පරපුර නෂ්ට වීමෙන් සිදු වූ විපත් යෑ. මෙම විපතින් ඉදිරියටවත් සිංහලය ආරක්‌ෂා වන අයුරු පරීක්‍ෂාවෙන් වැඩ කිරීම අප කාටත් බාර වැඩකි.” යනාදී වශයෙන් පවසන ඇහැලේපොලගේ ප්‍රකාශයෙන් ඔහුගේ අරමුණ කුමක්‌ වී ද යන්න අවබෝධ කර ගත හැකි ය. …….සුමේධ වීරවර්ධන , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය , දර්ශන හා මනෝවිද්‍යා අංශය ශාස්‌ත්‍රපීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය. සම්පූර්ණ ලිපිය කියවීම සදහා 

======================================================================

සුද්දන් කළු සුද්දන්. “සුද්දෝ” හෙවත් ඉංග්‍රීසීන් අපේ රටට ආවෙ 18 වැනි සියවසේ. දැන් සුද්දො නෑ. දැන් 21 වැනි සියවසේ මේ රටේ ඉන්නෙ සුද්දො නෙමේ කළු සුද්දො. සුද්දාගේ සිට කළු සුද්දා දක්වා කතන්දරේ පටන්ගන්නේ ඉතිහාසයේ මහනුවර අවදියෙන්. “සුද්දන් කළු සුද්දන්”….

Ehelepola Nilame’s Monument in St. Andre Forest, Mauritius

File:Ehelepola Nilame's Monument in Mauritius.JPG

දැනට මෙම සිහිවටනයේ පසුපස කොටස යමෙක් මෙසේ විනාශකර තිබෙන බවත් යම් ශ්‍රී ලාංකිකයෙක් එය අලුත්වැඩියා කර ඇති බව අපට දැනගන්නට ලැබුනා.

 

 

 

 

 

.The great Sri Lankan warrior ,Ehelepola’s life in MAURITIUS

…Ehelapola, was a pure bred Brahmin and a very devoted Buddhist. In addition to that he was a very loyal, efficient, leader who served the country and the people faithfully.

He offered his Walawwa to the Maha Sangha and he settled down in Kandy. Now it is a famous temple situated at Mahawela, Matale. He was a militant chief. This was partly due to his noble birth and ancestry. His father and all his paternal ancestors had been devout Buddhists and had served the armies as leaders. It is very relevant to discuss the illustrious background of Ehelepola Maha Adigar. Hence, I would give a brief history of his ancestors and close relatives….

Ehelepola the Great was a very versatile person having a sound knowledge of English, Pali, Sanskrit and Tamil. He was educated at a Buddhist Pirivena and he became a Rate Mahatmaya in his youth. At the King’s Palace he had a militant look….read more 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21612

Leave a Reply