Uthpalawanna Rahath Theraniya උත්පලවන්නා රහත් තෙරණියට පූජා කළ සොර වැද්දාගේ අමු මාංශ දානය.

Meatඋත්පලවන්නා රහත් තෙරණිය සමාධියෙන් නැගිටින. ඒ මොහොතේ අර සොරාගේ මාංශ දානය වෙහෙරට ගෙන ගියාය. පසුදින දුරු මිරිස් දමා ඒ මස පිළියෙල් කොට බදුනක දමා සහල සිවුරෙහි දවටා පොදියක් බැඳගත්තාය. අහසට පැන නැගී වේලුවනයට ගියාය. ඒ බුදුරජාණන් වහන්සේට පිළිගැන්වීම පිණිසය.

බුද්ධිමතුන්ගේ විමසුන් ඇසින් බැලීම පිණිසයි!

මෙම කථාවට මාංශ සම්බන්ද නිසා මෙය හුදෙක් මස් කන්නන් උජාරුවෙන් ඔවුනගේ රසතෘෂ්ණාව සාදාරණීකරනයට භාවිතා කරයි.ඒ අතරේ මහත් ඕනෑකමින් මේ සම්බන්ඳව ඔප්පු කිරීමට, වාද කිරීමට පසුබට නොවෙති. එම නිසා බෞද්ධයන් අතර මේ මස්මාංශ කෑම හැමදාමත් විවාදයට භාජනය වූවකී. මස්මාංශ වෙළදාම බුදුරජාණන් වහන්සේ විසින් නො කළ යුතු වෙළදාම් පහෙන් එකක් ලෙස ගෙන එය බෞද්ධයන්ට තහනම් කළ සේක. වනිජ්ජා සූත්‍රයට(උපාසකවග්‌ගො, පඤ්‌චකනිපාත -අඞ්‌ගුත්‌තරනිකාය  අනුව වණිජ්‌ජාසුත්‌තං – වණිජ්‌ජාසුත්‌තං, උපාසකවග්‌ගො, පඤ්‌චකනිපාත -අඞ්‌ගුත්‌තරනිකාය  ‘‘පඤ්‌චිමා , භික්‌ඛවෙ, වණිජ්‌ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්‌ච? සත්‌ථවණිජ්‌ජා, සත්‌තවණිජ්‌ජා, මංසවණිජ්‌ජා, මජ්‌ජවණිජ්‌ජා, විසවණිජ්‌ජා – ඉමා ඛො, භික්‌ඛවෙ, පඤ්‌ච වණිජ්‌ජා උපාසකෙන අකරණීයා’’ති. සත්‌තමං.

උත්පලවන්නා රහත් තෙරණිය සම්බන්ද මෙම කථාව ධර්මය ගෑවී ඇත්තේ කෙසේ ද? මෙම කතාව නිවන හා සම්බන්ද ධර්ම කොටසක් ද? එම කථාව වෙවැනි විචිත්‍ර ලෙස ධර්මය තුල විග්‍රහ වීම සැකයට භාජනය විය යුත්තක් ම වන්නේ මෙහි මස් කන්නන්හට ගැලවිජ්ජාවක් ලෙසට තමාගේ කුසය සතුන්ගේ මලකුනු තැන්පත් කරන සුසාන භූමියන් කර ගන්නා අතර තවත් අහිංසකයන්ටත් ධර්මයේ තියෙන බව පෙන්වා ඔවුනගේ කුසවලුත් සූසාන භූමියන් බවට පත් කිරීමට මග පාදන නිසාය. ධර්මයේ නාමයෙන් අප මස් කමු යන්න ප්‍රචලිත කිරීමයි මෙවැනි  පසුව ධර්මයට එකතු වූ කථාවල් මස් කන්නන් ප්‍රයෝජනයට ගන්නේ

අපගේ විග්‍රහය:- ප්‍රථමයෙන් අප විමසිය යුත්තේ මාංශ ලබා දුන් ඒ සොර වැද්දා ගැනය. ඔහු සොරෙකි. තම දිවියට මහමෙරක් සේ ආදරය කළ සත්වයෙකු අමු අමුවේ ඝාතනය කර දඩමස් රැගෙන ආ කෲර මිලේච්ඡ පුද්ගලයෙකි. (ඒ සතා ගැහැණු සතෙක් වී නම් වැඩය තවත් භයානකය. මක්නිසාද උපත්පාලන නොමැති ගැහැණු සතුන් නිතර සිටිනුයේ ගැබ්බරවය ) මොහු සමාධියෙන් සිටි උත්පලවන්නා රහත් තෙරණියට පෙනෙන සේ එකී මස් කුට්ටිය තබා ගියෙකි. මෙවන් දෑ සත්‍ය නම් අපද කළ යුත්තේ වඩ වඩා කුසල් ලබා ගැනුමට සත්ව ගොවිපලවල් පවත්වා සතුන් මර මරා භික්ෂූන් වහන්සේලාට පෙනෙන සේ මස්කුට්ටි එල්ලා තබා යාමය. වෙසක් දිනයේ බකට් එල්ලන්නාක් මෙන් තැනින් තැන මස්කුට්ටි එල්ලීමය. එවිට වඩ වඩා පින් වැඩේවි.

කරුණු කාරණා මස් ගෙනා සොරා ප්‍රථම ශික්ෂා පද දෙකම කඩාගත්තෙකි. මම සතුන් නොමරමි එහෙත් අනුන් ලවා මරවාගෙන කම් හා එයට අනුබලදී වළදමි. යන තමන් ගැළවෙන ගැලවිජ්ජා සිල් පදය ආරක්ෂා කල අනුවණ බොළද අයෙක් බවට අපගේ මේ උතුම් උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේව පත් කර තිබීම මොන තරම් පාපයක් ද? රහතන් වහන්සේලාට කරන මොන තරම් නිග්‍රහයක් ද?

එසේම දෙවනි සිල්පදය වන ” සොරෙන් මංකොල්ලයෙන් පැහැර නො ගනිමි” යන්නට විරුද්ධ සොරාගේ ක්‍රියා පටිපාටිය සහමුලින්ම අනුමත කරමින්, මෙකි රහත් තෙරණින් වහන්සේ ක්‍රියා කර ඇති බව පෙන්වා දීමෙන් රහතන් වහන්සේලාට කර ඇති නිග්‍රහයට මොන අපායට යන්නද? කියා සිතා ගන්නටත් නොහැකිය. මස් පෙරේතයන් මෙම කථාන්දර ද ගෙන ඔවුනගේ රස තෘෂ්ණාව සාදාරණීකරනය කරමින් රට පුරා යමින් බෞද්ධයන් තව තවත් මේ අකුසලයට ධර්මයේ තිබෙනවා කියා අහිංසක බෞද්ධයන් යොමු කරයි.

කාලාමයනි! හනි හනිකට එනු මැනවි. නැතහොත් අප සියල්ලන්ගේම බුද්ධිය මොට්ට වන්නේ ය. සම්බුද්ධ දර්ශනය නැත්තට නැතිවන්නේ ය. තාක්ෂනයෙන් අග තැන්පත් මෙම විසි එක් වන සියවසේ ප්‍රඥාවන්තවූවන් ද අනුවණයින් සේ මස්මාංශ ප්‍රේත මොවුන්ගේ ග්‍රහණයට ගැනීම ඉවසිය නොහැක.

බුද්ධාගම යනු හේතුඵල දහමකී. පානාතිපාතයෙන් සතුන් මැරීමද, වනිජ්ජා සූත්‍රයෙන් මස්මාංශ වෙළදාම ද තහනම් කල විට මොන මස් කෑමක් ද බුදුදහමේ අනුමත වන්නේ. ඉන්පසු මෙත්‌ත සූත්‍රයට(සුත්‌තනිපාතපාළි – 1. උරගවග්‌ගො –  ඛුද්‌දකනිකායෙ) අනුව-“සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”කියන විට මොන සත්වයා ද අයිති නො වන්නේ.

  • කුසේ සිටින සතුන් ද  ” භූතා වා සම්භවෙසීවා” ( ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද?)
  • ගොවිපල මස් ගැනීම සදහා  සදහා ඇති කරන සතුන් ද? –  යෙ කෙචි පාණ භූතත්ථි , තසා වා ථාවරා වා අනවසෙසා , දීඝා වා යෙ මහන්තා වා , මජ්ඣිමා රස්සඛාණුකථූලා ( කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද?)

කඩේ ශීතකරනයේ තිබෙන සත්ව මලකුනු ද, ඔබගේ ශීතකරනයේ සිටින සත්වයන්ගේ මලකුනු ද? මෙම සූත්‍රයට අනුව අයිති නො වන්නේ ද? සෑම බෞද්ධ ගෙදරකම නිතර දෙවේලේ සජ්ජායනය කරන සූත්‍රයක් වන මේ මෙත්ත සූත්‍රය, ඔබ ඊයේ සජ්ජායනය කර සූත්‍රයට අනුව මෛත්‍රිය වැඩූ සත්වයන් මෙහි නැද්ද? හෙට මැරන්නට පෙල ගස්වා සිටින සත්තු මෙයට අයත් නො වන්නේ ද? මස්මාංශ වෙනුවෙන් ඉපදෙන්න ඉන්න සතුන් මෙහි නැද්ද? ඔබගේ ශීතකරනයේ සිටින්නේ ඔබ මෛත්‍රී වැඩූ සත්වයන් නො වේද? නැවතිලා සිතන්න……බලන්න බෞද්ධයන්ට කැරකිල්ල සෑදි නැද්ද කියා. අවබෝධයෙන් සිතන්න. මෙය ජීවිතයට එකතු කරගන්න. අවිහිංසාව අගය කරන්න. නිර්මාංශී වීමේ සතුට ඔබ විදින්න. සතුනට අභයදානය දී පින් රැස කර සසරෙන් එතෙර වීමට ඒ පින් හේතු කරගන්න.

මහණෙනි! මාගේ දහම ප්‍රඥාවන්තයින්ට පමණය බුදුන්වහන්සේ.

උපුටා ගැනීම – “නිර්මාංශ ප්‍රශ්නයට අභියෝගාත්මක පිළිතුරක් ” නමැති ග්‍රන්ථයෙන්. පූජ්‍යපාද විශ්වකීර්ති සාහිත්‍යශූරී ආචාර්‍ය සිසිලචන්ද්‍ර මෛත්‍රීය හිමිපාණෝ විසින් කළ විග්‍රහය –

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14093

9 comments

1 pings

Skip to comment form

    • shehani on October 26, 2012 at 1:00 pm
    • Reply

    ඔය කතාව තියෙන්නේ විනය පිටකයේ නෙව. එහෙනම් ඔය සාදු ගෙන් අහන්ට ඒ තියන කරුණු බොරුද කියාලා. අනික තමා එහෙමනම් ඔය සාදුට කියන්ට විනය පිටකයක් අලුතින් ලියන්ට කියාලා. අනේ මෙහෙව් අමනොඥ පොරකාස. 

    1. ඔබ ප්‍රථමෙයෙන් සිතන්න ඔබ මස්මාංශ අනුභය කරන කෙනෙක් ද කියා?

      පිලිතුර ඔබ මස්මාංශ අනුභවය කරන්නෙක් නම්, පලමුව ඔබ ඔබගේ දිවෙන් අහන්න එසේ කෑම හරිද? වැරදි ද කියා.මෙම ලිපියට මාංශ සම්බන්ද නිසා මෙය හුදෙක් මස් කන්නන් අතර හැමදාමත් විවාදයට භාජනය වන්නකි. මෙය උත්පලවන්නා රහත් තෙරණිය සම්බන්ද කතාවක් වුවද? මෙම කථාව ධර්මය ගෑවී ඇත්තේ කෙසේ ද? මෙම කතාව නිවන හා සම්බන්ද ධර්ම කොටසක් ද? එම කථාව වෙවැනි විචිත්‍ර ලෙස ධර්මය තුල විග්‍රහ වීම සැකයට භාජනය විය යුත්තක් ම වන්නේ මෙහි මස් කන්නන්හට ගැලවිජ්ජාවක් ලෙසට තමාගේ කුසය සතුන්ගේ මලකුනු තැන්පත් කරන සුසාන භූමියන් වන අතර තවත් අහිංසකයන්ටත් ධාර්මිකව තමන්ගේ කුසවලුත් සූසාන භූමි කර ගැනීමට මග පාදන නිසාය. ධර්මයේ නාමයෙන් අප මස් කමු යන්න ප්‍රචලිත කිරීමයි මෙවැනි කතාවලින් වන්නේ.

      පලමුව තම තමන් තීරණය කළ යුත්තේ මා මේ මස්මාංශ කන ගමන් ද, මස් කෑම සදාරණීකරනයට යන්නේ කියලයි. එම අවස්ථාවේ චේතනාව කුමක් ද යන්න තමන් සිතිය යුතු වේ. මේ මලකුනු ගැන නොවේ ද කථා කරන්නේ? මේ ප්‍රේතකමින් මලකුනු කන්නන් ධර්මයේ මේ කෑමට ඉඩක් නැද්ද? කියන එක සිත තුල තබා ගෙන නොවේ ද කථා කරන්නේ. මස්මාංශ කන බෞද්ධයන් මස්කෑම සදහා ධර්මයේ ඉඩක් පාදා ගැනීමටයි මේ ප්‍රයත්නය දරන්නේ. තමාගේ දිවෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි මෙය. ලෝකයේ නියම යථා ස්වභාවය මැනවින් අවබෝද කරගැනීමට සිතීමේ ස්වභාවය ප්‍රතිපදාව තුලම ස්වයං හික්මීමකින්ම ධර්මතාවයන්ට අනුවම වෙනස් විය යුත්තකී. නමුත් තමා තුල සැගවී ඇති ධර්මතාවය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමට යම් ක්‍රමවේදයක්ම තිබිය යුතු වේ. එය ආරම්භ වන්නේ ද ශීලය තුලින් ම බව තමාම අවබොධ කර ගැනීමයි ඔහුගේ හෝ ඇයගේ ගමනේ ආරම්භයයි. එයයි අඩිතාලම. තන්හාසංඛ්‍යය සූත්‍රයට අනුව ධර්මය පහුරක් කර ගැනීමත් එය කරගහ ගෙන යාම නො කළ යුතු බවත් ඒය තමාටම පලිබෝධයක් වන බවයි බුදුරදුන් පෙන්වා දුන්නේ. බුද්ධ වචනය තිබෙනවා ද? නැද්ද යන්න නොව ගැටලුව. කාලාම සූත්‍රයට අනුව එය විග්‍රහ කර ගැනීමයි අප කළ යුත්තේ.

      දෙවනුව යන්න ඔබගේ ඉහත වාක්‍ය විමර්ශනයට. මෙහි හොදට පැහැදිලිව ලියා තිබෙනවා එය අපගේ විග්‍රහයක් බවට බුද්ධිමතුන්ගේ විමසිල්ල සදහා. එම නිසා ඔබගේ ප්‍රශ්නයට පිලිතුරු ලැබී ඇත.

      දැන් මේ සියල්ල ධර්මයට, විනයට අනුව ගලපා බලන්න. මෙම කථාව ධර්මයේ කොතනක හෝ කථාවන බව ඔබ දන්නවා නොවේ ද? මස්ප්‍රේතයන් තම තමාගේ ප්‍රේත කමට මේවා ප්‍රයෝජනයට ගන්නවා එයට අප විරුද්ධය. අහිංසක බෞද්ධයන්ට මොක ද වෙන්නේ. බලන්න වනිජ්ජා සූත්‍ර වගේ සූත්‍ර ධර්මයේ කොතනක වත් මස්මාංශ අනුභවය අනුමත කර නො මැත. පසු කාලීනව ධර්මයට එකතු වූ ඒවා මිසක්. මෙත්තා සූත්‍රයට අනුව කිසිම කෙනෙකුට මස්මාංශ කෑමට, සහ මස්මාංශ වෙළදාම – වනිජ්ජා සූත්‍රයෙන් ද බුදුරජාණන් වහන්සේ තහනම් කොට අවසානය. සිතන්න්න් හැගීමෙන් නොව බුද්ධියෙන්

      (9) 4. මචලවග්‌ගො – – චතුක්‌කනිපාතපාළි අඞ්‌ගුත්‌තරනිකාය

      1. පාණාතිපාතසුත්‌තං

      81. ‘‘චතූහි , භික්‌ඛවෙ, ධම්‌මෙහි සමන්‌නාගතො යථාභතං නික්‌ඛිත්‌තො එවං නිරයෙ. කතමෙහි චතූහි? පාණාතිපාතී හොති, අදින්‌නාදායී හොති , කාමෙසුමිච්‌ඡාචාරී හොති, මුසාවාදී හොති – ඉමෙහි ඛො, භික්‌ඛවෙ, චතූහි ධම්‌මෙහි සමන්‌නාගතො යථාභතං නික්‌ඛිත්‌තො එවං නිරයෙ.

      ‘‘චතූහි, භික්‌ඛවෙ, ධම්‌මෙහි සමන්‌නාගතො යථාභතං නික්‌ඛිත්‌තො එවං සග්‌ගෙ. කතමෙහි චතූහි? පාණාතිපාතා පටිවිරතො හොති, අදින්‌නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්‌ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති – ඉමෙහි ඛො, භික්‌ඛවෙ, චතූහි ධම්‌මෙහි සමන්‌නාගතො යථාභතං නික්‌ඛිත්‌තො එවං සග්‌ගෙ’’ති. පඨමං.

      4. පාණාතිපාතීසුත්‌තං – (22) 2. පරිසාවග්‌ගො – චතුක්‌කනිපාතපාළි අඞ්‌ගුත්‌තරනිකාය

      214. …පෙ.… පාණාතිපාතී හොති, අදින්‌නාදායී හොති, කාමෙසුමිච්‌ඡාචාරී හොති, මුසාවාදී හොති…පෙ.… පාණාතිපාතා පටිවිරතො හොති, අදින්‌නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්‌ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති. චතුත්‌ථං.

      4. පාණාතිපාතීසුත්‌තං – (23) 3. දුච්‌චරිතවග්‌ගො

      224. … පාණාතිපාතී හොති, අදින්‌නාදායී හොති, කාමෙසුමිච්‌ඡාචාරී හොති, මුසාවාදී හොති…පෙ.… පාණාතිපාතා පටිවිරතො හොති, අදින්‌නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්‌ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති…පෙ.…. චතුත්‌ථං.

      ==================

      (27) 7. කම්‌මපථවග්‌ගො –

      1. පාණාතිපාතීසුත්‌තං

      264. ‘‘චතූහි , භික්‌ඛවෙ, ධම්‌මෙහි සමන්‌නාගතො යථාභතං නික්‌ඛිත්‌තො එවං නිරයෙ. කතමෙහි චතූහි? අත්‌තනා ච පාණාතිපාතී හොති, පරඤ්‌ච පාණාතිපාතෙ සමාදපෙති, පාණාතිපාතෙ ච සමනුඤ්‌ඤො හොති, පාණාතිපාතස්‌ස ච වණ්‌ණං භාසති – ඉමෙහි ඛො, භික්‌ඛවෙ, චතූහි ධම්‌මෙහි සමන්‌නාගතො යථාභතං නික්‌ඛිත්‌තො

      කවදද? මිනිසුනේ මේ සතුන්ගේ මස් කාලා අප මැරෙන අවස්ථාවේ කෙසේ සුගතියේ යන්න ද? මෙය පලවෙනි පන්සිල් පදය පහත සූත්‍රයට අනුව විග්‍රහ කර බලන්න.1. පාණාතිපාතීසුත්‌තං – (27) 7. කම්‌මපථවග්‌ගො – චතුක්‌කනිපාතපාළි – අඞ්‌ගුත්‌තරනිකාය තෙමේත් ප්‍
      රාණඝාත් කරයි, අන්‍යන්ද ප්‍රාණගාතයට සම්මාදම් කරවයි, අනුන් කරන ප්‍රාණඝාතයට එකඟ වෙයි, අනුදනී ප්‍රාණගාතය පිළිබඳ ගුණ කියන්නෙක් වෙයි..—- ‘‘චතූහි , භික්‌ඛවෙ, ධම්‌මෙහි සමන්‌නාගතො යථාභතං නික්‌ඛිත්‌තො එවං නිරයෙ. කතමෙහි චතූහි? අත්‌තනා ච පාණාතිපාතී හොති, පරඤ්‌ච පාණාතිපාතෙ සමාදපෙති, පාණාතිපාතෙ ච සමනුඤ්‌ඤො හොති, පාණාතිපාතස්‌ස ච වණ්‌ණං භාසති – ඉමෙහි ඛො, භික්‌ඛවෙ, චතූහි ධම්‌මෙහි සමන්‌නාගතො යථාභතං නික්‌ඛිත්‌තො

    • gamini jayawardena on October 30, 2012 at 6:38 pm
    • Reply

    මාංස ප්‍රශ්නයක් කෙතරම් දුරදිග යනවාද කියතොත්, මේ වන විට ත්‍රිපිටකයේ අඩංගු ධර්ම, සූත්‍ර සහ විනය කරුණු කාරණාවල සතයතාවය පවා අභියෝගයට ලක් වෙමින් පවතී. එනම් බුදුරජානණ්වහන්සේ ශ්රී මුඛයෙන් ප්රකාශිත, මුල මැද අග පිරිසිඳු ශ්රී සද්ධර්මය විකුර්ති කර හුදු පෞද්ගලික අභිප්‍රායන් සහ උවමනාවන් ඉටු කර ගැනීමේ අභිලාෂයෙන් ඒ ඒ කාලවල ථෙරවාදී තිරිපිටකය සංසෝදනයට ලක්වී ඇතිබවයි. මෙම සංශෝදනයන්ගේ ප්‍රමාණය කොතෙක්දැයි දැන් අපට ඇති ප්‍රශ්නයයි. අභිධර්ම පිටකය බුදුන් දෙසූ දහමට අදාළ නැතැයි නගන චෝදනාවද මේ අනුව සත්‍ය විය හැකි නොවේද? අනෙක් අතට මුළු ත්‍රිපිටකයම බුදුන් දෙසූ ශ්‍රී සද්දර්මය නොවේ යනුවෙන් තවෙකෙකුට තර්ක කල හැක. මහායාන ධර්මය බුදුන් දෙසූ ශ්‍රී සද්දර්මයයයි තවෙක්ව්කු තර්ක කරනු ඇත. ඔවුන්ට ඒ සඳහා ඉතා බලවත් සාදක ඇත. මහායාන බුදු දහමට අනුව සත්ව මස් අනුභවය පාපයක් බවත්, දෙවියන්ගේ සහ මිනිසුන්ගේ පිළිකුලටත්, තිරිසනුන්ගේ ප්‍රහරයටත් ලක්වෙන බවත් ලිකිත සූත්‍ර වල දැක්වේ. අහෝ! අපව මේ රැගෙන යමින් සිටිනුයේ කොතැනකටද?
    මා නැවත මෙම වටිනා වෙබ් අඩවියේ මගේ අදහස් ප්‍රකාශ නොකිරීමට ගත තීරණය, වෙනස් කිරීම ගැන මට කමා කරන්න. බුදුන් දෙසූ ධර්මය ගැන කතා කරන සැම මොහොතකම නිහඬව සිටීම මට කල හැක්කක් නොවේ. මෙය පල කිරීම හෝ නොකිරීම ඔබසතු අඉතියකි. නමුත් බුදුන් දෙසු ධර්මය අභියෝගයට ලක්වෙන මොහොතක එහි ඇති බැරෑරුම් කම පෙන්වාදීමයි මගේ හුදු ප්‍රයත්නය.

    1. ගාමිණි මහතානෙණි,

      මෙසේ වාද වෙන්න වෙන්න බුදුදහම තව තවත් බබලනවා. එයයි මෙහි ඇති හාස්කම.බුදුරජාණන් වහන්සේ දේශාන කොට වඳාළ අසූහාරදහස් ධර්මස්කන්ධයම නිවන් අරමුණු කොට දේශනාකොට වඳාළ ධර්ම කොටස්. එහිදී අවසානයේ ඔය මස් කන අයත් තමතමා ධර්ම මාර්ගයේ ගමන් කිරීමේ දී මෙයින් වැලකෙනවා. මේ නිතරම මස්මාංශ කෑම සාදාරණීකරනය කරන්නේ, ත්‍රිපිටකයේ මෙතන තිබෙනවා, අතන තිබෙනවා කියා තර්ක කරන්නේ දාන, ශීල, භාවනා යන තුන් මාර්ගයේ සිට නොවේ. වැඩි දෙනෙක් “දාන” යන ස්ථානයේ පමණයි. ඒ අතරේම මස්මාංශ නොකන නමුත් මේ කුමන මාර්ගයකටවත් නොමැති අයත් අප අතරේ සිටිනවා.

      ඕක තමයි මනුස්ස ජීවිත වල ස්වාභාවය. යම් පුද්ගලයෙන් දානයෙන් පටන් ගෙන ශීලය දියුණු කරගෙන භාවනා මාර්ගයට වැටුනු පසු භාවනාවට පලිබෝධ වන මේ රස්තෘෂ්ණාව අධික මාංශ ආහාරයෙන් මිදෙනවා. මේ බුදුදහම යනු හේතුඵල දහමක් හේතුව බිදෙන විට ඵලයක් නැති වෙනවා. පංසිල් වල පලමුවෙනි සික්ඛාපදය වන “පානාතිපාතා” සතුන් මැරීම තහනම් කරනවා. පසුව සම්මා ආජීව යටතේ මාංශ වෙළදාම තහනම් වෙනවා වනිජ්ජා සූත්‍රයෙන් – වණිජ්‌ජාසුත්‌තං, උපාසකවග්‌ගො, පඤ්‌චකනිපාත -අඞ්‌ගුත්‌තරනිකාය – නැවත මෙම සූත්රජයේ http://assets4.dhammikaweb.com/uploads/2012/07/Vanijja_Sutta_AnguttraNikaya03_Page338_to_339_pdf359.pdf1_.pdf දැන් බලන්න මරන්න බැහැ, විකුනන්න බැහැ…එහෙනම් කන්නේ කොහොමද????? මොකද නමට බෞද්ධයන් සතුන් මරන්නේ නැහැනේ. අනේ මේ අවනඩුව කාට කියන්න ද? බලන්න අපගේ බෞද්ධයන්ට කැරකිලා හැදිලා නොවේ ද?

      තවත් වැදගත් කරුණ වන්නේ මෙත්තා සූත්‍රය එයත් විග්‍රහ කරන්නේ නම්, මෙම සූත්‍රය සජ්ජායනය කරන්නෙකුට, පවුලකට මස්මාංශ කන්න ඉඩක් තිබේ ද? අප මෙය සිතිය යුතුව ඇත.

      සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා(සියලු සත්වයෝ සුවපත් වෙත්වා) ලෙස දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ මේ අපරාධ අනුමත කරයි ද? බුද්ධිමතුනේ, මෙම ප්රීශ්නය ඔබට විසදා ගැනීම පිණිසයි! සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා! …. සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !

      දිට්ඨිං ච අනුපගම්ම සීලවා
      දස්සනේන සම්පන්නො
      කාමෙසු විනෙය්යන ගෙධං
      නහිජාතු ගබ්භසෙය්යං පුනරෙතීති

      මේ පින් සියළු සත්වයෝ ද! සියළු දෙවියෝ ද අනුමෝදන් වෙත් වා! සාදු! සාදු! සාදු!

  1. Harshitha……….නවත්වන්න ඔය යන ගමන මොහොතකට…දැන් සිතන්න මෙය

    කෙටි පිලිතුරක් ඔබට දීමට හැක. ඔච්චර දුරට යන්න ඕනේ නැහැ.

    ඔබ දන්නව බුදුදහම යනු තෘෂ්ණාව නසා ගෙන යන මාර්ගයක් බව

    මා ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම් එයට පිලිතුරු ඔබගේ සිතෙන් අහන්න. මොකද මේ 84,000ක් ධර්මස්කන්ධය තුල තිබෙන්නේ සිතක් එක්ක ගනුදෙනු කිරීමයි..

    ඔබ මස්මාංශ අනුභවය කරන්නෙක් ද? පිලිතුර ඔව් නම්

    ඔබගේ දිවෙන් අහන්න ඇයි ඔබ මස් කන්නේ කියා………..

    පිලිතුරු ඔබගේ උත්තරය මත ඇත.

  2. අප මස් මාංශ ආහාරයට ගන්නෙ රස තෘෂ්ණාව නිසා..ඒ බව මම පිලිගන්නවා. නමුත් මාංශ ආහාරය වැරදි යයි කීමට එය පිළිතුරක් නොවෙයි.  අප සම්පුර්ණයෙන්ම ශාකමය ආහාර වේලක් ගත්තා යැයි කියමු..අප එම ආහාර වේල ගන්නේ රස තෘෂ්ණාවෙන් නොවෙයිද ? ඔබ වෙළඳ සැලට ගොස් එළවලු,පළතුරු රැගෙන එන්නේ රස තෘෂ්ණාවෙන් නොවෙයිද ? ඇතැම් විට ඔබතුමා කියන්න පුළුවන් එය රස තෘෂ්ණාව නොවෙයි, ජීවිතය රැක ගැනීම සඳහා ආහාර ගන්නවා කියල..නමුත් එයත් රස තෘෂ්ණාවමයි. ජීවිතය රැක ගැනීම සඳහා පමණක් ආහාර ගන්නවානම් ගන්න ඕන කොහොමද කියල බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියනවා.. මම හිතන්නෙ එය ඔබතුමා දන්නව ඇති..(කාන්තාරයේ යන දෙමවුපියන් දෙදෙනෙක් තම දරුවා කුසගින්නේ මිය ගිය විට වෙන ආහාරයට ගැනීමට කිසිවක් නොමැති නිසා පිළිකුලෙන් යුතුව වුවද දරුවාගේ මාංශ ආහාරයට ගන්නවා වගේ..) එතැනදී එම දෙමාපියන් ආහාර ගන්නේ ජීවත් වීම සඳහා පමණමයි..ජීවත් වීම සඳහා පමණක් ආහාර ගන්නවා නම්, කෑම වේල දෙස එවැනි පිළිකුලෙන් බලා, පිළිකුල් වුවත්  දිවි රැක ගැනීම සඳහා පමණක් මෙය ආහාරයට ගනිමියි සිතා අනුභව කල යුතුයි. අප කවුරුවත් ආහාර ගන්නේ එවැනි පිළිකුලකින් යුතුව නොවෙයි නේද? එනම් අප හැමදෙනා තුලම රස තෘෂ්ණාව තිබෙනවා..
     එමනිසා රස තෘෂ්ණාව මාංශ අනුභවය වැරදි යයි කීමට කාරණයක් නොවෙයි නේද? මාංශ අනුභවය රස තෘෂ්ණාව නිසා සිදු වන අකුසලයක් වන්නේ මාංශ පිලිබඳ අධික ලොභයකින්,කෑදර කමකින් පරිභෝජනය කලොත් විතරයි. පළතුරු එළවලු බුදින්නෙක් වුවද ඒවා කෑදර කමින් පරිභෝග කරයිනම් නම් සිදු වන්නේ සිත කිලිටි වීමයි. එමනිසා ඔබතුමා කියන තෘෂ්ණාව පිලිබඳ කාරණය මාංශ වලට පමණක් අදාළ දෙයක් නොවෙයි. 

    1. පොඩ්ඩක් සිතන්න බුදුහාමුදුරුවන් දේශනා කොට වඳාළේ නිවනට අරමුණු වන දේශනාවල්..කුමන ධර්මයක් දේශනා කළ ද එය නිවන් අරමුණුනට දාලයි අවසන් කර ඇත්තේ. ඉතින් පොඩ්ඩක් සිතන්න ඔබ මේ මස්මාංශ කථාවල් මෙයට එකතු වූයේ කෙසේ ද? කියා. ධර්මය ග්‍රන්ථාරූඩ කලේ කවදා ද?

      මේ ධර්මය දාන, ශීල, භාවනා මාර්ගය බවත් වැඩිහරියක් බෞද්ධයන් මේ දානය කියන තැන නැවතී ඇති බවත්, ආමිසය මිස මාර්ගයේ තවදුරටත් ඇති ශීල, භාවනා මාර්ගයට නො යෑම මත මේ මස්මාංශ තෘෂ්ණාවට ධර්මයේ ඉඩක් සොයමින් තමනුත් මස් කමින්, අනෙක් අයටත් මස්කෑම ධර්මානුකූල බව හඟවමින් මනුශ්‍ය භවයක ඇති වටිනාකම නො දැන නිවන තමාගෙන් තව තවත් දුරස් කර ගනිමින් සිටී.

      මස්මාංශ ප්‍රේතකමින් අනුභවය කරමින් මෙයට ධර්මයේ ඉඩක් සෙවීමෙන් පලක් නැති බවත්, අඩු වශයෙන් නොකා සිටීමට නො හැකිනම් දින කීපයක් හෝ නවතා මේ ගැන සිතන්න. එතකොට ඔබට ඔබගේ මස්මාංශ වලට තිබෙන ගිජුමක, එලවළු කෑමට ඔබ කියනා රසතෘෂ්ණාව සමග සංසන්ධනය කර බලා ගත හැකිය.

      ඔබ එලවළු කෑම ශරීරයට අගුනයි, ශරීරය ලෙඩ කරන බව අසා ඇති ද? එදා බුදුහාමුදුරුවන් මිනිසුන් මස්මාංශ කන්න පටන් ගත් දවසේ සිට ලෙඩ 98 ක් මිනිසුන්ට හැදෙන්න පටන් ගත් බවත්, නවීන විද්‍යාවෙන් දැන් මේ මස්මාංශ කෑම ලෙඩ වලට මූලික කාරණයක් වන බවත් හොයාගෙන ඇත. ඉතින් ඔබ මේ එලවළු රසතෘෂ්ණාවෙන් කෑම මේ මස් මාංශ සමඟ සාදාරණීකරනය කරන්නේ කුමන පදනමක සිට ද?…ප්‍රේත්කම වැඩි නිසා මස් කෑමෙන් ලෙඩ කරන බව දැන දැන කනවා…..එලවළු වලින් ශරීර සෞඛ්‍යය රැකෙන බව දැන කෑමේ ඇති වෙනස හඳුනා ගැනීමට ඔබට ප්‍රඥාව පහල වේවා…තෘෂ්ණාව ප්‍රහානය වන්නේ රහත් වූ විට බව ඔබ දන්නවා නේ ද? ඉතින් සිතන්න….

      මෙන්න ඔබලා සාදාරණීකරනයට භාජනය කරන සූත්‍ර ගැන විග්‍රහයක්

      ආමගන්ධී සූත්‍රය – කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලිහිණි මස් සමග ඇල් හාලේ බත් වැළදූ බව කියැවෙයි. මෙතනදී ලිහිණියන් ශරීර බුදුපියාණන් වෙනුවෙන් දන්දුන් බවක් නොකියවේ. ලිහිණියන් යනු ඉතා ලස්සන හා අහිංසක කිසිදු හිරිහැරයක් කාහටවත් නැති තම දරුපැටවුන් සමග අහිංසකව අහසේ රෑන් පිටින් ලස්සන රටාවකට ඉගිලෙන පක්ෂී කොට්ඨාශයකී. අහසේ කෑම නැත. අහසේ වතුර නැත. ඒ සියල්ල ලැබීමට උන්ට බිමට ඒමට සිදුවේ. ඉන්නෙ අධික භීතියෙනි.

      පොලොවේ පවතින ආකර්ෂණ ශක්තියට එරෙහිව පියාඹන ලිහිණි ආදී සියලුම පක්ෂීන් නිතර සිටින්නේ කුසගින්නෙනි. මියගිය පක්ෂියෙකුගේ තටු නිකමට ගලවා බලන්න මස් කළදක්වත් නැත.ඇත්තේ ඇටකටු “සෙට්” එකකී. ලිහිණියන් යනුද මෙවන් සදහටම කුසගින්නේ සිටින අන්ත අසරණ පක්ෂී කොට්ඨාශයකි. සිය ශරීර බුදුන්ට දන් නොදුන් මෙම අසරණයින්ව ඝාතනයට පොළොවට ගන්නට ඇත්තේ ඉතාමත් රැවටීමකට පත්කිරීමෙන් විය යුතු ය. කැමති කෑම ආදිය පොළොවේ අතුරා සැඟවී සිට දැල්දමා විය යුතු ය.

      මොවුන්ගේ මස් එක් අයෙකුට අන්භව කිරීමට අවම තරමින් ලිහිණියන් සියයක්වත් මැරිය යුතු ය. කිසිවකුට කිසි කලක අබමල් රේණුවක වරදක් නොකළ මෙම පක්ෂින්ට වධ දී, අතපය සිඳ මරා, ඇල්හාලේ බත් සමග වැළදීමට කාශ‍යප බුදුරදුන් පෙලඹුනා යැයි පැවසීම ඇදහිය නො හැකි කරුණකී. බුද්ධ අපහාසයකී! බුද්ධ අපරාධයකි.අඳෝමැයි! මෙවන් අපහාස අනන්තරීය ගෙවිය නොහැකි පාපකර්මයන් සේ සලකත්වා!!!! ඉහත ආකාරය මේ සතුන් රවටා අල්වා ගෙන මැරුවේ නැත්නම් අද වගේ කුකුල්, හරක් වැනි ගොවිපලවල් වගේ එදාත් ලිහිණි මස්ම දන් දීමට ලිහිණි ගොවිපලවල් පවත්වන්නට ඇත. කොයි වල යන්න ද? මෙවන් බුද්ධෝප්වාද බුද්ධාපරාධ කළවුන් කොයිසක්වල යන්න ද? – උපුටා ගැනීම පූජ්‍ය සිසිලචන්ද්‍ර මයිත්‍රී හිමිපාණෝ විසින් රචිත නිර්මාංශ ප්‍රශ්නයට අභියෝගාත්මක පිළිතුරක් යන ග්‍රථයෙන්

      මෙන්න එම සූත්‍රය පිටපත් කරගත් වෙබ් පිටුව

      http://assets4.dhammikaweb.com/uploads/2012/09/AamagandhaSutta_SuttaNipatha_KuddakaNikaya_SuttaPitaka.pdf

      මෙවන් බුද්ධෝප්වාද බුද්ධාපරාධ කළවුන් කොයිසක්වල යන්න ද? බුද්ධිමතුනේ අවබෝධය පිණිසයි.

      සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා(සියලු සත්වයෝ සුවපත් වෙත්වා) ලෙස දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ මේ අපරාධ අනුමත කරයි ද? බුද්ධිමතුනේ, මෙම ප්‍රශ්නය ඔබට විසදා ගැනීම පිණිසයි! සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා! …. සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !

      දිට්ඨිං ච අනුපගම්ම සීලවා

      දස්සනේන සම්පන්නො

      කාමෙසු විනෙය්යන ගෙධං

      නහිජාතු ගබ්භසෙය්යං පුනරෙතීති

      මේ පින් සියළු සත්වයෝ ද! සියළු දෙවියෝ ද අනුමෝදන් වෙත් වා! සාදු! සාදු! සාදු!

      ——————————————————-

      දේවදත ඉල්ලූ වර පහ – බුද්ධිමතුන්ගේ විමසුන් ඇසින් බැලීම පිණිසයි! දේවදත්ත තරුණ වියේ සිට දුනු හී වලින් විද පක්ෂීන් ඝාතනය කර අනුභවය කළ පුද්ගලයෙකි. සිදුහත් කුමරු එක් අවස්ථාවකදී පක්ෂියකු ගෙනවිත් සාත්තු කර උගේ ජීවිතය ගලවා ගෙන ඇත. එයට උරන වූ දේවදත්ත අධිකරනයෙන් යුක්තිය ඉල්ලූ විට අධිකරනයේ තීන්දුව වූයේ මැරීමට සැරසුණු පුද්ගලයාට වඩා ජීවිතය රැකදුන් පුද්ගලයාට එම පක්ෂියා අයිති බවයි. දේවදත්ත වයිරය තවතවත් රුදුරු අතට හැරිමට එයද බලපෑ ප්‍රධාන කරුණක් විය.

      – බුද්ධිමතුන්ගේ විමසුන් ඇසින් බැලීම පිණිසයි!

      මස්මාංශ කමින්, බුදුරජාණන් වහන්සේ මස්මාංශ කෑම අනුමත කළ ඇති බව ත්‍රිපිටකය වැරදි කොනින් ගෙන, එහි කොටස් පරිඝනක මැජික්කාරයන් සේ අහිංසක මිනිසුන් ඉදිරියේ පෙන්වා විජ්ජාවෙන් තම තමන්ගේ මස් ප්‍රේතකම සාදාරණීකරනයට ගෙන, බෞද්ධයන් තව තවත් මස්මාංශ කෑමට පොලබවින් රට පුරා ධර්මදේශනා පවත්වන මිත්‍යාදෘෂ්ඨිකයන් භාවිතයට ගන්න එක කරුණක් වූ දේවදත ඉල්ලූ වර පහ – පූජ්‍යපාද විශ්වකීර්ති සාහිත්‍යශූරී ආචාර්‍ය සිසිලචන්ද්‍ර මෛත්‍රීය හිමිපාණෝ විසින් කළ විග්‍රහය – නිර්මාංශ ප්‍රශ්නයට අභියෝගාත්මක පිළිතුරක් නමැති ග්‍රන්ථයෙන්.

      බුද්ධ චරිතයේ මෙවන් සිදුවීම් කොතෙකුත් ඇත. නමුත් මස්කන්නන් නිතර සාදාරණීකරනයට ගන්නේ මෙම වර පහෙන් පස්වෙනි වරය ගැන පමණී.ඉතිරි හතර මොනවාදැයි දැවත් සොයා බලන්න. දේවදත්ත ඉල්ලා සිටියේ ද පස්වැන්න පමණක් වෙනම නොව ශික්ෂා පද පහම එකවර පනවන ලෙසය.

      දේවදත්තගේ ඉල්ලු අවසාන ශික්ෂා පදය පමණක් ගෙන තර්ක විතර්ක ඉදිරිපත් කරන තෘෂ්ණාභරිතයනට දිය හැකි එකම අවවාදය දේවදත්ත බුදුපියාණන් වහන්සේගෙන් පැනවීමට ඉල්ලා සිටි අනෙක් ශික්ෂාපද සතර මොනවාදැයි සොයා බැලීමය.

      දේවදත්ත තරුණ වියේ සිට දුනු හී වලින් විද පක්ෂීන් ඝාතනය කර අනුභවය කළ පුද්ගලයෙකි. සිදුහත් කුමරු එක් අවස්ථාවකදී පක්ෂියකු ගෙනවිත් සාත්තු කර උගේ ජීවිතය ගලවා ගෙන ඇත. එයට උරන වූ දේවදත්ත අධිකරනයෙන් යුක්තිය ඉල්ලූ විට අධිකරනයේ තීන්දුව වූයේ මැරීමට සැරසුණු පුද්ගලයාට වඩා ජීවිතය රැකදුන් පුද්ගලයාට එම පක්ෂියා අයිති බවයි. දේවදත්ත වයිරය තවතවත් රුදුරු අතට හැරිමට එයද බලපෑ ප්‍රධාන කරුණක් විය.

      බුදුරදුන්ගේ සංසාරික වෛරක්කාරයා තමන් වහන්සේව ශරීරයෙන් නසාලීමට නොයෙක්වර තැත්කර එය කළ නොහැකිවූ නිසා ධර්මය හෝ නසාලීමට ඉදිරිපත් කළ ශික්ෂාපද පහම විග්‍රහ කර බලන්න. ඒවා පැණවූවා නම් එදින පටන් බුද්ධ ධර්මය විනාශයට පත්වනු වැලැක්වීමට කිසිවෙකුට අපහසු වනු ඇත. එනම් එම සිල්පද ආපසු අත්ථකිලමතානුයෝගයට සම්පූර්ණ අතවැනීමක් වන නිසාත් භික්ෂු ශාසනය නැත්තට නැතිවන නිසාත් ය.එනම් කිසිම පැවිද්දෙක් එදිනට පසු බුදුසසුන තුල රැදී නොසිටන නිසාත් ය. එසේම සිපද පහම පැනවීමට කීවා මිස එකක් පැනවීමක් දේවදත්ත ප්‍රකාශ නො කළේය.

      එම සිල්පද පහෙන් මුල් හතරම අත්තකිලමතානුයෝගයන්ය. පස්වැනි සිල්පදය විශේෂයෙන් පැනවීමට කිසිදු හේතුවක් නැත. එය පංච ශීලයේ ප්‍රථම සහ දෙවන පිල්පදයේම ඇත. එසේම උතුම් කරණීය මෙත්ත සූත්‍රයේමද ඇත.

      බුදුරදුන් තුන්කල් පෙනෙන නුවණැතියෙකු හෙයින් මෙම සංසාරික දුෂ්ටයා එන්නේ කුමකටදැයි දකින්නට ඇත. ඒනිසා උන්වහන්සේ නිශ්ෂබ්දව තුෂ්නිම්භූතව මෙම අවස්ථාවේ වැඩ සිටියා විනා කිසිවක් ශ්‍රී මුවින් වදාලේ නැත. බුදුවරුන්ගේ චර්යාව අනවශ්‍ය තැනදී කථා නොකර නිශ්ෂබ්දව සිටීමයි.

      නොකෙරෙන දෙයක් ගැන කිය කියා සිටි දේවදත්ත වෙහෙසට පත්වී නොබෝ වේලාවකින් යන්නට ගියේය. එය ඔහුගේ අවසන් බුදු දැක්මයි. පසුකාලෙක තෘෂ්ණාවෙන් පිරි ඇතැම්හු කියා ඇත්තේ කැමති අය එකී ශික්ෂාපද අනුව කටයුතු කලදෙන් අකමැති අය නොකලදෙන් යැයි බුදුරජාණන් වහන්සේ වදාළ බවයි. මෙවන් වදන් දී කිරට බළලුත් ශාක්ෂි දීම වැනිය.

      මෛත්‍රී කරන්නාගේ ගුණාංග දහහතරෙන් දෙවෙනි, තුන්වෙනි ගුණාංග වන්නේ (කරණීය මෙත්ත සූත්‍රය පරිදි ) උජූත සූජූත වශයෙනි. එනම් මෛත්‍රී කරන්නා සෘජු සහ වඩාත් සෘජු වූ පුද්ගලයෙක් වශයෙනි. මෙවන් මහා පුරුෂයෙකු වැනෙන සුලු වචන දේවදත්තට පැවසුවා නම් එය උන්වහන්සෙගේම දහම උන්වහන්සේම පැහැර හැරීමකි. බුදුදහම සියුම්ව විග්‍රහකරගත යුතු අවස්ථාවකි මෙය. – උපුටා ගැනීම පූජ්‍ය සිසිලචන්ද්‍ර මයිත්‍රී හිමිපාණෝ විසින් රචිත නිර්මාංශ ප්‍රශ්නයට අභියෝගාත්මක පිළිතුරක් යන ග්‍රථයෙන්

      මහණෙනි! මාගේ දහම ප්‍රඥාවන්තයින්ට පමණය – බුදුන්වහන්සේ.

      ———————————————

      මේ උදාහරන දෙක ඇති නේද දැනට ඔබට……….

    • sisira sampathj on May 11, 2013 at 8:09 pm
    • Reply

    aththatama mema web pituwa gana mama sathutu wemi.meya aithi mahathata mama niduk nirogi suwaya prarthana karami.theruwan saranai.

    • kelum on June 17, 2013 at 6:04 pm
    • Reply

    උපුටා ගැනීම – “නිර්මාංශ ප්‍රශ්නයට අභියෝගාත්මක පිළිතුරක් ” නමැති ග්‍රන්ථයෙන්. පූජ්‍යපාද විශ්වකීර්ති සාහිත්‍යශූරී ආචාර්‍ය සිසිලචන්ද්‍ර මෛත්‍රීය හිමිපාණෝ විසින් කළ විග්‍රහය –
     mema potha laba gatha haki ho mema pothe soft copy ekak labagatha hAki aakarayak kiyanna. bohoma pin. 

  1. […] උත්පලවන්නා රහත් තෙරණියට පූජා කළ සොර වැද්දාගේ අමු මාංශ දානය;-උත්පලවන්නා රහත් තෙරණිය සම්බන්ද  මෙම කථාව ධර්මය ගෑවී ඇත්තේ කෙසේ ද? මෙම කතාව නිවන හා සම්බන්ද ධර්ම කොටසක් ද? එම කථාව වෙවැනි විචිත්‍ර ලෙස ධර්මය තුල විග්‍රහ වීම සැකයට භාජනය විය යුත්තක් ම වන්නේ…..තවදුරටත් කියවන්න […]

Leave a Reply