Verasutta – 18.Upāsakavagga, 5 Pañcaka Nipāta Pāḷi, Aṅguttara Nikāya

වෙරසුත්තං. – පඤ්චකනිපාතපාළි » (18) 3. උපාසකවග්ගො » අඞ්ගුත්තරනිකාය.

මෙන්න පංචසීලය නොරකින්නා ට වෙන දේ බුද්ධ වචනය ට අනුව

…..‘පඤ්ච, ගහපති, භයානි වෙරානි අප්පහාය ‘දුස්සීලො’ ඉති වුච්චති, නිරයඤ්ච උපපජ්ජති. කතමානි පඤ්ච? පාණාතිපාතං, අදින්නාදානං, කාමෙසුමිච්ඡාචාරං, මුසාවාදං, සුරාමෙරයමජ්ජපමාදට්ඨානං – ඉමානි ඛො, ගහපති, පඤ්ච භයානි වෙරානි අප්පහාය ‘දුස්සීලො’ ඉති වුච්චති, නිරයඤ්ච උපපජ්ජති.

(ගෘහපතිය, වෛරවූ හෙවත් අකුශල්වූ භය පසක් දුරු නොකොට සිටියේ දුශ්ශීලයායයිද කියනු ලැබේ. නරකයෙහිද උපදී.’’කවර පසකින්ද යත්? ප්‍රාණඝාත කරන්නේ වේද, අදත්තාදානය කරන්නේ වේද, කාමමිත්‍ථ්‍යාචාරය ඇත්තේ වේද, මුසාවාද ඇත්තේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වේද යන පසිනි. ’’ගෘහපතිය, වෛරවූ හෙවත් අකුශල්වූ භය පසක් දුරු නොකොට සිටියේ දුශ්ශීලයායයිද කියනු ලැබේ. නරකයෙහිද උපදී.)

’ලෝකයෙහි යමෙක් තෙම ප්‍රාණඝාත කෙරේද, මුසාවාදය කියාද, නුදුන් දෙය ගනීද, අන් අඹුවන් කරා යේද, ’’යම් මනුෂ්‍යයෙක් තෙම රහමෙර පානයෙහි යෙදේද, මේ අකුශල් පස දුරු නොකොට සිටියේ දුශ්ශීලයායයි කියනු ලැබේ. ඒ දුෂ්ප්‍රාඥ තෙම ශරීරයාගේ බිඳීමෙන් පසු නරකයෙහි උපදී.
’ලෝකයෙහි යමෙක් තෙම ප්‍රාණඝාත නොකෙරේද, මුසාවාද නොකියාද, නුදුන් දෙය නොගණීද, අන් අඹුවන් කරා නොයේද. ’’යම් මනුෂ්‍යයෙක් තෙම රහමෙර පානයෙහි නොයෙදේද, යන මේ අකුසල්වූ වෛර පස දුරුකොට සිටියේ සිල්වත්යයිද කියනු ලැබේ. ඒ නුවණ ඇති තැනැත්තේ ශරීරයාගේ බිඳීමෙන් පසු සුගතියෙහි උපදීය’’ යි වදාළ සේක.

 

සම්පූර්ණ සූත්‍රය ම කියවීමට  

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21354

1 pings

  1. […] නම් පන්සිල් රකින්න කියලයි ( උදා;- වෙරසුත්තං. – පඤ්චකනිපාතපාළි » (18) 3. උපාසකවග්ගො » […]

Leave a Reply