Tālapuṭa Sutta – 4. Saḷāyatana Vagga, Gāmaṇī Saɱyutta, Saɱyutta Nikāya

රංගන ශිල්පීන් මරණෙන් පසු පහාස නිරයේ හෝ තිරිසන් භවයක අනිවාර්යෙන් උපදින බව බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ බවක් මුහුණු පොතේ දුටුවෙමු

ඔවුනගේ එම සාදාරණීකරනයට තාලපුට සූත්‍රය පෙන්වා දී තිබෙන නිසා සත්‍ය වශයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ රංග ශිල්පීන් මරණෙන් පසු පහාස නිරයේ හෝ තිරිසන් භවයක අනිවාර්යෙන් උපදින බවට ස්ථීර කොට වදාළ බවට මෙම සූත්‍රයේ සඳහන් ද ???? කියා අවබෝධයෙන් විමසනු වටී.  ප්‍රශ්නය වී ඇත්තේ මහරුන් මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්ම විග්‍රහයේ ගැඹුරුත්වයේ සරලත්වය හඳුනා නොගැනීම මත, මතුපිටෙන් පෙනෙන්නට තිබෙන අදහස පමණක් ගෙන තමන් දරන මතයන් ස්ථීර කරන්නට දරණ අසාර්ථක වෑයමයි. මේ මතයන් නිසා බුද්ධ වචනය වැරදි ලෙස සමාජගත වීම වැලැක්වීම උදෙසා. මෙම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අවධාරණය කර ඇති ධර්ම කොටස් කීපයක් පමණක් ඔබ හමුවේ සදහන් කරන්නේ බුද්ධ වචනයේ ආශ්චර්‍ය, අකාලිඛ ගුණය සහ ගැඹුරුත්වයේ සරලත්වය පෙන්වා දීමටයි. අපගේ සටහන අවසන්. 

අපගේ සටහන:-මෙම සූත්‍රයේ දී ගාමිණි ඇසූ ප්‍රශ්නය තුන් සැරයක් ඇසුවත් බුදුරජාණන් වහන්සේ උත්තර නොදී “ගාමිණි කම්නැත මෙය තිබේවා” ලෙස වදාළේ කුමක් නිසා ද? ..…….විමසනු වටී. 

මේ සූත්‍රය වැරදි කොනෙන් අල්ලාගෙන සිටින අයගෙන් අප මෙසේ විමසුවහොත්, ඇයි මෙහිදී බුදුරජාණන් වහන්සේ කෙලින් ම වදාළේ නැත්තේ රංගන ශිල්පීන් මරණෙන් පසු පහාස නිරයේ හෝ තිරිසන් භවයක පායාසේ නිරයේ අනිවාර්යෙන් උපදී කියා. උන්වහන්සේ දේශනා කොට වදාළේ  ” ගාමණිය, පූර්වයෙහි රාගය පහනොකළ රාගයෙන් බැඳුණ සත්වයෝ වෙත්ද, ඔවුන්හට නළුවා රඟ මැද නෘත්‍ය මැද ඇලීම පිණිස පවත්නාවූ යමක් වෙයි නම් එය බොහෝ සෙයින් දක්වත්. හෙතෙම තමන් මත් ප්‍රමාදව අන්‍යයන් මත්කොට ප්‍රමාදකොට ශරීරයේ බිඳීමෙන් මරණින් මතු පහාස නම් නිරයක් වේද, එහි උපදියි ලෙසයි වදාළේ

අපගේ සටහන;- මේ නළුවා රාගයෙන් බැඳුණ සත්වයෝ, රඟ මැද නෘත්‍ය මැද** “නො ඇලීම”** පිණිස පවත්නාවූ යමක් වෙයි නම් එය බොහෝ සෙයින් දක්වත් නම් මේ නළුවා මරණෙන් පසු පහාස නිරයේ හෝ තිරිසන් භවයක ට යයි ද? නැත ..විමසනු වටී. අපගේ සටහන අවසන්.

ඒ අතරේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට වාදාළ ධර්ම කොටසත් අවබෝධයෙන් කියවීම වටී. අපගේ සටහන අවසන්.  ” පුබ්බෙ ඛො, ගාමණි, සත්තා අවීතරාගා රාගබන්ධනබද්ධා. තෙසං නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ යෙ ධම්මා රජනීයා තෙ උපසංහරති භිය්‍යොසොමත්තාය. පුබ්බෙ ඛො, ගාමණි, සත්තා අවීතදොසා දොසබන්ධනබද්ධා. තෙසං නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ යෙ ධම්මා දොසනීයා තෙ උපසංහරති භිය්‍යොසොමත්තාය. පුබ්බෙ ඛො, ගාමණි , සත්තා අවීතමොහා මොහබන්ධනබද්ධා. තෙසං නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ යෙ ධම්මා මොහනීයා තෙ උපසංහරති භිය්‍යොසොමත්තාය. සො අත්තනා මත්තො පමත්තො පරෙ මදෙත්වා පමාදෙත්වා කායස්ස භෙදා පරං මරණා පහාසො නාම නිරයො තත්ථ උපපජ්ජති. සචෙ ඛො පනස්ස එවංදිට්ඨි හොති – ‘යො සො නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ සච්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො කායස්ස භෙදා පරං මරණා පහාසානං දෙවානං සහබ්‍යතං උපපජ්ජතී’ති, සාස්ස හොති මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිකස්ස ඛො පනාහං, ගාමණි, පුරිසපුග්ගලස්ස ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි – නිරයං වා තිරච්ඡානයොනිං වා’  – 8.1.2. තාලපුට සූත්‍රය සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 8. ගාමණී සංයුක්තය » ගාමණි වර්ගය ( ආසන්න වශයෙන් සිංහල තේරුම :- ගාමණිය, පූර්වයෙහි රාගය පහනොකළ රාගයෙන් බැඳුණ සත්වයෝ වෙත්ද, ඔවුන්හට නළුවා රඟ මැද නෘත්‍ය මැද ඇලීම පිණිස පවත්නාවූ යමක් වෙයි නම් එය බොහෝ සෙයින් දක්වත්. ගාමිණිය පූර්වයෙහි පහනොකළ ද්වේෂ ඇත්තාවූ ද්වේෂයෙන් බැඳුණාවූ සත්වයෝ වෙත්ද, ඔවුන්ට නළුවා රඟ මැද නෘත්‍ය මැද ද්වේෂය පිණිස පවත්නා යමක් වෙත් නම් ඒ දේ බොහෝ සෙයින් පෙන්වයි. ගාමිණිය පෙර මෝහය පහ නොකළාවූ මෝහයෙන් බැඳුණ සත්වයෝ වෙත්ද, ඔවුන්ට නළුවා රඟ මැද නෘත්‍ය මැද මෝහය පිණිස පවත්නා යමක් වෙයි නම් එය බොහෝ සෙයින් පෙන්වයි. හෙතෙම තමන් මත් ප්‍රමාදව අන්‍යයන් මත්කොට ප්‍රමාදකොට ශරීරයේ බිඳීමෙන් මරණින් මතු පහාස නම් නිරයක් වේද, එහි උපදියි.) …විමසනු වටී. (අපගේ සටහන:-පාළිය මත විශ්වාසය තැබීම වඩාත් නිවැරදිව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ගැඹුරු ධර්ම කොටසේ සරලත්වය හඳුනාගත හැකිය. බුදුරජානන් වහන්සේගේ ආශ්චර්‍යමත් ධර්මදේශනා විලාශය මෙම සූත්‍රයෙන් මැනැවින් විදහා පාන්නේ තුන් සැරයක් උත්තර නොදී, අවධානය ගෙන ඉතාමත් සියුම් ධර්මයන් විග්‍රහය තුලින් අපට නිවැරදිව අවබෝධයෙන් වටහා ගැනීමට අවස්ථාව දීම. අපගේ සටහන අවසන්. )

සම්පූර්ණ තාලපුට සූත්‍රය

සංයුත්‌ත නිකාය 4 – පිටු අංක 558 – 561

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21831

Leave a Reply