Sermon has become a job now – Bhikkhu Walpola Rahula

උපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’

එක්තරා ස්ථවිරයන් වහන්සේ නමකට තමා බණකට ආරාධනා කල බවත්, උන්වහන්සේ ආරාධනාව භාරගෙන ‘ බණ පිරිකර වශයෙන් යමක් පූජා කරනවා නම් ‘ එය මුදලින් ලැබෙන්නට සැලැස්සුවොත් ඊට වඩා ප්‍රයෝජනවත් වේය යි කී බවත් ඒ ආරාධනාව කල අයම මා සමග කීය.

දැන් බණකීම එක්තරා රක්ෂාවක් වී තිබේ. ඇතැම් ධර්මකථිකයන් ධර්මදේශනාකොට ලැබූ පිරිකර විකුණා පොහොසත් වී ඉඩම් මිලයට ගෙන තිබෙන බැව්ද ප්‍රකට රහස් ය.

මෙබඳු සිද්ධීන් තවත් දැක්විය හැකිය බණ පිරිකරේ තත්වය මෙසේ හෙයින්, අද ධර්මදේශනාව අතිශයෙන් ම කිළුටුවී තිබේ. මෙතරම් ධර්මදේශනා පවත්වද්දීත් රටේ අපරාධවල අඩුවක් නොවීමට මෙයද එක් හේතුවකි. සම්මාදම මෙන්ම, මේ පිරිකර ද ධර්මදේශනාවලට බලවත් නින්ඳාවක් වී තිබේ.

උපුටා ගැනීම වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියේ” පිටු අංක 16

 

පාදක සටහන්:-

>> භික්ෂූන් වහන්සේලා ට මුදල් කැප නැත? – 10. මණිචූළ සූත්‍රය, 8. ගාමණී සංයුත්තය, සළායතනවග්ගපාළි – සංයුත්තනිකාය.  – කිසිම පැවිද්දෙකුට මුදල් කැප නැත. එයට හේතුව මුදල් කැප නම් ඔහුට පංචකාම සම්පත්තියම කැප වෙන්න ට ඕනේ. ඒක නිසා කිසිම පැවිද්දෙක් ට මිලමුදල්, රන්කහවණු කිසිසේත් කැප නැත කියා කෙලින් ම කීවා එයට කිසිම කෙනෙකුට විරුද්ධ වෙන්න බැරි වුනා. .පසුව එතුමා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න ගිහින් මේ කාරණය පැවසුවා. භාග්‍යවතුන් වහන්ස මා රාජසභාවේ ඒ කියූ කථාව භාග්‍යවතුන් වහන්සේගේ දේශනයට සංසන්දනය වෙනව ද කියා මට දැන ගන්න ඕනේ.

බුදුරජාණන් වහන්සේ වදාළා එසේ ය ගාමිණී. යම්කිසි කෙනෙකුට මුදල් කැප නම් ඔහුට පංචකාම සම්පත්තිය ම කැප වෙන්න ඕනේ. ඒ මොකද මුදලින් කරන්න බැරි දෙයක් නැහැ. එම නිසා ඔබේ කථාව මගේ දේශනයට සංසන්දනය වෙන වා කියා බොහෝම සතුටින් අනුමත කළා.

 

>>12. සත්‌තසතිකක්‌ඛන්‌ධකය – චුල්ලවග්ගපාළිය,  විනය පිටකය ඇවැත්නි, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඒ වෙහෙරෙහි දී ම ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයා ඇරබ රන්රිදී ප්‍රතික්‍ෂේප කළසේක. ශික්ෂාපදයක් ද පැනවූයේක. 

 

>>  සංගයාවහන්සේ සහ මුදල් පරිහරනය  බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමි සහ අනගාරික ධර්මපාල තුමා අතර හමුවීම 

එවකට අවුරුදු 23 ක් වයසැති තරුණ වයසේ පසුවූ ආනන්ද මෛත්‍රී  නාහිමි කිසිම විටක මුදල් පරිහරනය නොකළ අතර ධර්මපාල තුමාට දුන් පිලිතුරු විශ්ලේෂනය කිරීමේදී උන්වහන්සේගේ ධම්ම අවබෝධය ඉතා හොදින් අපට වටහා ගත හැකි අතර බුදුරජාණන් වහන්සේ පැනවූ විනය නීති ඒ අයුරුන්ම පිළිපැදි ශ්‍රේෂ්ඨ හිමි නමකි. අද දවසේ දානමාන පිංකම් ආදීයේ යෙදෙන පිංවතුන් මේ ගැන සිහියේ තබාගෙන කටයුතු කිරීමෙන් බුද්ධ වචනය ඒ අයුරින්ම පිලිපැදීමත් එහි ආනිසංස මෙලොව දීම ලබා ඒ පිං නිවන් අවබෝධය පිණිසම හේතු කර ගනිත් වා! 

අද බහුලව බෞද්ධයන් අතරේ කථාබහට ලක්වන්නාවූ මාතෘකාවක් වන්නේ, සමහර සංගයාවහන්සේලා  මුදල් පරිහරණය කිරීම සහ මුදල් ලබා ගැනීම  චෝදනාවයි. එය බුදුරජාණන් වහන්සේ පැන වූ විනය නීතිය උල්ලංගනය කිරීමක්

මේ ලිපිය කියවීමෙන් ඔබට පසක් වෙන වා ඇති සංඝයාවහන්සේලා ට මුදල් අකැප බව  ඉහත සඳහන් පිටු කීපය කියවීමට/බා ගැනීමට පහත ඇති පිවිසුම් වලට ඇතුළු වන්න.  

 

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22468

Leave a Reply