Insults to the Triple Gem – Sathyodaya: by Bhikkhu Walpola Rahula

ත්‍රිවිධ රත්නයට කරන අපහාස

අද අපේ සිද්ධස්ථාන නාඩගම්පලවල් වැනිය. සිද්ධස්ථානයක පැවතිය යුතු විවේකය ශාන්තගතිය හෝඅ තැන්පත්කම ඒ තැන්වල නැත. මුදල් සම්මාදම් කරගැනීමට ලැබෙතොත් කොතරම් නොහොබිනා විහිළුවක් වුවත් කම් නැත.

දැන් “පිංකම්” යන්නේන් අදහස් කරනු ලබන්නේ මුදලයි. ගතවූ දිනයට වඩා අද රුපියල් දහයක් වැඩිපුර ලැබිණි, නම් ‘එදාට වඩා අද පිංකම වාසිය’ යි කියති. මෙහිදී පිංකමයයි අදහස් කරනු ලබන්නේ මුදල් මිස අනේකක් නොවේ. විහාර මලුවක බෙරගසමින් නැටීම හෝ පිනුම් ගැසීම මොන තරම් විහිළුවක් ද? ඇතැම් විහාරවල මේ මේ විහිළු කරන්නෝ මත්පැන් බීගත් මිනිස්සුය. කුඩා ළමයන් ලවා බණ ආරාධනා වශයෙන් චූර්ණිකාවක් කීම මොන තරම් විහිළුවක් දැයි සිතා බලනු මැනැවි. මල්වට්ටි වෙන්දේසිය තවත් අශෝභන ක්‍රියාවකි. මේ විහිළු කරන, විහාර පන්සල්වලට නො යන්නට බෞද්ධයන් සිතට ගත යුතුයි.

විහාරයක් දෙස බලනු: එහි සෑම තැනම තථාගතයන් වහන්සේට අපහාස වන පරිදි මුදල් පැහැර ගැනීමට යොදා තිබෙන උගුල් ය. බද්ධපර්යංකයෙන් වැඩහිඳින පිළිමය ඉදිරීයේ ‘පිං පෙට්ටිය’ යි වරදවා නම් කරන ලද පෙට්ටියක් තිබේ. හරියටම බුදුරජාණන් වහන්සේ මුදල් සම්මාදම් කරන්නට හැඩ ගැහී වාඩිවී හින්නෙකැයි අලුතෙන් අවුත් බලන්නකුට වැටහේ. කොතරම් නින්ඳාවක් ද? මේ සියල්ල උන්වහන්සේගේ ශ්‍රාවකයන් විසින් තම තමන්ගේ පෞද්ගලික බලාපොරොත්තු නිසා ධර්මය කණපිට පෙරළා ගෙන ත්‍රිවිධ රත්නයට කරනු ලබන නින්ඳාය.

උපුටා ගැනීම වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියේ” පිටු අංක 20-21

සම්පූර්ණ සත්‍යෝදය කෘතිය-

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22139

Leave a Reply