පන්සිල් රකින්නන් සඳහා පමණයි – පූජ්‍ය අකුරැස්‌සේ සද්ධම්මානන්ද හිමි

සීලය යනු කරණම්කරුවකුට වේදිකාවකි. වේදිකාව ශක්‌තිමත් නම් සමබර නම්, සුමට නම් කරණම් ගැසීම පහසුය. සීලය ගොයමට කුඹුරකි. කොටා මඩකර පෝරා ගා ඇත්නම්, වැපිරීමට අස්‌වැද්දීමට පහසුය. සීලය නිවසකට අත්තිවාරමකි. ශක්‌තිමත් අත්තිවාරම මත නිවස ගොඩනැඟීම පහසුය. වේදිකාව තැනුවද කරනම් නොගසයි නම්, බිම සැකසුවද, වී නොවපුරයි නම්, අත්තිවාරම මත කණු, බිත්ති, වහළය නොතැනේ නම්, ප්‍රතිඵලය හිමි නොවේ. සිල්වතාට සිල්වත් වීමෙන් පමණක්‌ නිවන් මඟ හෙළිපෙහෙළි නොවේ. සිල්වත් වීම සැබවින්ම උතුම්ය. දුස්‌සීල සමාජයක සිල්වතකු සොයා ගැනීම අති දුෂ්කර බැවින් සැබැවින්ම සිල් රකින ඔබ වැන්නවුන් පූජනීය වස්‌තූන්ය. සිල්වත් වූ ඔබ මහ පොළොවේ බොරළු අතරේ සැඟවුණු මැණිකක්‌ වැනිය. දැන් ඒ මැණික ගැඹුරු පොළොවෙන් ඉවතට ගෙන පිරිසිදු කර ඔපමට්‌ටම් කිරීම ආරම්භ කළ යුතුයි නේද? සීලය රැක මිය යැමෙන් ඔබ සුගතිගාමී වේවි. නමුත් දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ද ඇත්තේ සංඛත, විපරිණාම ආදී දුක්‌ම ව ඔබ තේරුම්ගත යුතුයි. ජරා මරණ හිමිවන ඉපදීමට වඩා අජරඅමර නිවන මොනතරම් උතුම්ද?….

යමෙක්‌ පන්සිල් දිවි හිමියෙන් රකී යෑයි අපි සිතමු. ‘මම පන්සිල් හොඳට රකිනවා. මගෙන් කාටවත් වරදක්‌ නෑ. ඉතින් මං පන්සල් යන්න, භාවනා කරන්න ඕන නෑ”. මේ පුද්ගලයා සීලවන්ත, පුණ්‍යවන්ත නමුත් ප්‍රඥවන්ත නොවෙයි. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ සීල, සමාධි, ප්‍රඥ යන ක්‍රමවත් ගමන් මාර්ගයයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙසින් මේ තෙමංසල අටකට වෙන්කර උන්වන්සේ මනාව ලෝක සත්ත්වයාට පෙන්වා වදාළ සේක. ඔබ සිල්වතෙක්‌ නම්, ඔබේ කය වචනය මනාව සංවරව පවතිනවා නොඅනුමානයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සහ සම්මා ආජීව යන ආර්ය මාර්ග ඔබ යම් පමණකට හෝ සම්පූර්ණ කර ඇති. එසේ නම් කෝ ඔබේ සමාධිය? ප්‍රඥව? මේ කොටස්‌ දෙක කරා ඔබට ගමන් කළ හැක්‌කේ සමථ, විපස්‌සනා භාවනාවෙනි. බුදුරජුන් ජීවමාන කල උපතිස්‌ස, කෝලිත ආදී උතුමන් බණ පදය දෙක අසා වඩවා ගත් භාවනාවෙන් ධර්මාවබෝධය කළ බව සැබෑය. නමුත් එවන් තීව්‍ර, සීග්‍රගාමී සමාධියක්‌ ප්‍රඥවක්‌ ඔබටවත්, මටවත් හිමි නොවූයේ වත්මන් මිනිසා තුළ කෙලෙස්‌ මළ බහුල නිසාය. 

Read more

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22447

Leave a Reply