An enlightening way of thinking අවබෝධය සලසන චින්තන පිළිවෙත – Bokundara Kusaladhamma Thero

වේදයේ සඳහන් ඇතැම් දේද පෙල පොත් වලට සහ අටුවා පොත් වලට ඇතුළත් කර අප රටේ තිබුණු නිර්මල බුදු දහම විකෘත කර, පාලි භාෂාවට ඒවා පරිවර්තනය කර සිංහළෙන් ලියා තිබූ අටුවා හා පෙල පොත් ගිනි තබා විනාශ කිරීමෙන් පසුව, අප රටේ තිබූ නිර්මල බුදුදහම වෙනුවට හින්දු ආගමේ ස්තොත්‍ර වලට හා පුද පූජා වලට සමාන ඇදහිලි ක්‍රම ආදේශ කර අවුල් ජාලයක් බවට පත් කර ඇත.

ඉන් පසුව නොයෙක් පර සතුරු උවදුරු හා දුර්භික්ෂ සාගත ආදි හේතු නිසා, අප රටේ උපසම්පදා භික්‍ෂූන් වහන්සේ වෙනුවට , ශාසනික කටයුතු වල යෙදී සිට ඇත්තේ කහ නූලක් කරේ දාගත් ගණින්නාන්සේ ලා නමින් හැඳින්වුණු උපාසකවරුන්ය.

මෙම ගනින්නාන්සේලා ශතවර්ෂ ගණනක් යනතුරු ප්‍රතිමා වන්දනාව පුද පුජා කටයුතු හා පින් වාක්‍ය කියමින් පින් අනුමෝදනාවෙන් හෝ ශාසනය විනාශ වීමට නොදී පවත්වාගෙන ඒම, බෞද්ධ ජනතාවගේ ලොකු භාග්‍යයකි. විචාරාත්මක අවදිකමක් නොමැතිකමින් ගතානුගතික සම්ප්‍රදායික පිළිවෙත් ආදාන ග්‍රහණයෙන් වැළඳගෙන ගුරු පරපුරෙන් පරපුරට ශාසනය පවත්වාගෙන යනවා යයි පවසන ඇතැම් භික්‍ෂූන් වහන්සේට නිදහස්ව, ස්වාධීනව , ස්වෛරීව සිතන්නට ඉගෙන ගැනීම සඳහා වල්පොල රාහුල හිමිපාණන්ගේ “ සත්‍යොදය “ පොතෙන් උපුටාගත් වැකි කිහිපයක් පළකිරීම සුදුසු යැයි අදහස් කරමු.

ඉංගිරිය සුදම්පාය ධර්මායතනවාසී බෝකුන්දර කුසලධම්ම හිමි.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22047

Leave a Reply