අමා මහ නිවන ලගා කර දෙන භාවනා පිළිවෙත තුළ පර්යන්කය (හිදගත් ඉරියව්ව ) සහ සක්මන එකිනෙකට උපකාරවත් වේ. අප සාමාන්‍යයෙන් භාවනා යෝගියෙකු සංකේතවත් කරන්නේ හිඳගත් යෝගාවචරයකුගේ රූප සටහනකි.
එනිසාම සක්මනයෙහි වැදගත්කම කෙරෙහි අප අවධානය යොමු වන්නේ කලාතුරකිනි. වල් ඇතකු හික්මවීමේ උපමාව තුලින් නිවනට අදාළ පිළිවෙත් මග පහදා දෙන බුදුරජාණන් වහන්සේ යෝගාවචර ජීවිතයට නිසි ‘ජාගරියානුයෝග’ නම් අවිදිමත් පිළිවෙත දිනචරියාවක ස්වරූපයෙන් මෙසේ ඉදිරිපත් කළ සේක….
වඩාත් සන්සුන් ඉරියව්ව වන පර්යන්කය තහවුරු කර ගැනීමට යෝගාවචරයා උත්සාහ කළයුතු බවත් නිදිමත ජයගැනීමේ ක්‍රියාදාමයේ අවසන් අදියර පමණක් සක්මනට පැවරිය යුතු බවත් මෙයින් හැඟේ.
පර්යන්කයේදී ඇතිවන නිදිමත සක්මනට ආරාධනාවක් ලෙස අවිචාරයෙන් නො ගතයුතුය. නිශ්චිත කාලසටහනක අවශ්‍යතාවය නිසා ඇතැම් භාවනා මධ්‍යස්ථානවල පැයක් පර්යන්කයේ සහ පැයක් සක්මනේ යෙදීමේ භාවනා රටාවක් අනුගමනය කෙරෙයි. ආධුනිකයන්ට එයින් යම් ශික්ෂණයක් ලැබෙතත් ඉඳහිට හෝ පර්යන්ක කාලය අවසාන හරියේ දී එවැන්නකු තුල පවා යම් සමාධියක් සකස් වෙතොත් එය බිඳගෙන ‘අනිවාර්‍යයෙන්’සක්මනට යාමට සිදුවෙතොත් එය නුවණට හුරු නොවේ.
Published by: Pothgulgala Dharmagrantha Dharmasravana Mādhya Bhāraya
Recent Comments