Hathpana – Kumarathunga Munidasa

කුමාරතුංග මුනිදාසයන් තම ජීවිත කාලයේ විවිධ කාල වලදී සාහිත්‍යකරුවකු, ගුරුවරයකු, ගුරුවරු පුහුණු කරන්නකු, පාසල් පරීක්ෂකයෙකු කටයුතු කළේය. සිංහල භාෂාව සහ සාහිත්‍ය ‍ක්ෂේත්‍රයේ එතුමා පතාක යෝධයකු බව කුමාරතුංග මුනිදාසයන්ගේ කෘති පරිශීලනයෙන් පෙනී යන්නේය. ආසාමාන්‍ය ආකෘතිමය ස්වරූපයකින් යුතු කාව්‍ය නිර්මාණ ඔහුගේ සාහිත්‍ය දිවියේ කැපී ‍පෙනෙන අංගවේ.

හෙලයේ මහා පඬිරුවන’ ලෙස විරුධාවලිය ලද කුමාරතුංග මුනිදාසසූරීන් ක්‍රි.ව.1887 ජූලි මස 25 වන දා උපත ලැබී ය. එතුමා විසින් ඉටු කරනු ලැබූ ජාතික මෙහෙවර  විශිෂ්ට ය.එතුමා බිහිවූ යුගයේ සිංහල භාෂා සාහිත්‍යය පසුබෑමකට ලක්ව පැවතුණි . නමුත් එවන් පසුබිමක නිරවුල් චින්තනයට මඟ පාදමින් නව ප්‍රබෝධයක් ඇති කිරීමට එතුමානන්ට හැකියාව ලැබුණි. එතුමා එයින් නොනැවතී නිසි බස්වහර හසුරවමින් සාහිත්‍යකරණයට ද පිවිස  විශිෂ්ට ළමා සාහිත්‍ය ග්‍රන්ථ කිහිපයක් නිර්මාණය කරන ලදි. කුමාරතුංග මුනිදාසයානන් විසින්  ලියැවුණු  කාව්‍ය  නිර්මාණ  අතර හාවගේ වග, දොරට වැඩුම, නැලවිල්ල යන නිර්මාණ ඉන් කිහිපයකි. එතුමා විසින් නිර්මාණය කල ළමා සාහිත්‍ය කෘති අතර පද්‍ය වලට අමතරව ගද්‍ය නිර්මාණ ද කිහිපයක්  ඇත. හත්පණ, මගුල් කෑම, හීන්සැරය  යන ළමා කතා කුමාරතුංග මුනිදාස සූරීන්ගේ නිර්මාණ කුසලතාව ප්‍රකට කරන විශිෂ්ට නිර්මාණ ලෙස හැදින්විය හැකි ය. 

මේ එතුමන් විසින් රචනා කළ හත්පන කෘතියයි.  

එතුමන් විසින් රචනා කළ තවත්  කෘතීන් වලින් කීපයක්:-
  • ශික්ෂ
  • මඟුල් කෑම
  • හීන්සැරය
  • හත්පණ
  • ප්‍රබන්ධ සංග්‍රහය
  • පහන් කටුවෙකි
  • කවි ශික්ෂාව
  • කියවන නුවණ
  • විරිත් වැකිය
  • ව්‍යාකරණ ව්වරණය
  • ක්‍රියා ව්වරණය
  • හෙළ මියැසිය
  • පියසමර
  • නුවණ පොත් පෙළ

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21861

Leave a Reply