Nirapekshathwaye Maga’s False Dhamma

එංගලන්තයේ පදිංචි සිංහල බෞද්ධයින් වෙත කෙරෙන අනතුරු ඇඟවීමයි…

කලක් තිස්සේ වහරක වාදයේ අධර්මයම රට පුරා නිරපේක්ෂකත්වයේ මඟ නැමැති වැඩසටහන යටතේ ප්‍රචලිත කළ වළස්මුල්ලේ අභය නමැති හිටපු සාමනේර භික්ෂුව පසුගිය දා ශ්‍යාමෝපාලී වනවාස සංඝ සභාව මඟින් විනායනුකූලව සසුනෙන් නෙරපන ලදී.

 

විකෘතිය පිළිබඳව, ධර්මවාදී බොහෝ පිරිසකගේ විරෝධය සහ කරුණු සහිතව කළා වූ පෙන්වාදීමෙන් අනතුරුව එම සංඝ සභාව මෙම තීරණයට එළඹෙන ලදී. මෙසේ සසුනෙන් නෙරෙපීමෙන් පසුවද මෙම හිටපු සාමනේර භික්ෂුව මහනායක ස්වාමීන් වහන්සේලාට දොස් නගමින් චෝදනාකරන ලදී.

තවමත් චීවරය දරාගෙන අධර්මවාදී වැඩපිළිවෙලෙහි නිර්ලජ්ජිතව නිරතවන මේ පුද්ගලයා පසුගියදා බුදු දහම නමින් අධර්මය ප්‍රචාරය පිනිස එංගලන්තයට පැමිණියේය. වංචාසහගතව චීවරය දරා සිටින මොහු තව දුරටත් පැවිද්දෙක් නොවන අතර පිරිස් මුළා කරමින් ඒ පිරිස් නිරයටම ගෙන යන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී. ඔබත් මේ වංචනික පුද්ගලායාට හසුවීමට පෙර ඒ පිළිබඳව දැනුවත් වී අන් අයවද දැනුවත් කර අධර්මයට හසුවීමෙන් වළකින්න.

තෙරුවන් සරණයි!!!

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න.  මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21244

Leave a Reply