Rahathan Wahanse – Ven Gangoda Soma Thero

somathero_360px_12_12_12රමණීය වූ වනසෙනසුන් තියෙන වා, සාමාන්‍ය ජනතාව ඒවා අගයන්නේ නැහැ. වින්දනය කරන්නේ නැහැ. ඒවා ඇලුම් කරන්නේ රාගය පහ කළ ඇත්තෝ. රහතුන් ඒ වනාන්තර වලට ඇළුම් කරන වා.

කවදාවත් පස්කම් සොයාගෙන යන ඇත්තන්ට මේ ස්වභාව ධර්මයේ ලක්ෂණ තේරෙන්නේ නැහැ. ස්වභාව ධර්මයේ වටිනාකම තේරෙන්නේ නැහැ…..………

වර්ථමානයේ අප දකින දේ ගැන සිතන්න. අද බොහෝ ස්වාමීන් වහන්සේලා පංචකාමයන් ඔස්සේ නැඹුරුවන්නට දරණ උත්සාහයක් හේතු කර ගෙන පෞරාණික ස්ථාන විනාශ වී ගෙන යන වා. මේ හැම ස්වාමීන් වහන්සේලා ගැන නොවේ කියන්නේ. මේ කියනකොටම දන්නවා තම තමන් ගැන. 

කාමයන් අත්හැර පැවිදි වෙන ස්වාමීන් වහන්සේලා ගිහියන්ටත් වැඩිය අන්තගාමී ලෙස කාමයන් සොයා යනව නම් අප ගිහියන්ගෙන් මොකක් ද බලාපොරොත්තු වෙන්නේ? නැවත මතක් කරල දෙනවා මේ හැම ස්වාමින් වහන්සේලා ගැනම නොවේ. 

සාසනික ප්‍රශ්න කථා කරන්න කවුරුත් නැහැ. නිකන් සාසනය රැකෙන්නේ නැහැ. කෑ ගැහුවට, පෙලපාලි ගියාට එහෙමත් නැත්නම් මොනාහරි දැන්වීම අරගෙන පිකටින් කළාට සාසනය රකින්න බැහැ. සාසනය රකින්නට තියෙන එකම අවස්ථාව තමයි ගිහියන් සහ පැවිද්දන් එකතු වෙලා තම තමාට අයිති හික්මීම තහවරු කරන එක. තම තමන්ට ඇති ශීලයෙන් සිල්වත් වෙන එක. මේක අපේ සාසනය, මේක ලංකාවේ සාසනය. මේක තමා රජය පෝෂණය කරන්න තියෙන ආගම…එහෙම කියල සාසනය රැකෙන්නේ නැහැ…..

 

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20327

Leave a Reply