Paramitha Prakaranaya- Ven Rerukane Chandawimala Thero

paramitha-prakaranyaපාරමිතා ප්‍රකරණය 

අතිපූජ්‍ය රෙරුකානේ චන්දවිමල මහනාහිමි

බුදුවරයන් වහන්සේ  කෙනකුන් ලොව පහල වූ කල්හි රහත් වීමට තරමට පාරමිතාව සම්පූර්ණ කර ඇති පින්වත්හු උන්වහන්සේ ගෙන් දහම් ඇසීමෙන් ද, බුදු සස්නෙහි පැවිදිව පිළිවෙත් පිරීමෙන් ද රහත්ව නිවන් දකිති.

පාරමිතා සම්පූර්ණ කර ගෙන වෙසෙන අය අනුක්‍රමයෙන් රහත්වීමෙන් බුදු සස්න පරණ වත් වත් ම රහත් වන්නෝ අඩු වෙති.

පාරමිතාවන් විස්තර කර ඇති සිංහල පොත් බොහෝ ඇත්තේ ය. එහෙත් ඒවා සම්පාදනය කර තිබෙන්නේ සම්‍යක් සම්බෝධී පාරමිතාව විස්තර කිරීම වශයෙනි.සම්‍යක් සම්බෝධී පාරමිතාව සම්පූර්ණ කර බුදු වීමට සමත් අය ලෝකයෙහි සුලභ නැත.

බොහෝ දෙනෙකුන් නිවන් දකින්නේ ද, නිවන් දකින්නට බලාපොරොත්තු වන්නේ ද ශ්‍රාවක බෝධියෙනි. එබැවින් බෝධිත්‍රය පිළිබඳ වූ ම පාරමිතාව විස්තර කිරීම් වශයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1754

Leave a Reply