Scientific Approach to the Ancient Chaithiya (පෞරාණික චෛත්‍යය හා එහි විද්‍යාත්මක පසුබිම) – Mr. Luxman J Embuldeniya

templeඔබට මෙතෙක් දාගැබක් (Dagaba) හෝ විහාරයක්(වෙහෙරක්) දුටුවිට ඇති වන්නේ ආගමික පුනරුදය පිළිබඳ හැගීමක් විය හැක. ප්‍රෝටෝ ඓතිහාසික යුගයේ සිට ම ඉදිකිරීම තාක්ෂණයේ  නිපුනයන් වූ අප ලාංකිකයින් ඉදිකළ පැරණි චෛත්‍යය පිළිබඳ මා විසින් කරන ලද මෙම අධ්‍යයනයේ දී මේවා තැනීමට පාදක වූ විද්‍යාත්මක කාරණා රාශියක් සොයා ගැනීමට හැකි විය. මෙම කෘතියේ මා පැහැදිලි කිරීමට අදහස් කරන්නේ අප මුතුන් මිත්තන් විසින් ස්වකීය ආගමට දහමට තමන් දැක් වූ භක්තිය, ලැදියාව අහස උසට ගොඩකර පෙන්වූයේ කුමන විද්‍යාත්මක පදනමක් මුල් කොට ගෙන ද යන්න පිළිබඳව යි. ලක්ෂ්මන් ජානක ඇඹුල්දෙණිය

මෙම පිටු කීපය පලකිරීමට අදහස් කළේ. නවීන විද්‍යාවේ දියුණුවට බුදුදහමෙන් ලබා ගත හැකි දැණුම් සම්භාරය අති විශාල බව පෙන්නුම් කිරීමට සහ අප විද්‍යාඥ්ඥයන්ට තවම හසු වී නැති පරාසයක් ලක්ෂ්මන් ජානක ඇඹුල්දෙණිය මහතා විවෘත කිරීමට මහත් පරිශ්‍රමයක් දරා ඇති බවත්, මෙවැනි විෂයක් තවත් ව්‍යාප්ත වීමෙන් පැරණි බෞද්ධ සමාජය සද්ධාව පෙරටුව ඔවුනගේ ජීවිකාවටත් මෙම වටිනාකම ලබා ගෙන ඇති ආකාරය නූතන මිනිසාට දැන ගැනීම පිණිස මෙසේ පිටු කීපයකින් ඉදිරිපත් කිරීමට සිතුණි. එදා සමාජය අධ්‍යාත්මික වශයෙනුත්, භෞතික වශයෙනුත් මොන තරම් දියුණුවක් අත්පත් කර ගෙන සිටියා ද බව මෙම පිටු කීපය කියවීමෙන් ම ඔබට වටහා ගත හැක. 

මෙය කියවීමෙන් නූතන පර්යේෂකයින් එදා අපට උරුම වී තිබූ අධ්‍යාත්මක සහ භෞතික වශයෙන් එකට බැඳී තිබූ සාරය මත පදනම් වූ යමක් සොයන්නට උත්සාහ කරණු ඇති බව අපගේ හැඟීමයි. මේ අයුරින් වෙනත් අයගේ ද අවධානයට භාජනය නොවූ අංශ කෙරෙහි ගැඹුරු අධ්‍යයනයන්හි නිරත වීමට ශක්තිය ලැබේවා යි ප්‍රාර්ථනා කරමු.

මෙවැනි ග්‍රන්ථ අප නූතන සමාජය තුල හොදින් විහීදී යා යුතු ය. මෙවැනි ග්‍රන්ථ තවත් මුද්‍රණය වීමටත්, නවක පිරිස් මෙවැනි පර්යේෂන කිරීමට යොමු වීමටත් මෙම ලිපිය හේතු වේවා! 

දෙමාපියනි, දහම් පාසැල්/පාසැල් ගුරුමහතුනේ/මහත්මියෙනි, විද්‍යා ගුරුමහත්ම මහත්මියෙනි. මෙම ලිපිය කියවීමෙන් ඔබලාට තම දරුදැරියනට මෙම නිර්මාන වල ඇති විද්‍යාත්මක පසුබිම වටහා දීමෙන් අපගේ දරුවන්ගෙන් ඈත්වී ගෙන යන බුදුදහමෙන් පෝෂණය වූ එදා සමාජය ලොවට දායාද කළ මෙම විශිෂ්ඨ නිර්මාන දෙස හරවත් ලෙසට මනස යොමු කිරවීමට හෙට දවසේ මේ ලොව බාරගන්න සිටිනා ඔබගේ දරුදැරියනට සිදු කෙරෙනා මහගු උපකාරයකි.

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15497

Leave a Reply