Kaya Aanuwa Giya Sihiya – Ven Katukurunde Ñāṇananda Thero

kayaමේ පින්වතුන් හැම දෙනෙක්ම දන්නවා මේ ශාසනයේ අග්‍ර ශ්‍රාවක ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. බුදු පියාණන් වහන්සේ විසින් ඒ ශ්‍රාවකයින් අතර අග්‍ර ස්ථානයේ තබන ලද උත්තමයෙක්. උන් වහන්සේ මහා ප්‍රඥාවෙන් අග්‍ර වුනා වගේම තවත් මහ පුදුම විධියේ උදාර ගුණ සම්භාරයකින් සමන්විත උත්තමයෙක්. මෛත්‍රිය, කරුණාව, ඉවසීම. නිහතමානිත්වය, ගුරු ගෞරවය, කළගුණ සැළකීම ආදී විශාල ගුණ සම්භාරයකින් පිරුණු උත්තමයෙක්. බුදුපියාණන් වහන්සේ බොහෝ විට ඒ විදියේ ගුණ සම්භාරයෙන් යුතු තමන්ගේ ශ්‍රාවකයින් වහන්සේලාගේ ගුණ මතුකර දීමට නොයෙකුත් විධියට අවස්ථාවල් යෙදුවා. නොයෙකුත් ආකාරයට උන් වහන්සේලා – ඒ ශ්‍රාවකයින් වහන්සේලා – අරමුණු කරගෙන ධර්ම කාරණා ලෝකයාට ප්‍රකාශ කළා. අන්න ඒ විදියට ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ එක්තරා විශේෂ ගුණයක් අරමුණු කරගෙන ලෝකයාට දේශනා කළ ගාථාවක් තමයි අපි මේ මාතෘකා වශයෙන් තැබුවේ.

පළමුවැනි උපමාව – භාග්‍යවතුන් වහන්ස, මහ පොළොවෙහි මනුෂ්‍යයින් පිරිසිදු දේත් දමනවා. අපිරිසිදු දේත් දමනවා. අසූචිත් දමනවා. මුත‍්‍රාත් දමනවා. කෙළත් දමනවා. සැරවත් දමනවා. ලේත් දමනවා. නමුත් මහ පොළව එයින් පීඩාවකට, ලජ්ජාවකට, පත්වෙන්නෙ නෑ. හිරිකිතයක් ඇතිකර ගන්නේ නැහැ. අන්න ඒ වගේ මමත් මහ පොළව හා සමාන වූ පුළුල් වූ, මහත් වූ, ඒ වගේම අප‍්‍රමාණ වූ, අවෛරී වූ, පීඩාවට පත් නොවූ, සිතකින් වාසය කරනවා.

ඊළඟට ඔන්න දෙවන උපමාව දක්වනවා. ˆˆභාග්‍යවතුන් වහන්ස, ජලයේ මිනිසුන් පිරිසිදු දේත් හෝදනවා, අපිරිසිදු දේත් හෝදනවා, අසූචිත් හෝදනවා, මුත්‍රාත් හෝදනවා, කෙළත් සෝදනවා, සැරවත් සෝදනවා, ලේත් සෝදනවා, නමුත් ජලය එයින් පිළිකුළක් පීඩාවක්, ඇති කර ගන්නේ නැහැ. හිරිකිතයක් ඇතිකර ගන්නේ නැහැ. අන්න ඒ වගේ ජලය හා සමාන වූ පුළුල් වූ, මහත් වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, පීඩාවට පත් නොවූ, සිතකින් මා වාසය කරනවා˜˜ කියලා ජලය උපමා කොට වදාළා.

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15397

Leave a Reply