ලොවට සද්ධර්මය පහළ වූ දිනය – ඇසළ පුර පසළොස්වක් පොහෝ දිනය

අද (2011/07/14), ඇසළ පුර පසළොස්වක් පොහෝ දිනය යි. වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය අප ලොව්තුරා සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය, පරිනිර්වාණය යන තෙමඟුල සිහිපත් කරන්නාක් මෙන්ම, පොසොන් පුර පසළොස්වක් පොහෝ දිනය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිහිපත් කරන්නාක් මෙන් ම, ඇසළ පොහෝ දිනය අපේ සිහියට නංවන්නේ අප බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනය යි. මේ නිසා ඇසළ පොහොය, ලොවට සම්‍යක් දර්ශනය හෙවත් සම්බුද්ධ ධර්මය පහළ වූ දිනය හැටියට සැලකිය හැකිය. භාරත දේශයේ බරණැස් නුවර ඉසිපතනාරාමයේ දී කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන පස්වග තවුසන් අරබයා දේශිත “ධම්ම චක්ක පවත්තන සූත්‍රය” බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනය යි.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9888

Leave a Reply