Sri Saddharmaya – Ven Medagoda Abeyatissa Thero

  ආචාර්‍ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

මිහිදු මහරහතන් වහන්සේගේ ලංකා ගමන අප සීමා නොකල යුතුයි ලංකාවාසීන් ට විතරක් වුනු සේවයක් විදිහට. ශ්‍රී සද්ධර්මයේ ආරක්ෂකයා ලෙසට ශ්‍රී ලංකාව කටයුතු කළා සේම ඒ ධර්මය ආරක්ෂා කළ නිසා මුලු මහත් ලෝකයටම නැවත ධර්මය හිමි වුනේ ලංකාවෙන්ඒ නිසා බෞද්ධ ශ්‍රී ලාංකික අපට විශේෂ අභිමානයක් තිබිය යුතුයි ථෙරවාද බුදුදහම රැක ගැනීමේ මහගු මෙහෙවරට උර දුන් පරපුරේ අය ලෙසට. අද අප සාකච්චා කරන්නේ මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණ අපට දායාද කළ ශ්‍රී සද්ධර්මය නිවැරදිව අප සීමා මායිම් ලකුණු කරගන්නේ කෙසේද? බුදු බණ මොනවා ද? යන කරුණු ගැන ය.

අද සිදුවී ඇත්තේ අපේම අය ථෙරවාද බුදුදහමේ හරය පැත්තක තියා තමන්ට විදේශයෙන් ලැබෙන මුදල් ටිකක් ගැන හිතලා එසේත් නැතනම් විදේශයකට යෑමට විසා බලපත්‍රයක් ගැන සිතා මහායාන ආදී උගන්වන ධර්ම පුස්තක පසුපස යමින් තමන්ගේ ආධ්‍යාත්මය නැති කරගෙන ආධ්‍යාත්මික දිළින්දන් බවට පත්වී සිටීමයි. අනෙක් කාරණය තමයි මම භික්ෂූන් වහන්සේ කෙනෙක් වශයෙන් ත්‍රිරිපිටකයෙන් ධර්ම කරුණු ගෙන විග්‍රහ කරන්න පුලුවන් නමුත් මම පැහැදිලිව කියනවා මම රහත් වෙලාවත්, මාර්ග ඵලයක් ලබාගෙන වත් නොවේ මේ බණ කියන්නේ. මම මාර්ග ඵල ලැබුවත් ඔබට වැඩක් නැහැ, මම මාර්ග ඵල නොලැබුවත් ඔබට වැඩක් නැහැ, මොකද තමන්ගේ ආධ්‍යාත්මක ගමන යන්නේ තමන්මයි.

නමුත් අපේ සමහර බෞද්ධ අය සමහර අය පස්සේ යන්නේ අනේ ඒ හාමුදුරුවෝ රහත් වෙලා ද දන්නේ නැහැ, අනේ ඒ හාමුදුරුවෝ සෝවහන් වෙලා ද දන්නේ නැහැ යන අදහස ඇතිවයි . ඒ නිසා අපිටත් එයින් ටිකක් ලබා ගන්න කියා අපේ මේ අඥාණ බෞද්ධයන් සමහර ප්‍රතිරූප පස්සේ ඒ කියන්නේ මේ එක එක්කෙනා ගොඩ නගා ගත්ත චරිත පස්සේ යනවා. මේ චරිත සමහර විට මැරෙන්න කලිනුත් මිය යනවා, මැරිලත් මිය යනවා….……………..

[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/07/1stpart_venMedagoda_abeytissa.flv.flv[/flv]

[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/07/second_venMedagoda_abeytissa.flv.flv[/flv]

[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/07/Final_venMedagoda_abeytissa.flv.flv[/flv]

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9851

Leave a Reply