Personal Appreciation of Ven Balangoda Ananda Maitreya – By Ven Bhikkhu Bodhi

balangoda_ananda_maitreya_thero-470x303“ආනන්ද මෛත්‍රී මහනාහිමියන්ගේ දින සටහන් සහ නොපළ ලිපි” සමුද්‍ර වෙත්තසිංහ මහතා විසින් රචිත පොතෙන් පිටපත් කර(පිටු අංක 175 සිට 180)  පළ කරන ලදී.

බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමියන් සිය ශිෂ්‍යන් සමග පවත්වාගෙන ගිය අසිරිමත් ගැඹුරු සම්බන්ධතාවය තමන් ආනන්ද මෛත්‍රී මහනාහිමියන්ගේ ශිෂ්‍ය වුනු අන්දමත් උන්වහන්සේ තමන්ට දැක්වූ අසාමාන්‍ය කරුණාවන්ත භාවයන් පිළිබද ඇමරිකන් ජාතික පූජ්‍ය බික්ඛූ බෝධි හිමියෝ මෙසේ සදහන් කරයි.

ලංකාවේ නායක ස්වාමීන්වහසේලා ගෙවන සුඛෝපභෝගී ජීවිත ගැන අමෙරිකාවේ සිටිය දී මට සිත සසල කරවන අන්දමේ වාර්ථා ගැන අසන්නට ලැබී තිබිණි. නමුත් මහනායක හිමිපානණ්වහන්සේගේ විහාරස්ථානය වටා රවුමක් ගිය සැනෙණ්ම චාම්, භාහිර ඔපයෙන් තොරව හැම අතින්ම මධ්‍යස්ථාවෙන් යුතු විහාරස්ථානයක් මට දැක ගැනීමට  හැකි විය.

මා 1972 සිට 1975  දක්වා තෙවසරක් උන්වහන්සේ සමග වැඩ විසුවෙමි. ඒ කාලය පුරා උන්වහන්සේ විසින් මා වෙත ලබා දෙන ලද්දා වූ දැනුම් සම්භාරය මේ දක්වාත් මට පිටිවහලක් වී තිබේ. බුදුන්වහන්සේගේ ඉගැන්වීම පිළිබදව තම තමන්ට රිසි පරිදි අර්ථය පහදා දීමට බටහිර පරිවර්ථකයින් බොහෝවිට නැඹුරු වන අතර, ඒවා එකම නිවැරදි අර්ථකථනයන් ලෙස හුවා දැක්වීමට ද ඔවුහු පෙළඹී සිටිති.

නමුත් පාලියෙන් ලියැවුණු ධර්මය නිවැරදිව වටහා ගැනීමට සම්ප්‍රදානුකූල ථේරවාද ක්‍රමය මත විශ්වාසය තබා ගැනීමේ ඇති වැදගත්කම   මහානායක ස්වාමීන්වහණ්සේ මට හැම විටම සිහිපත් කළ සේක!

ඉහත පිටු කීපය කියවීම/බා ගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න

[pdf]http://www.dhammikaweb.com/pdfs/VenAnanda_Maitreya_Appreciation.pdf[/pdf]

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9183

Leave a Reply