Nanda Maharahathan Wahanse – Kuddhaka Pata -Kuddhaka Nikaya

නන්ද සුත්‍රය – ඛුද්දකපාඨ – ඛුද්දක නිකාය

නන්ද කුමරු සිද්ධාර්ථ කුමාරයාගේ බාලම අර්ධ සහෝදරයා විය. බුදුන් වහන්සේගේත් ඔහුගේත් පියා ශුද්ධෝදන රජුය. නන්ද කුමරුගේ මව මහා ප්‍රජාපතී ගෝතමියයි. ඇය බුදුන් වහන්සේගේ මවගේ බාලම සොහොයුරියයි.

බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ සත් වසක් ගෙවුණු තැන පියරජතුමාගේ ඇරයුමෙන් තම ඉපදුණු නුවර වූ කපිලවස්තු පුරයට වැඩම කළහ.

බුදුන් වහන්සේ ආපසු වඩින තුන්වැනි දිනයේදී දානය වළඳා අවසානයේ නිශ්ශබ්දවම පාත්‍රය නන්ද කුමරු අතට දී ආපසු ගමන් ඇරඹීය. පාත්‍රය බුදුන් වහන්සේ විසින් ආපසු ගනිතැයි කල්පනා කරමින්ම නන්ද කුමරු බුදුන් වහන්සේ එවකට වැඩ හුන් නිග්‍රෝධ උයනට වඩින තෙක්ම බුදුන් වහන්සේ පසු පස ගියේය. ඔවුන් උයනට පැමිණි විට බුදුන් වහන්සේ නන්ද අමතා පැවිදි වීමට කැමැත්ත විමසා සිටියහ. නන්ද කුමරු එදින රූමත් ජනපද කල්‍යාණිය සමග විවාහ සිටි නමුදු මහණ වී සසුනට ඇතුළත් විය.

ඉතිරි කොටස මෙම “නන්ද සුත්‍රය” ඛුද්දකපාඨ – ඛුද්දක නිකායෙන් පිටපත් කොට ඉදිරිපත් කර ඇති කොටසෙන් ඔබ හැමට ලබාගත හැක.

ත පිටු කීපය කියවීම/බා ගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න

[pdf]http://www.dhammikaweb.com/pdfs/NandaSutta_Kuddaka_Pata_Kuddhaka_Nikaya.pdf[/pdf]

 

සම්පූර්ණ ඛුද්දකපාඨ – ඛුද්දක නිකාය (පාලි/සිංහල) පහත වෙබ් අඩවියට පිවිස ඛුද්දක නිකාය යටතේ එන නන්ද සුත්‍රය පිවිසුමෙන් ඔබට ලබා ගත හැක.

.

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9644

Leave a Reply