Karma Vibagaya – Ven Na Uyane Ariyadhamma Thero

Na_Uyane_Theroකර්ම විභාගය – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

ලොව බුදුරජානණ්වන්සේ නමකට හැර වෙන කාටවත් තත්වකාරයෙන් ගත නොහැකි අචින්තනීය ධර්මයන් හතරෙන් එකකී කර්ම විෂය. නමුත් මෙම කර්මය කියන එක හසුරුවන ආකාරය අවබෝධ කර ගැනීමෙන් කර්මය ගැන බියක් නොමැතිව තමන්ගේ ජීවිතය සුගතියට, නිවනට පමුනුවා ගන්න පහසු වෙනවා. එම නිසා මේ සම්බන්දව අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. සැප/දුක් විදිමින් තමා පසුපස සෙවනැල්ලසේ එන එකම ධර්මය කර්මයයි.

සුත්‍ර පිටකයේ සදහන් දොලොස් (12) ආකාරයේ කර්ම විභාගයත්, අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරනයේ, ඥාන විභංගයේ දැක්වෙන දහසය (16) ආකාරයේ කර්ම විභාගයේ සම්පත්ති සතර සහ විපත්ති සතර සම්බන්ධව මනා විග්‍රයක් නාඋයනේ අරියධම්ම මහනාහිමිපානණ්වහන්සේ ඉතාමත් විචිත්‍රව දේශනා කිරීම, අභිධර්ම පිටකය අධ්‍යයනය කිරීමේ ඇති වටිනාකම මොනවට පැහැදිලි වේ. නිර්වානය දක්වා යන ගමනේ සියුම් වූ ධර්ම කොටස් හදුනාගැනීමට අභිධර්මය මොන තරම් දුරට උපකාරී වෙනවාද යන්න මෙම දේශනය හොදින් අසා, අවබෝධ කර ගැනීම තුලින් ඔබට මනාව වැටහෙනු නියතයි.

ධර්මය ගැන ගැඹුරු වැටහීමක් නැති, අභිධර්මය ගැන සැක පහල කරගෙන සිටිනා අයට මෙම කර්මය සම්බන්ධ දේශනය, අභිධර්මයේ ඇති වැදගත් කම වටහා ගැනීමට ප්‍රවේශයක් වේවා! සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !

.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=8787

Leave a Reply