Buddhism in Sri Lanka & Ven Gangodawila Soma Thero

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

ශ්‍රී ලංකාව තුල පැතිරෙමින් තිබූ අන්‍යාගම්කරණය ගැන විශේෂ උනන්දුවක් දැක්වූ උන්වහන්සේ, එය වලකාලීමට හැකි සෑම උත්සාහයක්ම ගත් සේක. අන්‍යාගම්කරණය අප රටෙහි යම් තාක් දුරකට හෝ අඩු වී තිබෙන්නේ උන් වහන්සේ ගත් අපමණ උත්සාහයේ ප්‍රතිපලයක් ලෙසිනි.

එමෙන්ම අප රටෙහි පන්සල් තුල පැතිරෙමින් තිබූ දේවාල වන්දනා කිරීමේ සංස්කෘතියට එරෙහිව දහම් දෙසනු ලැබුවේ ද උන්වහන්සේ විසිනි.බෞද්ධයන් සරණ යා යුත්තේ තෙරුවන් සරණ බවත්, දෙවියන් යැදීමෙන් කිසි දෙයක් අපට නොලැබෙන බවත් උන්වහන්සේ ප්‍රසිද්ධයේ දේශනා කල සේක. නමුත් දැන් බොහෝ දෙනාට උන්වහන්සේ දේශනා කල ධර්මය අමතක වී ඇත. පසුගිය දිනෙක ආරම්භ කල සාමාන්‍ය පෙල විභාගයට පෙර හෝ ශිෂ්‍යත්ව විභාගයකට පෙර දේවාලයක් ඇති පන්සලකට ගොස් බැලුවහොත් මෙහි සත්‍යතාව වැටහේ.

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=6736

Leave a Reply