Tripitakye sinhala Parivarthanaya – Ven Medagoda Abeytissa Thero

Maha Maluwa – 22-10-2010

වර්තමානයේ  ත්‍රිපිටකය  සිංහලට පරිවර්තන කිරීමේදී සිදුවී ඇත්තේ අර්ථය විනාශයක් සහ අර්ථ බාල කිරීමකි. මෙය බුදුරජානණ්වහසේ අදහස් කලදේ අර්ථවත් නොවේ. එසේ කිරීම බුදුරජානණ්වහසේගේ ධර්මයට කරන්නාවු අපහාසයක් බවත්, එම පරිවර්තන භාවිතා කරන්නන්ටද සිදුවන්නේ නියම බුද්ධ වචනයේ රසය නොලැබී වෙනත් දෙයක් ලැබීම පමණක් බව ආචාර්‍ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් දෙවෙනි යුටියුබ් පටයේ අවසාන මිනිත්තු කීපයේදී මැනවින් පැහැදිලි කරයි.

[mp4]http://assets4.dhammikaweb.com/uploads/2011/04/MAHA-MALUWA-22-10-2010-A.mp4[/mp4]

[mp4]http://assets4.dhammikaweb.com/uploads/2011/04/MAHA-MALUWA-22-10-2010-B.mp4[/mp4]

.

 

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5620

6 comments

Skip to comment form

  1. OK. It seems this Thera is very talented in talking. But, I believe we shouldn’t be jealous about having the great discourses of Buddha for the general people to read. I don’t see any other intention in these accusations of having Sinhala translations. When the general people learn these discourses, the value of so called doctors (PhD) and proffers of Buddhist degrees become less. I think this is why they are so upset about it. Please get over your jealousy and hate.

    1. For your comments we thought that we should give another example which has been extracted from year 1955. May be you know Burma 6th Jatta maha sangayanawa in 1955, our great ven.monk- Ven.Balangoda Ananda Maitreya thero was participated.

      If you can read that article (http://www.dhammikaweb.com/?p=4940) which was in the book of “Budhu Bawa Pathana Balangoda Ananda Maitreya Himi” you can see this wrong concept of translation without proper understanding on Buddha’s teaching will generate wrong meaning to the true dhamma words. I think as Buddhists we have more respects for Balangoda Ananda Maitre as well as Mahasi Sayadaw.

      If you think that ven.Monk is jealousy about these Sinhala translation concept, please justify the above Ven.Balangoda Ananda Maitreye’s Article please.

      This is the article. More details can be downloaded from above link
      බුරුමයේ ජට්ඨ මහා සංගායනාවේ ත්රිMපිටක ශෝධක මණ්ඩලය සදහා සහභාගීවූ ස්වාමීන්වහන්සේලාගේ නම් ගත් විට (මහසි සයාදව් මහනාහිමි, බලංගොඩ ආනන්ද මෛත්රී ය මහනාහිමි ඇතුලුව තවත් පාලී/සංස්කෘත පිලිබද මනා දැනුමක් ඇති ත්රිeපිටකධාරී සංගයාවහන්සේලා) පැහැදිලි වන කරුනක් වන්නේ මෙවන් උතුම්වූ ධර්මය ඇතුලත් වූ ත්රිතපිටක සම්බන්දව ශෝධක කටයුත්තක් හෝ පරිවර්තනයක් කිරීමේදී පාලී භාෂාව පිලිබදව මනා දැනුමක් ඇති ත්රියපිටකධාරී සංගයාවහන්සේලා රැසකගේ උපදෙස් මත සිදුවීම සාසනයේ අභිවෘධියට හේතුවන බවත්, පරිවර්තන වීමේදී සිදුවිය හැකි දෝශයන් මගහැර ගැනීම තුලින් පිරිසිදුවූ සද්ධර්මය චිරාත් කාලයක් පැවතීමත් හේතු වන බවත් “බුදුබව පතන බලංගොඩ ආනන්ද මෛත්රීරය මහනාහිමි” පොතේ පිටු අංක 50 සිට 56 පිටු විෂ්ලේශනය කිරීමේදී මොනවට පැහැදිලිවේ.

  2. මෙම වීඩියෝ එක තුල කුමන මිනිත්තුවේදී මෙම අදහස ප්‍රකශ කෙරේ දැයි දැන ගැනීමට කැමතිය. ම හටනම් දැක්නට ලැබුනේ දර්මය බෙදා දැක්වීම පිලිබඳ හොන්ද සාකච්චාවක් පමනි. හුදු ඉරිසියාව හා කුහක කම් මුල් කර ගනිමින් බොරු මැවීමට ගන්නා උත්සාහය ගැන අපි අනුකම්පා කරමු. විකුර්ති උනා විකුර්ති උනා යැයි මොර ගසන පන්ඩිතයන්ට විකුර්ති උනු එකදු තැනක් මහමෙව්නා පරිවර්තනයන්ගෙන් ගෙන දැක්වීමට නොහැකි වීම කොන්ද පනනැති කම බව අපි දනිමු. හුදු වීඩියො පට ගෙනහැර දක්වමින් ඒවායේ අර්ත විකුර්ති කරන මෙවන් අන්ද බාලයන් සසුන වනසන මර උගුල්ය.

    1. ඔබ එම වීඩියෝ එක අවසන් වෙනකම් නරබා නැති බවයි මට වැටහෙන්නේ, අනික එහි මහමෙව්නාවක් ගැන කොතනද සදහන් වෙලා තියෙන්නේ. බෞද්ධ අපගේ යුතුකම මෙවන් ලිපි, වීඩියෝපට ප්‍රචාරය කිරීමෙන් අප බෞද්ධයන් අතරේ සංවාදයන් ඇත්වි, පිරිසිදු ධර්මය අවබෝධයෙන් මතු කරගැනීම තුලින්, මෙම උතුම්වූ බුද්ධ ධර්මය මතු පරපුරට රැකදීමය. මෙවන් ආවේගශීලි වීම, ඔබටම හානිකර ගැනීමක් නොවේද? උපේක්ෂාවෙන් මේ දෙස බලා, වැරදිදේ වැරදි ලෙසටත්.. නිවැරදි දේ, නිවැරදි ලෙසත් දකින්න. තවත් උදාහරනයක් වශයෙන් ඔබ මෙම http://www.dhammikaweb.com/?p=4940 වෙබ් අඩවියට ඇතුල්වී බලන්න. මේ ලිපිය බලංගොඩ ආනන්ද මයිත්රීඔය හමුදුරුවන් සහභාගීවූ ජට්ටමහා සංගායනාව ගැන තියෙන්නේ, බලන්න ත්රි පිටකය පරිවර්තනය කිරීම මොන තරම් භාරදූර වගකීමකින් කළ යුතු කාර්යක්ද කියලා. පරිවර්තන වීමේදී සිදුවිය හැකි දෝශයන් මගහැර ගැනීම තුලින් පිරිසිදුවූ සද්ධර්මය චිරාත් කාලයක් පැවතීමත් හේතු වන බවත් “බුදුබව පතන බලංගොඩ ආනන්ද මෛත්රී ය මහනාහිමි” පොතේ පිටු අංක 50 සිට 56 පිටු විෂ්ලේශනය කිරීමේදී මොනවට පැහැදිලිවේ

      මෙම වෙබ් අඩවියට පිවිසී බලා ඔබම තීරණය කරන්න හරිදේ,වැරදි දේ. කුමක්ද කියා, එය ඔබගේ මෙලොවටත්, පරලොවටත් වැඩදායකය. මෙම ලිපි සියල්ල විග්ර හකිරීමෙන් පසුවයි අදකාලයට වටිනා මෙවන් ලිපි, වීඩියෝපට ප්ර චලිත කිරීමේ යෙදෙන්නේ.

      ඔබට තෙරුවණ් සරණයි..!!

  3. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ ඓතිහාසික මාතලේ අළුවිහාරයට එම සත් කාර්ය සඳහා වැඩම කළ රහතුන් වහන්සේ වැඩ විසූ බවට සැලකිය හැකි ගල් ලෙන් 25 කට වැඩි ප්‍රමාණයක් අළු විහාර විහාරස්ථානයට යාව පිහිටි කඳුවැටියෙන් සොයා ගැනීමට හැකිවී ඇත.

    සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර කට පසුව එතෙක් කාලයක් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආ ත්‍රිපිටක බුද්ධ ධර්මය ග්‍රන්ථාරූඪ කිරීම සිදුවූයේ මාතලේ අළුලෙන් විහාරයේදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

    මේ සඳහා රහතුන් වහන්සේ 500ක් දෙනා සහභාගී වූ බවටත් උන්වහන්සේ තුන් අවුරුදු තුන් මස් තුන් සතියක් මුළුල්ලේ සිදුකළ ග්‍රන්ථාරූඪ කිරීම වෙසක් පුන් පොහෝ දිනයක අවසන් කළ හෙයින් එවකට රට පාලනය කළ වළගම්බා රජතුමාගේ සහාය ඇතිව විශාල උත්සවයක් පැවැත්වූ බවත්, එදා ලක්දිව සියලු විහාරස්ථානවල පහන් පූජා පැවැත්වූ බවත්, විශේෂයෙන් අළුලෙන් විහාරය අවට ප්‍රදේශය පහන් දල්වා ආලෝකමත් කළ බවත් ඉතිහාසයෙහි සඳහන් වේ.

    මෑතකදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ ස්ථානය වෙනත් තැනකදී බවට මතයක් පළවීම නිසා අළුවිහාර විහාරවාසී අළුවිහාෙරේ සරණංකර හිමියන් විසින් ප්‍රදේශයේ ග්‍රාමනිලධාරි වරයා ඇතුළු ප්‍රදේශවාසීන් සමඟ කළ ගවේෂණයකදී මෙම ගල්ලෙන් සොයා ගැනීමට හැකිවී ඇත.

    උන්වහන්සේ මේ පිළිබඳව අදහස් පළකරමින්ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කොට ඇත්තේ මාතලේ අළුවිහාරේ අළු ලෙන් විහාරයේදී බවට කිසිදු සැකයක් නැහැ.

    එදා වළගම්බා රජ දවස සිදුවූ මෙම අසිරිමත් සිද්ධිය උඩු යටිකුරු කිරීමට එක්තරා මතයක් පළකිරීම පුදුම සහගතයි.
    දා රහතුන් වහන්සේ 500 ක් දෙනා විහාරස්ථානයට යාව පිහිටි කඳුවැටියේ ඇති ලෙන්වල වැඩ වසා ඇති බව පැහැදිලියි. එම ගල්ලෙන්වල ජලය ඇතුළට රූරා නොබසින ලෙසට කටාරන් කොටා ඇති බව පෙනෙන්නට තිබෙන නිසා ඒවායේ යම් පිරිසක් වාසය කළ බවට සැකයකින් තොරව ඔප්පුවේ.

    අවට ජනතාවගෙන් ලද තොරතුරු මත අළුවිහාරය වසම බාර ග්‍රාම නිලධාරී රත්වත්තේ මහතා සමඟ දින ගණනාවක් තිස්සේ කළ ගවේෂණයකදී ලෙන් 18ක් සායා ගැනීමට හැකිවුණා. ඉන්පසුව ඊට යාව පිහිටි බීරිදෙවෙල කඳුවැටියන් ද තවත් ලෙන් ක් සොයා ගැනීමට හැකිවී තිබෙනවා.”
    මේ නිසා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ අළුවිහාරේ අළු ලෙන් විහාරයේදී බවට යම් යම් කරුණු මත සැකයකින් තොරව ඔප්පු වී ඇති අතර ඊට ඌණ පූර්ණයක් ලෙස එම ඓතිහාසික සිද්ධියට සම්බන්ධ වූ රහතුන් වහන්සේ එම ගල්ලෙන් හි වැඩ වාසය කළ බවට සැලකිය හැකියි.

    මෙහි ඇතැම් ලෙන්හි 100 කට පමණ කරදරයකින් තොරව වාසය කරන්නට ඉඩකඩ ඇති අතර විවේකී අවස්ථාවලදී භික්ෂූන් විදර්ශනා වඩමින් භාවනානුයෝගීව කල්ගත කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.

    අළුවිහාර විහාරස්ථානයට කිට්ටු ස්ථානයක පිහිටි‘ රාජාංගනය’ නමැති දැලිවල ඔයේ විශාල ගල්ලෙනක් අසල ඇති නිල්වලට බසින්නට ගලේ පඩිපෙළක් කොටා ඇති අතර රහතුන් වහන්සේ ස්නානය සඳහා එම ස්ථානයට පැමිණ ඇති බව ජනප්‍රවාදයෙන් පැවසේ. එම ගම් ප්‍රදේශය‘ රහතුන් හැදූ තොට’ රහත්තොට වී අද වන විට රත්තොට බවට පත්වී ඇතැයි ද කියැවේ.

    මාතලේ අළුවිහාරයේ අළු ලෙන් විහාරයේදී සිදු කළ ධර්ම සංගායනාව 5 වැනි සංගායනාව ලෙස බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව (ඉන්දියාවේ) ජම්බුදීපයෙහි අජාසත්ත රජතුමාගේ අනුග්‍රහයෙන් හා මහාකාශ්‍යප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සංගායනාව ප්‍රථම සංගායනාව ලෙස දැක්වේ.

    ඉන්පසුව කටවහරින්ම පවත්වාගෙන ආ බුදුදහම හා ධර්ම විනය ආනන්ද තෙරුන් වහන්සේ විසින් අනිකුත් සංඝයා වහන්සේට සජ්ඣායනා කොට ඇත. බුදුන්වහන්සේගේ අග්‍ර උපස්ථායක වරයා වූ ආනන්ද හිමියෝ මුල සිටම පිරිනිවන් පානා අවස්ථාව දක්වාම බුදුන් වහන්සේ ළඟින්ම සිටි නිසා පළමුවැනි ධර්ම සංගායනාවේ විනය සජ්ඣායනා කිරීමේ වගකීම පැවරි තිබිණ.

    ආනන්ද හිමියන් සජ්ඣායනා කළ ධර්ම විනය රැස්ව සිටි මහා සංඝරත්නය සිත්හි ධාරණය කරගත් අතර බුදුරජාණන් වහන්සේගෙන් විනය පිළිබඳ අග්‍ර තනතුර හිමිකරගෙන සිටි උපාලි මහ තෙරුන් වහන්සේ හා ආනන්ද මහ තෙරුන් වහන්සේගේ සිට පරම්පරාවෙන් පරම්පරාවට කටවහරින් ගෙන ආ බුදු දහම දෙවැනි වරට සජ්ඣායනා කිරීම විශාලා නුවර දී සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිය වසරකට පසුව කාලාශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් සබ්බකාමී මහරහතුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. එය දෙවැනි ධර්ම සංගායනාව ලෙස සැලකේ.

    මෙහිදී ථේරවාදී බුදු දහම එලෙසින්ම තහවුරු කරගත් අතර සම්බුද්ධ පරිනිර්වාණයෙන් 235 වසරකට පසුව ඇතිවූ ශාසන අර්බුදයක් නිසා පැලලුප් නුවර ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තෙවැනි ධර්ම සංගායනාව පවත්වා මුලින් සම්මත වූ ථේරවාදී බුදු දහම එලෙසින් ම අනුමත කරගන ඇත.

    මෙසේ සංගායනා තුනකින් සම්මතවූ බුදුදහම ඊට වසරකට පසුව සිරිලකට වැඩිය මිහිඳු හිමියන් වෙතින් අර්ථ කථා සහිතව දැන උගෙන ධාරණේ කරගත් අරිට්ඨ මහරහතුන් වහන්සේ ප්‍රධාන සිංහල භික්ෂු සමූහයා මෙරටින් බිහිවූ අතර වැඩි කලක් යෑමට පෙර දෙවැනි පෑතිස් රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන මිහිඳු මා හිමිපාණන් ඉදිරියේ දී බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පැවැත්වූ සිව්වැනි ධර්ම සංගායනාව ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේදී පවත්වන ලදී.

    ඉන් පසුව වසර 218 ක කාලයක් කටවහරින් බුදුදහම පවත්වාගෙන ආ අතර වලගම්බා රජතුමාගේ පාලන සමයේ දී ශාසන ඉතිහාසයේ අර්බුදකාරී තත්ත්වයක් පැනනැඟීමත්, වසර 12ක කාලයක් පැවැති බැමිණිතියා සාය නම් වූ දුර්භික්ෂය නිසා බුදුසසුනට මහත් බලපෑමක් එල්ලවීම නිසා මෙතෙක් කාලයක්ම කට වහරින් පවත්වාගෙන ආ බුදුදහම විනාශ වී යෑමට ඉඩ නොදී පවත්වාගෙන යෑම සඳහා ධර්ම සංගායනාවක් පැවැත්වීමටත් ධර්ම විනය ග්‍රන්ථාරූඪ කිරීමටත් මහා සංඝයා වහන්සේ තීරණය කළහ.

    එම තීරණයත් සමඟ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම කල්ගියේ ඉඩකඩ ඇති ස්ථානයක් සොයා ගැනීමේ අපහසුව නිසාය.පසුව ඒ සඳහා ඉඩකඩ ඇති ස්ථානයක් ලෙස මාතලේ අළුලෙන් විහාරය තෝරාගෙන ඇත්තේ රහතුන් වහන්සේට පහසුකම් සැලසිය හැකි ලෙන් රාශියක් තිබූ නිසාය.

    ඒ අනුව අනුරාධපුරයේ ථූපාරාමවාසී (තුන්තගත්ත) තිස්ස මහා ස්ථවිර ප්‍රමුඛ තෝරාගත් ත්‍රිපිටක ධාරී රහතුන් වහන්සේ ක් දෙනා මාතලේ බාරව සිටි ජනපද අධිපති මන්ත්‍රීවරයාගේ අනුග්‍රහය ලබා ගෙන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලද බව පැවසේ.

    දඹදෙනි යුගයට අයත් “පූජාවලියේ” ගම්පොල යුගයට අයත් “නිකාය සංග්‍රහයේ” ශාසනික හා අප්‍රකට තොරතුරු රැසක් ඉදිරිපත් කරන මහනුවර යුගයට අයත් අස්ගිරි තල්පතේ’ සඳහන් කරුණු අනුව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සිදුකළේ මාතලේ අළුවිහාරේ පිහිටි අළු ලෙන් විහාරයේදී බව නිසැකවම කිව හැකි බව අළුවිහාරේ සරණංකර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

    අටිඨකථා:

    පාලි ත්‍රිපිටක සාහිත්‍යයට අටිඨකථා සම්පාදනය කිරිමේ කාර්යයෙහි වැදගත් ස්ථානයක‍් ගත්තේ ද භාරතීය භික්ෂුන් වහන්සේලා ම ය. උන්වහන්සේලා මේ කාර්යය ඉටු කළේ ශ්‍රි ලංකාවේ දී ය. ලක්දිව පැවති හෙළටුවා පදනමි කෙ‍ාට ගෙන මේ කාර්යය ඉටු කිරිමට පැමිණි භාරතීය වියත් භික්ෂුන් වහන්ෙස් අතර බුද්ධදත්ත, බුද්ධඝෝෂ හා ධම්මපාල යන හිමිවරුන් වැදගත් වෙති. බුද්ධදත්ත හිමිපාණන් කලින් මෙහි පැමිණි අතර බුද්ධඝෝෂ හිමියෝ තදනන්තර ව ලක්දිවට වැඩම කළහ. උන්වහන්සේලා දෙන ම හැදින ගත් පසු බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවාවල සාරාංශයක් ලියන්නට බුද්ධදත්ත හිමියන් අවසර ලබා ගත් බව ද විනිය විනිචිඡය හා අභිධම්මාවතාරය ඒ අනුව ලියන ලද පොත් බව ද බුද්ධදත්ත හිමියන් විසින් ම සදහන් කොට තිබේ.මේ ග්‍රන්ථද්වය ඉතා පැහැදිලි ව ප්‍රසන්න ශෛලියකින් රචිත බවත්, ඒවාට පදනමි වු මුල ග්‍රන්ථවලට ද වඩා විශිෂ්ට බවත් බොහෝ දෙන පිළිගනිති.

    පාලි පෙළ පොත්වලින් වැඩි සංඛ්‍යාවකට අර්ථකථා ලියන ලද්දේ බුද්ධඝෝෂ හිමිපාණන් විසිනි. උන්වහන්සේ විසින් ලියන ලද අටුවා පොත් පිළිබදව වියතුන් අතර මත භේද පවති යි. පහත සදහන් කෘතින් උන්වහන්සේගේ කෘතීන් ලෙස බොහෝ පඩිවරු පිළිගනිති. පාලි විසුද්ධිමග්ග අනුරාධපුර මහා විහාරවාසී සංඝපාල මහ තෙරණුවන්ගේ ආරාධනයෙන් ලියා ඇත. මේ කෘතිය මුළු ත්‍රිපිටකය ම අළලා ලියවුණකි. අටුවා සම්පාදනය සදහා මහා විහාරවාසී තෙරවරුන්ගේ අවසර ඉල්ලු කල බුද්ධඝෝෂ හිමියන්ගේ දක්ෂතා පරික්ෂා කිරිමට පහත සදහන් ගාථාව දෙනු ලැබිණි.

    සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ – චිත්තං පඤ්ඤඤ්ච භාවයං
    ආතාපී නිපාකෝ භික්ඛු – සෝ ඉමං විජටයේ ජටං

    මෙහි ඇතුළත් සීල , සමාධි , පඤ්ඤා යන ත්‍රිශික්ෂාව විවරණය කරමින් විසුද්ධිමග්ගය ලියා ඇත. ථෙරවාද බෞද්ධයන්ගේ ධර්ම විවරණය පිළිබදව අත්පොත වශයෙන් විසුද්ධිමග්ගය පිළිගැනේ. මහා විහාරික අර්ථකථා සම්ප්‍රදාය අනුගමනය කරමින් මේ ග්‍රන්ථය සැකසී ඇත. නිද්දේස නම් ලත් පරිචිජේද විසිතුනක් මීට ඇතුළත් ය. බුදුගොස් හිමියන් අතින් ලියැවුණු විසුද්ධිමග්ගය පරික්ෂා කළ මහා විහාරවාසී තෙරුවන් මහා විහාරයේ තුබු හෙළටුවා පාලියට නැගීමට බුද්ධඝෝෂ හිමියන්ට පැවරූ බව මහා වංශය වාර්තා කරයි.

    සම්පුර්ණ විනය පිටකය ම ආවරණය කරමින් ලියන ලද අර්ථ කථාව සමන්තපාසාදිකාව යි. බුද්ධසිරි තෙරුණුවන්ගේ ආරාධනය පරිදි මහා විහාරයේ පිහිටි පධානගරයෙහි මහානිලම ස්වාමීන්කරවු ප්‍රාසාදයෙහි වැඩ වසමින් මෙය ලියා ඇත. මුළු ලක්දිව නිරවුල් කොට පාළනය කළ ශ්‍රී නිවාස රජුගේ රාජ්‍යෝදයෙන් 20 වන වර්ෂයේ දී ආරමිභ කොට විසි එක්වන වර්ෂයේ දී පොත ලියා නිම කරන ලද බව ග්‍රන්ථයෙහි ම සදහන් වෙයි. උන්වහන්සේ භික්ෂුන් වහන්සේගේ විනය පිළිබද අත්පොතක් සේ සැ‍ලකෙන පාතිමෝක්ඛයට කංඛාවිතරණ නමින් අටුවාවක් ලියුහ.

    දීඝනිකායේ සූත්‍රයන්ට අර්ථ දක්වමින් ලියව ලද අටුවා ව සුමංගල විලාසිනිය යි. සුමංගල පිරිවෙන් වැසි දාඨානාග තෙරණුවන්ගේ ආරාධනය පරිදි මෙය රචනා කොට ඇත. මෙයට “සුමංගල විලාසිනී” යන සංඥ නාමය තබන ලද්දේ සුමංගල පිරිවෙන මුල්කොට ගෙන ය.

    සුත්‍ර එක්සිය පනස් දෙකකින් සැදුම්ලත් මඡ්ඣිම නිකායට කළ අර්ථ ව්‍යාඛ්‍යානය ‘පපඤ්චසුදනි’ යයි. බුද්ධමිත්ත තෙරණුවන්ගේ ආරාධනය පරිදි මේ අටුවා ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.

    සංයුක්ත නිකායට කළ අටුවා ග්‍රන්ථය ‘සාරතථප්පකාසින’ නමින් හැදින්වෙයි. බුදුගෙ‍ාස් හිමියන් සමග දඹදිව කාඤ්චපුරයෙහි විසු ජෝතිපාල මහ තෙරණුවන්ගේ ආරාධනය අනුව මේ කෘතිය සම්පාදනය කොට තිබේ.

    අංගුත්තර නිකායට කළ අටුවාව ‘මනේරථපූරණි’ නම් වෙයි. ඉහත සදහන් කළ ජෝතිපාල මහ තෙරුන්ගේ හා ත්‍රිපිටක පාරගත ජිවක උපාසකතුමාගේ ඇරැයුමෙන් මේ අට්ඨකථාව ලියා ඇත. නිකාය හතරේ අටුවා ලිවීම නමැති මනෝරථය අංගුත්තර නිකායට්ඨකථාව ලිවීමෙන් සමෘද්ධ වු බැවින් මේ කෘතියට ‘මනෝරථපූරණි’ යන නාමය යෙදු බව බුදුගොස් හිමියෝ ම පවසති.
    සබ්බාගම සංවණ්ණනා මනෝරථෝ පූරි‍තෝ මේ යස්මා
    ඒකාය මනෝරථ පූර්ණීති නාමං තතෝ අස්ස

    මේ ප්‍රකාශය අනුව බුද්ධඝෝෂ හිමියන් විසින් අවසාන වශයෙන් ලියු අටුවා ග්‍රන්ථය මනෝරථපූරණිය යැයි බොහෝ දෙනා නිගමනය කරති.

    බුද්දක නිකායට අයත් පහත සදහන් ග්‍රන්ථයන්හි අටුවා ද බුදුගොස් හිමිපාණන් විසින් ලියන ලදැයි සමහරුන් පවසන අතර අයෙක් එය නො පිළිගනිති.

    ඛුද්දක පාඨ – පරමත්ථජෝතිකා
    ධම්මපද – ධම්මපදට්ඨ කථා
    සුත්තනිපාත – පරමත්ථ ජෝතිකා
    ජාතක – ජාතකට්ඨකථා

    අභිධර්ම පිටකයට ලියන ලද අටුවා පහත සදහන් නම්වලින් හදුන්වා ඇත.
    ධම්මසංගනී – අත්ථසාලිනී
    විභංග – සම්මෝහ විනෝදනී
    කථාවත්ථු
    පුග්ගලපඤ්ඤත්ති
    ධාතුකථා – පඤ්චප්පකරණට්ඨකථ
    යමක
    පට්ඨාන

    පෙළ දහම විෂයෙහි සම්පාදිත අටුවා ග්‍රන්ථවලින් අඩකටත් වඩා සපයා ඇත්තේ බුද්ධඝෝෂ හිමියන් විසින් බව ඉතා පැහැදිලි ය. උන්වහන්සේ ‍ෙබෟද්ධ අර්ථකථාචාරීන් අතුරෙන් ශ්‍රේෂ්ඨතමයා යයි අවිවාදයෙන් පිළිගැනේ. මේ හේතුව නිසා ම උන්වහන්සේගේ චරිතාපදානය වටා ගෙතුණු ජනප්‍රවාද ද මහත් රාශියකි. ‘බුද්ධඝෝසුප්පත්ති’ නමැති පොතේ ද බුදුගොස් සිරිත ප්ළිබද දීරිඝ විස්තරයක් දක්නට ලැබේ. එහෙත් ඓතිහාසික ග්‍රන්ථයක් වශයෙන් සලකන කල බුද්ධඝෝසුප්පත්තිය එතරම් සමිභාව්‍ය කෘතියක් සේ උගතුන් නො පිළිගනිති.

    බුද්ධඝෝෂ හිමිපාණන්ගේ කාර්යය වුයේ බුදුවදන පිළිබද අමුතුවෙන් ම ග්‍රන්ථ සමුහයක් නිෂ්පාදනය කිරීම නොවේ. උන්වහන්සේ ලක්දිවට වැඩම කරන විට අනුරාධපුර මහා විහාරයේ සිංහල භාෂාවෙන් අර්ථ ව්‍යාඛ්‍යානය කළ හෙළටුවා වුයේ ය. ඒ හෙළටුවාවන්හි අන්තර්ගත කරුණු විධිමත් ව හා සරල ව සුගම ව පාලි භාෂාවට නැගීම බුද්ධඝෝෂ හිමියන්ගේ කාර්යය වුයේ ය. මේ සදහා උන්වහන්සේ අනුගමනය කළ න්‍යායය මෙ ලෙස දක්වා තිබේ.

    “මහා අට්ඨකථාව ශරිරය කොට ගෙන මහා පචිචරිය, කුරුන්දි ආදි විශ්‍රැත අර්ථ කථාවන්හි යම් විනිශ්චයක් වේ ද, එහි යුක්තාර්ථය සහ ඇතුළත් වන්නා වු ස්ථවිර වාදය ද අත් නො හරිමින් සංවර්දණය හොදින් ආරමිභ කරන්නෙමි …… තව ද එම අර්ථකථාවලින් භාෂාන්තරය පමණක් අත්හැර, විස්තර තැන් පිඩුකොට, සියලුම විනිශ්චයයන් ඇතුළත් කොට, කිසි ම තන්ති කුමයක් නො ඉක්මවා සංවර්ණනය කරන්නෙමි.”

    අටුවා ලිවීමෙහි දී බුද්ධඝෝෂ තෙරණුවෝ සියලු ම හෙළටුවා ද පෙළ ද මනා ව පරිශිලනය කළ බව ඉතා පැහැදිලි ව පෙනේ. හෙළටුවාවක් පාලි භාෂවට නගන හැම වි‍ෙටක ම උන්වහන්සේ එයට සමිබන්ධ පෙළ ද විමසා බැලුහ. ඒ හිමියන්ගේ සැම අටුවාවක ම එන “සබ්බඅට්ඨකථාසු වුත්තං” යන පාඨය අනුව උන්වහන්සේ සියලු ම හෙළටුවා ඇසුරු කළ බව පැහැදිලි ව සදහන් කරති. අටුවා ලිවිමේ දී බුද්ධඝෝෂ හිමියන් අනුගමනය කළ තවත් සිරිතක් ද අපට දක්නට ලැබෙ යි. එනම් හෙළටුවාවල විස්තර නො වන කිසියම් කරුණක් පිළිබද සිය අදහස් දැක්වීමට අවශ්‍ය වු අවස්ථාවන්හි දී, “අයං පන මේ අත්තනෝ මති – මෙය වනාහි මගේ අදහස ය” යි ඉතා නිවැරැදි ව සදහන් කිරීම ය. එදා දවස හා සලකන කළ මේ ප්‍රකාශය ඉතා වැදගත් ය.

    අටුවා ග්‍රන්ථ රචනා කළ භික්ෂුන් අතර බුද්ධදත්ත හිමියන්ට ද විශේෂ ස්ථානයක් හිමි වෙයි. උන්වහන්සේ බුද්ධගෝෂ හිමියන්ගේ සමකාලීනයෙකි. මදුරත්ථවිලාසිනී නම් වූ බුද්ධවංස අට්ඨකතාව බුද්ධත්ව හිමියෝ රචනා කළහ‍. විනය පිටකය හකුළුවා විනය විනිච්චය ද අභිධර්ම පිටකය හකුළුවා අභිධම්මාවතාරය ද උන්වහන්සේ විසින් සම්පාදනය කරන ලදි‍. මේ ග්‍රන්ථද්වයම තද්පිටකද්වය ඉගෙනගනු කැමැත්තවුන්ට මාර්ගෝපදේශකත්වයෙහි පවතියි. එපමනක් නොව ඒ කෘති දෙක විනය පිටකය හා අභිධර්ම පිටකය නමැති විශාළ ධර්ම ‍ක්ෂේත්‍රයන් වාචෝද්ගත කිරීමේ දුෂ්කරතාව ද මග හැරලයි. මේ ග්‍රන්ථ දෙක විනයධරයන්ට හා අභිධර්මිකයන්ට අත්පොත් සේ අද ද භාවිත කළ හැකිය.

    අභිධම්මාවතාරය ගද්‍ය – පද්‍ය දෙකින් ම සැදුම්ලත් කෘතියකි. එහි ගාථා 1415 ක් තිබේ. පරිච්ඡේද විසිහතරකි. බුද්ධ වංස අටුවාව ස්වකීය ශිෂ්‍යවර බුද්ධසීහ තෙරුන්ගේ ආරාධනයෙන් කාවේරි පටුනෙහි කණ්හදාස නමැත්තා කරවූ මහාවිහාරයෙහි පෙරදිග ප්‍රාසාදයෙහි වාසය කරමින් කළ බව සදහන් වෙයි.

    බුද්ධත්ව හිමියන් උත්තර විනිච්ඡය ලියා ඇත්තේ සංඝපාල තෙරණුවන්ගේ ආරාධනයෙනි. බුද්ධදත්ත හිමියන් ප්‍රතිභාපූර්ණ ශූර කවියෙකු සේ විචාරකයෝ සළකති.අභිධම්මාවතාරයෙහිත්, විනය විනිච්ඡයෙහිත් අන්තර්ගත පරීක්ෂා කරන කල ඒ මතය සපුරා සත්‍ය බව ප්‍රකට වෙයි.

    ධම්මපාල තෙරණුවෝ ඉන්දියාවේ මදුරාසියට ස්වල්පයක් දකුණින් පිහිටි බදරතිත්ථ විහාරයෙහි විසූහ. උන්වහන්සේ බුද්ධඝෝෂ හිමියන්ට පසුව විසූ බවපැහැදිළි ය.බුදුගොස් හිමියන්ගේ අටුවා මෙතුමාගේ පොත්වල සදහන් වන බැවිනි. උදාන, ඉතිවුත්තක, විමානවත්ථු, පෙතවත්ථු, ථෙරගාථා, ථෙරීගාථා සහ චරියා පිටක යන පෙළපොත් වලට ලියා ඇති අටුවා ධම්මපාල හිමියන්ගේ යයි දක්වා තිබේ. මේ සියල්ල පරමත්ථදීපනී යන නමින් හැදින් වේ. ධම්මපාල හිමියන් විසින් ද සිය අටුවා වලට කරුණු ලබා ගන්නා ලද්දේ පැරණි හෙළටුවාවලිණි. එ දවස දකුණු ඉන්දියාවේ තිබූ ද්‍රවිඩ අට්ඨකථාවල සහාය ද ලබා ගන්නට ඇත. ත්‍රිපිටකයට පසුව ලියැවුණු නෙත්තිප්පකරණයට මුන්වහන්සේ අටුවාවක් ලියූබව සැළකෙයි. ධම්මපාල හිමියන් බුද්ධධර්මයෙහි පමණක් නොව සමයාන්තරයෙහි ද නිපුණයකු බව උන්වහන්සේගේ අටුවා වලින් ප්‍රකට වෙයි

  4. අභිධර්මය අබුද්ධ භාෂිතයක් යැයි කියන්නන්ට පිළිතුරු.

    Link:

    http://www.facebook.com/album.php?aid=240625&id=543700851&fbid=450533865851

Leave a Reply