Hari Dekeema

හරි දැක්ම

දන්කන්දේ ධම්මරතන හිමි

නිවන් ලැබීමට නම්, අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගුණ ධර්ම දියුණු කර ගත යුතු ම යි. එහි පළමුවෙනි අංගය වශයෙන් තමයි සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ.

“තුම්හේ හි කිච්චං ආතප්පං”  අක්ඛාතාරෝ තථාගතා”

කියලා දැක්වූ පාඨයක් තිබෙනවා බුදුරජාණන් වහන්සේ විසින්. ඔබලා ඔබලා විසින්ම උත්සාහ ගත යුතු යි. බුදු වරුන්, නැත්නම් බුදු හාමුදුරුවන්ගේ ශ්‍රාවකයන් මාර්ගය කියා දීම පමණයි කරන්නේ. ඒක නිසා මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගුණ ධර්ම මේ අය විසින් ම දියුණු කර ගත යුතු යි කියන අදහස තරයේ සිතට කාවද්දවා ගත යුතු යි. නිවන් ලැබීමට නම් මා විසින් අනිවාර්යයෙන් ම මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගුණ ධර්ම දියුණු කර ගත යුතු ම යි කියන අදහසේ පිහිටලා, ඒ ගුණ ධර්ම දියුණු කර ගන්නට උත්සාහ ගන්නට ඕනෑ. ඒ ගුණ ධර්ම දියුණු කර ගත යුතු වන්නේ තම තමා විසින් ම යි. වෙන කෙනකුට ඒවා කරලා දෙන්නට බැහැ. සම්මා දිට්ඨිය කියන්නේ මේකයි කියලා විස්තර වශයෙන් කරුණු ඉදිරිපත් කරන්නට මට පුළුවන්. නමුත් මේ අය සතු යි ඒ කරුණු තමා ම අවබෝධ කර ගන්නා එක.

මේ අවබෝධය කියන එක දැනීමක් නො වෙයි. පොතක් පතක් කියවලා, දේශනයක් අහලා ලබා ගන්නා සංඥාවක් නො වෙයි. තමාගේම සිත තුළින් ඇති කර ගත යුතු අවබෝධයක්. ඒ අවබෝධය – සම්මා දිට්ඨිය පිළිබඳ පවත්නා ඒ යථාවබෝධය – නැත්නම් නිවන් දකින්නට බැහැ. නිවන් දකින්නේ සම්මා දිට්ඨිය හරියට පැහැදිලිව ප්‍රත්‍යක්ෂ ලෙස භාවනාවෙන් අත්දැකීම තුළින්.

[pdf]http://www.dhammikaweb.com/pdfs/15_haridakma-1.pdf[/pdf]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5208

Leave a Reply