Kama Mithyacharaya – Dasha Akusal(3 of 10) – Ven Rerukane Chandawimala Thero

Kamamithyacharayaදශ අකුසලයේ(3 – 10)කාම මිථ්‍යාචාරය

තිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත බෞද්ධයගේ අත්පොත නම් කෘතියෙන් දශ  අකුසලයේ තුන්වෙනි අකුසළය වන කාම මිථ්‍යාචාරය ගැන පලකර කොටසින් . (පිටු අංක 65 සිට 66) පිටපත්කර ඉදිරිපත් කරනලදී.  ඉතිරි අකුසල ධර්මය කොටස් වශයෙන් ඉදිරි සති වලදී පලකෙරෙණු ඇත.

කාම මිථ්‍යාචාරය නම් වූ අගතියෙහි පැටලුණු පුද්ගලයාට තමන් කරන්නේ වරදක් බව, එය විශාල පාපකර්මයක් බව තේරුම් ගන්නට අපහසු වේ. ඒ නිසා ම ඔහු හෝ ඇය තවත් ඒ කෙරෙහිම ඇළී පරිහාණියට ගමන් කරන්නේ ය. එහි ආදිනව දැක නිවැරැදි මාවතට පිවිසින්නේ ඉතාම සුළු පිරිසකි.

වෙන කවරදාටත් වඩා අද සමාජයේ මේ තත්ත්වය වර්ධනය වෙමින් පවතී. මේ නිසා එහි ඇති විපාක තරුණ පරම්පරාවත්, වැඩිහිටි පරපුරත් නිරතුරුවම සිහියේ තබා ගැනීම අතිශයින් ම වැදගත් ය. පර පුරුෂ සේවනයෙහි සහ පරදාර සේවනයෙහි ආදීනව ඉතා පැහැදිලිව බුදුරජාණන් වහන්සේ අපට කියා දී ඇත. පවට බියවීම, අකුසලයෙහි ලජ්ජාශීලීවීම මිනිසා ගේ ජීවිතය සාර්ථක කරගැනීමේ නිවැරැදි මාවත වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.

ඉහත පිටු කීපය කියවීමට

 

බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය Download

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=4827

Leave a Reply