Iriyaapatha & sampajakka Bawana

නාවල ධම්මානන්ද හිමි (Ven.Nawala Dhammananda Thero)

ඉරියාපථ භාවනාව සහ සම්පජඤ්ඤ භාවනාව

 

අප උපතේ සිට මරණය දක්වා කරන බොහෝ ක්‍රියා ඇත. කුමන ක්‍රියාවක් සිදු කළ ද ඒ කිසිවක් භාවනාවක් නොවී ය. ඉරියාපථ භාවනාව යනු ඇවිදීම, හිඳීම, සයනය, ආහාර ගැනීම, වැසිකිළි කැසිකිළි යෑම ආදී සියලු ක්‍රියා සිහියෙන් යුතුව කිරීමය. එනම් යෝනිසෝමනසිකාරයෙන් සිදුකිරීම වන්නේ ය. මෙම ‘ඉරියාපථ’, එනම් ඉරියව් වල පැවැත්ම පිළිබඳ සිහිය යොමු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සත්ව පුද්ගල ආත්ම වශයෙන් තමා යැයි සිතින් අල්වා ගත් අල්වා ගැනීම මිථ්‍යාවක් හා මුලාවක් යන දෘෂ්ටිය ප්‍රහාණය කිරීම ය.

සම්පජඤ්ඤ යන්නෙහි ප්‍රකෘති අර්ථය ලෙස, “නුවණින් බැලීම” යනුවෙන් බොහෝ තැන්හි දැක්වේ. නුවණ යනු කුමක්ද? යම් සිද්ධියක් සිදුවන අවස්ථාවේදීම එහි යථා ස්වභාවය දැකීමට යෙදිය හැකි මානසික කුසලතාවයි. සියලු කායික, වාචසික, හා මානසික ක්‍රියාවල උත්පාද අවස්ථාවේදී ඒවායේ යථා ස්වභාවය දැක, අනතුරක් නොවන පරිදි ආරම්මණ සිත් සංවිධානය කිරීමේ හැකියාව ලැබෙන්නේ සම්පජඤ්ඤය මගිනි.

මෙම හැකියාව ත්‍රිහේතුක පටි සන්ධි චිත්තයාගේ (භවාංගයේ) ශුද්ධභාවය මත පිහිටන බව රේරුකාණේ චන්ද විමල හිමියෝ පවසති.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Iriyapatha_bhawanawa_VenNawala_Dhammananda_himi.pdf[/pdf]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=4509

2 comments

    • Kumara on September 10, 2011 at 12:17 pm
    • Reply

    mata kiyala danna puluwnda hariyata samtha bawanawa karana haty
    ?
     

    1. පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමියන්ගේ මෙම http://www.dhammikaweb.com/?p=5815 වෙබ් පිටුවෙන් ඔබට විග්‍රයක් ලබාගත හැක.
      ඊට අමතරව සමථ භාවනා සම්බන්දව මෙම http://www.dhammikaweb.com/?cat=87 වෙබ් පිටුවට පිවීසීමෙන් ද ඔබට බොහෝ දත්ත ලබා ගත හැක.

Leave a Reply