Apr
15

Sasun Piliwetha – Ven Katukurunde Ñāṇananda Thero

compress_Captureසසුන් පිළිවෙත – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි                                                

අපි කල්පනා කරන්න ඕනෑ ශ්‍රමණකෘත්‍යය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ බුදුවීම තුළින්, සම්බෝධිය තුළින්, ලෝකයාට ඉදිරිපත් කළේ. අපි බුදුරජාණන්වහන්සේ හඳුනාගත්  බව  කියන්නේ එතකොටයි. බුදුකෙනෙක් පහළවෙනකන් අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් බලාගන හිටියේ මොකද? ඒ කට්ටියට තෝරගන්න බැරිව තිබුන යම්කිසි ගැටළුවක් තිබුනා. ඒ අයට පෙනුන- ඔය ධ්‍යාන අභිඥා දියුණු කරගත්තු ඒ ශ්‍රමණයින්ට පෙනුනා- සියදහස් ගණන් අතීත ජාති. මේ සංසාරයේ දීර්ඝකාලයක් අපි ඇවිල්ලා තිඛෙනවා. ඒ පෙනුනේ හරියට ගෙයින් ගෙයකට යන්නා වගේ. ආත්ම සංඥාව. ඒ මිථ්‍යා වැරදි අදහසක් එතැන තිබුනේ සකකාය දිටඨිය නිසා. මම මෙන්න මේ මේ ආත්මවල මෙන්න මෙහෙම ගියා කියල. ඊට එහාට ඉතින් මේක සසර දුකක් බවත් එක්තරා ප්‍රමාණයකට තේරුනා. නමුත් මේකෙ විසඳුමක් ඒ අයට පෙනුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ පමණයි එතකොට චතුරාර්ය සත්‍යය තුළින්, ඒ පටිචචසමූපපාද ධර්මය තුළින්, මෙතෙක් ලෝකයේ කිසිවෙක් ඉදිරිපත් නොකළ ඒ ගැඹුරු ධර්මය තුළින්, ලෝකයේ යථාස්වභාවය ලෝකයාට හෙළිකළේ.

ශාසනයක් රකිනවා නම් ශාසනය හඳුනාගන්න ඕන. එතකොට ඒ සඳහා උපකාරවන යම් යම් ධර්ම කාරණා මේ දේශනාව තුළින් දැනගන්න ලැබුනා කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට තම තමන්ගේ අර කියාපු ශ්‍රද්ධාව නැතිකරගන්නේ නැතිව. ශ්‍රද්ධාව වඩාගෙන මේ ධර්ම මාර්ගයේ යන්න උත්සාහවත් වෙන්න ඕන. මෙතෙක් මේ අද දවසේ තමන්ගේ ප්‍රමාණයෙන් ඒ රැක්ක සීලය, කළ භාවනාව, මේ ඇසූ ධර්මය, ලබාගත්තු පිහිට උපකාර කරගෙන මේ පින්වතුන් තමතමන්ගේ භාවනා මස්තකප්‍රාප්ත කරගෙන මේ ශාසන පරිහානියට කලින් සෝවාන් සකදාගාමී අනාගාමී අර්හත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන් උතුම් අමාමහ නිවන සාක්ෂාත් කරගැනීමට අධිෂ්ඨාන කරගන්න ඕන. ඒකට උපනිශ්‍රය කරගන්න ඕන. අවීචියේ සිට අකනිටාව දක්වාවූ යම්තාක් සත්ත්වකෙනෙක් මෙවැනි ධර්මදේශනා ශ්‍රවණය කිරීමට, අනුමෝදන්වීමට, කැමති නම් ඒ අනුමෝදන්වීම තුළින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියත් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. මේ ගාථා කියන්න.

Read
Download

.


Mar
05

A Manual of Respiration – Ven Ledi Sayādaw Thero

“A wise man should purify himself by striving for spiritual progress during at least one of the three periods of life.”

Wise and good people who have the ability to see clearly the relation of cause and effect should renounce and relinquish success in the attainment of wealth (bhoga sampatti) and should put forth effort to achieve spiritual progress (bhava sampatti) right from the first period of life. If effort during the first
period of life is not possible, effort should be made during the second period of life. If effort during the second period of life is not possible, effort should be made as soon as one enters the third period of life.

(more…)


Jun
03

Anapaanasathi Bhawana – Ven Na Uyane Ariyadhamma Thero

ආනාපානසති භාවනාව.

පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

භාවනා කිරීමට චරිතයාගෙන් චරිතයාට ගැලපෙන්නාවූ කර්මස්ථාන ගැන සහ භාවනා කිරීමෙන්  ලබාගත හැකි ආනිසංස ගැන මනා පැහැදිලි කිරීමකින් පසු, එක් එක් භාවනා වැඩීමෙන් ලබාගත හැකි ධ්‍යානයන් පිලිබදව විග්‍රයන්, විශේෂයෙන් අනාපානසති භාවනාව මුල සිටම  ආරම්භ කරනා පිලිවෙල, සහ ධාන්‍ය මට්ටම් වලට ලගාවීමෙදී නිමිති පහල වන ආකාරය (පරිකර්ම නිමිත, උද්ග්‍රහ නිමිත්ත, පටිභාග නිමිත්ත ) සහ උපචාර, අර්පනා සමාධි මට්ටම් ලැබීම සහ එම ධාන්‍යන් වශී බවට පත්කරගන්නා ආකාරයත් එම ධ්‍යාන මට්ටම් නිසි ලෙස, නිසි අවස්ථාවේ උපයෝගි කර ගනිමින් විපස්සනාවට යොමු විය යුතු ආකාරය, ක්‍රමයෙන් ගැඹුරට යමින් පූජ්‍ය නා උයනේ මහනාහිමිපාණන් වහන්සේ විසින් දේශිත මෙම විසිතුරු  ධර්ම දේශනාවෙන් සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

 
Download

.


Nov
30

Anapanasathi Bawana -01

නා උයනේ අරියධම්ම හිමි
නාපානසති භාවනා-01


Download


Older posts «