Poor Commentary on Puttamansa Sutta by Atuwa – අටුවා විසින් පුත්තමාංස සූත්‍රයට දී ඇති බොළද විවරණය

පුත්‍ර මාංශ සූත්‍රය හා එයට අටුවාව දී ඇති බොළද විවරණ විග්‍රහය

පුත්‍ර මාංශ සූත්‍රය නිදානසංයුත්තං, නිදානවග්ගපාළි, සංයුත්තනිකාය  

පුත්‍ර මාංශ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ උපමා කථාවට අනුව බුද්ධ වචනය පහත අයුරින් වූවත්, (මග වියදමක් ගෙන, කාන්තාර මාර්ගයකට පිළිපන්නාහුය. ඔවුන්ගේ ප්‍රියවූ, මනාපවූ, එකම දරුවෙක්ද වූයේය. මහණෙනි, පසුව කාන්තාර මාර්ගයේ ගමන්ගත් ඒ අඹු සැමි දෙදෙනාගේ යම් සුළු මගවියදමක් වීද, එය ක්ෂයවීමට, අවසන්වීමට යන්නේය. ඔවුන්ට කාන්තාරය තරණය කළ නොහැකිවූයේය, ඉතුරු වූයේද විය. මහණෙනි, ඉක්බිති ඒ අඹු සැමි දෙදෙනාට මේ අදහස ඇතිවූයේය. අපේ යම් සුළු මග වියදමක් වීද, එය වනාහි වියදම්වී අවසාන විය. මේ කාන්තාරයද අවසන් නොවූයේ, ඉතුරු විය. ඒකාන්තයෙන් අපි මේ ප්‍රිය මනාප එකම දරුවා මරා, ඝන තුනී වශයෙන් (මස්) දෙකොටසක් කොට, පුත්‍රමාංශ කන්නාහු දෙදෙනාම මේ ඉතුරුවූ කාන්තාරය එතර කරන්නෙමු. නැතහොත් තුන්දෙනාම විනාශ වන්නෙමුය කියායි. “මහණෙනි, අනතුරුව ඒ අඹු සැමි දෙදෙනා ඒ ප්‍රියවූ, මනාපවූ; එකම දරුවා මරා, ඝන-තුනී වශයෙන් (මස්) දෙකොටසක් කොට, පුත්‍රමාංශ කන්නාහු,…….

නමුත් අවාසනාවක ට අටුවාවට අනුව අද මෙම සූත්‍රය සමාජගත වී ඇති බොළද කථාව වන (කෙටියෙන්):- දරුවා මවගෙන් පියාටත්, පියාගෙන් මවටත් මාරු වීමේ දී දරුවා මිය ගිය බවත් ය.  මෙතනට එකතු තිබෙන ඉහත සදහන් ඉතා ලාමක, බොලඳ කථන්දරය නිසා මේ වටිනා බුද්ධ දේශනාවේ අගය අඩුවෙන වා සේම, මේ බොළද කථාන්දරය නිසා බුද්ධ වචනය වෙනස් වන ආකාරය කෙතරම් ද කියා හඳුනා ගැනීම වටින වා සම්පූර්ණ පුත්‍ර මාංශ සූත්‍රය කියවා. 

බුදුරජාණන් වහන්සේ “ආහාරයට” තිබෙන තෘෂ්ණාවේ ස්වාභාවයේ තරම අපට වටහා දීමටයි මෙම උපමා කථාව දේශනා කොට වදාළේ. මෙය උපමා කථාවක් බව අවබෝධ නොවූ නිසාවෙන් මේ බොළද කථාන්දරය ධර්මයට පසු කාලීනව එකතු වී ඇති බවයි අපට පෙනෙන් නේ.

හොඳින් කියවා බලන්න, මෙම සූත්‍රයේ බුද්ධ වචනය අද සමාජයෙන් ඈත් වී ඇති ආකාරයට හොදම උදාහරනයක් මේක.

සූත්‍රය පාළියෙන් සහ ආසන්න වශයෙන් සිංහල පරිවර්තනය කියවීමට , 3.පුත්‍ර මාංශ සූත්‍රය

=========================

පුත්‍ර මාංශ සූත්‍රයට දී තිබෙන අටුවාව

බුදුන් අරමුණු කල ආහාරයට තියෙන තෘෂ්ණාව පෙන්වන්න දේශිත මෙම උපමාකථාව. අටුවාව විසින් බොළද කරල බුද්ධ  වචනය දී තිබෙන අටුවාව පරීක්ෂා කිරීමේ දී වැටහෙන්නේ අටුවාකරු මෙය උපමා කථාවක් ලෙස හඳුනා නැති බවයි.  අටුවාකරු බුදුන්ගේ උපමා කතාව එහෙම පිටින්ම කනපිට පෙරලලා තියෙන අන්දම වටහා ගෙන දන්නේ බුදුරජාණන් වහන්සෙ පමණී කියන තැන සිට එහි වටිනාකම වටහාගෙන මේ කෙටි ආයුෂ ඇති අප  සියල්ල බුද්ධ වචනය ඇසුරෙන් වටහා ගන්නවා මිසක් අටුවාව ගැන විශ්වාසය තබා නො ගැනීමේ වැදගත්කම මෙයින් වටහා ගන්නට පුළුවන්. ඒ වගේම අපිට බුදුරජාණන් වහන්සේ පරිනිබ්බාන සූත්‍රයේ බුදුන් වදාළ සතර මහා අපදේශයන්(83 තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: “චත‍්තාරො’ මෙ භික‍්ඛවෙ, මහාපදෙසෙ දෙසිස‍්සාමි. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස‍්සාමී…) හරහා නියම බුද්ධ වචනය හදුනා ගැනීමේ ක්‍රමයන් ද, දී තිබෙන නිසා බුදුරජාණන් වහන්සේ දැන් අප අතරේ නැහැ කියන්න කිසිකෙනෙකුට නොහැකි වෙනවා ඇත්තේ උන්වහන්සේගේ දහම තියෙන නිස යි.

මෙන්න අටුවාවේ බුද්ධ වචනයට දී ඇති දුර්වල බොළද කථාන්දරය 

පුත්තමංස සූත්‍ර වර්ණනාව -අටුවාව

මේ පුතු මැරිමට මම අසමත් වෙමි”යි කීවාය. මෙලෙස මේ මවු-පිය දෙදෙන වෙත යමින් ම දරුවා මැරී වැටුණි. ඔවුහු එය දැක හඬා වැලපී සූත්‍රයේ දැක්වෙන අයුරින් මස් ගෙන කමින් පිටත්ව ගියහ.  https://tipitaka.lk/atta-sn-2-1-7-3

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22873

Leave a Reply