සද්ධාතිස්ස රජු ශ්‍රද්ධාවෙන් පුබුදුවාලූ කාලකාරාම සූත්‍ර දේශනාව

බුද්ධරක්ඛිත හිමියෝ ධර්ම දේශනාව පටන් ගත්හ. සද්ධාතිස්ස රජු හැම පොහොය දිනකම සිල් සමාදන් වීම සිරිතක් කර ගෙන සිටියේය. මෙදින ද අමාවක පොහොය දිනය වූයෙන් උපෝසථ සීලය සමාදන් වු රජු සුමධුර ධර්ම දේශනාවකට සවන් දීමේ ආශාවෙන් සිටියේය.

මිහින්තලේ පැවැත්වෙන සුවිශේෂ ධර්ම දේශනය පිළිබඳ රජුට අසන්නට ලැබිණි. රජු අතවැසියන් සමග එහි ගියේය. රජු එහි යන විට අඳුර වැටී තිබූ අතර බොහෝ උවසු උවැසියෝ ධර්ම දේශනා භූමියේ අතුරු සිදුරු නැතිව පිරී සිටියහ. තමා පැමිණි බව තෙරුන් වහන්සේට දැන්වීම හෝ සෙනග පීරා ගෙන ඉදිරියට යෑම හෝ නොමනා යැයි රජු සිතූ සේය. හෙතෙම ඉඩ ලද තැනක සිටි වනම හිටිපිය නොසලා, මුළු රැය පහන් වනතුරුම ධර්ම ශ්‍රවණය කළේය. පසු දින පහන් වත්ම හමාර බණ දෙසූ හිමියෝ ධර්ම දේශනය නිමා කළහ. තමන් පැමිණි බව තෙරුන්ට ඇඟවීමට සුදුසු කල යැයි සිතූ රජු. උන් වහන්සේගේ දර්ශන පථයට සමීප විය. බුද්ධ රක්ඛිත හිමියෝ රජු හැඳින ගත්හ.

Read more

අඞ්ගුත්තරනිකාය » චතුක්කනිපාතපාළි » උරුවෙලවග්ගො » කාළකාරාමසුත්තං

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22416

Leave a Reply