වස් වැසීමවත් අවශ්‍ය නුවණට හුරු වැඩකැයි මටනම් නොවැටහේ – අද ලක්දිව පවත්නා තත්වයේ හැටියට , වල්පොල රාහුල හිමියන්

උපුටා ගැනීම, වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියෙන්’

අද ලක්දිව පවත්නා තත්වයේ හැටියට, භික්ෂූන් වහන්සේලාගේ වස් වැසීමවත් අවශ්‍ය නුවණට හුරු වැඩකැයි මටනම් නොවැටහේ: පන්සලේ ඔප්පුව භික්ෂුන් වහන්සේ නමටය: නැතහොත් පන්සල ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් ඒ භික්ෂුවට අයත් වූවකි. එය ගොඩනගන ලද්දේ භික්ෂුවගේ බලවත් මහන්සියෙනි.

මුළු අවුරුද්දම ඒ භික්ෂුවගේ පදිංචිය මේ පන්සලේය. පිටතකට ගොස් සතියක් ගත කළොත් ඒ ඉතාම අමාරුවෙනි. ස්ථානයට අයත් සියල්ලම ඒ භික්ෂුවගේ බූදලය වෙයි. නඩුවක් කියාවත් ඒ භික්ෂුව එතනින් ඉවත් කරනට පුළුවන් කමක් නැත. මරණින් පසුව හෝ ඒ භික්ෂුව පන්සල හැර යනවා ඇතැයි සිතීම උගහටය. නමුත් වර්ෂයකට වරක් දායකයෝ පන්සලට අවුත් දැහැත් අතක් පිළිගන්වා, ස්වාමීනි, මේ හාරමාසය මෙහි වස්වසනු මැනැවයි ඒ භික්ෂූන් වහන්සේට ආරාධනා කරති. මීට වඩා ලොකු වෙනත් කවට කමක් කළ හැකි ද?

උපුටා ගැනීම වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය කෘතියේ” පිටු අංක 56

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22375

Leave a Reply