(No title)

පටිචචසමුපපාද තෙවන වෙළුම – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

පටිචචසමුපපාද ධම_යේ ගම්භීරත්වය නිසාම සම්බුදධ පරිනිර්වාණයෙන් සියවසක් ගත වීමට පෙර පැන නැඟි විවිධ බෞද්ධ නිකායයන් අතර විවිධාකාර අථ_ විවරණ ඒ පිළිබ`දව ඉදිරිපත් කෙරුණි. වචනයක් වශයෙනුත්, දර්ශනයක් වශයෙනුත් භාරතීය දර්ශන සම්ප්‍රදායයන්ට අමුත්තකු  වූ පටිචචසමුපපාදය හ`දුනා ගැනීමට දැරූ දාර්ශනික ප්‍රයත්නවල ප්‍රතිඵල වශයෙන් එකිනෙකට විරුද්ධ විග්‍රහ විවරණ අර්ථකථන රැගත් ප්‍රකරණ ග්‍රන්ථ රාශියක් බිහිවිය. එක් එක් බෞද්ධ නිකාය තම තමන් ගත් දෘෂ්ටි කෝණයට අනුව පටිචචසමුපපාද ධම_ය විග්‍රහ කරන්නට විය. එම නිසාම බුදධ දේශනාවට අනුකූල වූ නිවැරදි අර්ථකථනය කුමක්ද යන්න නිගමනය කිරීම දුෂ්කර කාර්යයක් වී ඇත.

මේ වාතාවරණය තුළ සූත්‍රාගත බුද්ධ දේශනා ඇසුරින් පටිචචසමුපපාද ධර්මය විවරණ කරමින් අප විසින් දැනට පවත්වාගෙන
යනු ලබන පහන් කණුව පටිචචසමුපපාද දේශනා මාලාව මෙසේ වෙ`ඵම් වශයෙන් මුද්‍රණද්වාරයෙන් නිකුත් කිරීමට තීරණය කළෙමු.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22320

Leave a Reply