උත්තරීතර හුදෙකලාව – කටුකුරුන්දේ ඤාණනන්ද භික්ෂු
පරිසමාප්ත හුදෙකලාව නිරූපිතව ඇත්තේ සිත පිළිබඳ හුදෙකලාවක් වශයෙනි එය වනාහි, ගියකලට සහ මතුකලට අයත් සියල්ල අතහැර, එළැබි මොහොතෙහි තම ආත්ම භාවයට ඇති ඡ්න්ද-රාගය ප්‍රහීණ කිරීමෙන් දිනාගනු ලබන්නකි……
….’ඉදිරියෙන් හෝ පසුපසින් හෝ අනෙකකු දක්නට නො මැති නම් වනයේ හුදෙකලාව වෙසෙන්නෙකුට ඉතා පහසුවක් දැනෙයි.’
‘ඉදිරියෙන් හෝ පසුපසින් හෝ අනෙකකු දක්නට නො ලැබීමේ සතුට කායික හුදෙකලාව පිළිබඳ සංකල්පයට අදාල වන්නේ යම් සේ ද, එසේ ම මතු බලාපොරොත්තු සහිත ඉදිරි බැලුම්ද, යටගියාව දෙසට හෙළන පසුබැලුම්ද නොමැතිවීම මානසික හුදෙකලාවේ අත්‍යාවශ්‍ය අංගයකී. යටගියාවට අයත් සියල්ල අතහැරියේ ( යං අතීතං තං පහීනං’ – ථෙරනාම සු: ‘යදතීතං පහීනං තං බද්දේකරත්ත සු: ) යටගියාව ලුහුබඳින්නේවත් එහි ජීවත්වන්නේවත් නැත. මතුවට එන දේ හැර දැමූ යේ ( යං අනාගතං තං පටිනිස්සට්ඨං – ථෙර සු: ) මතුව ගැන සැකමුසු පැතුම් කිසිත් ඇතිකර නො ගනියි.
Recent Comments