Samatha & Vipassana – Bhikkhu Katukurunde Ñāṇananda

සමථ – විදර්ශනා කියන්නේ එකක් ද? දෙකක් ද?

ඇතැම් කෙනෙක් ප්‍රකාශ කරනවා සමථය විදර්ශනාවය කියන්නේ එකමයි. සමථය වඩලා ඉවර වෙනකොට විදර්ශනාව කෙරිලා ඉවරයි. කෙටියෙන් තේරුම් ගන්න පුළුවන්, සමථය කියලා කියන්නේ සමාධි පැත්ත. කිසියම් කුසල් අරමුණක හිත එක්තැන් කර ගැනීමෙන් සමාධිමත් කරගැනීම. විපස්සනාව කියලා කියන්නේ- මේ පින්වතුන් දන්නවා ඇති- අනිත්‍ය දුඃඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය විනිවිද දැකීම. එතකොට ඒ කාරණා දෙකම ඉබේම සමථය කරනකොට විදර්ශනාව වැඩෙනවා කියලත් ඇතැම් කෙනෙක් කියනවා.

තවත් කෙනෙක් කියනවා මේ සමථය කියන එක බෞද්ධයින්ට අයිති දෙයක් නොවේ. ඒක අර අතීතයේ සෘෂිවරුන්ට,  පසයින්ට, අයිතිදෙයක්. අපට විදර්ශනාව විතරක් තිබුනාම ඇති. විදර්ශනාවෙන් පුළුවන් අපට ඔක්කොම කරගන්න. ඔන්න ඔය විධියට ඒ අන්ත දෙක. 

තවත් ඇතැම් කෙනෙක් කියනවා සමථයේ ඔය කෙළවරටම යනකන්, නෙවසඤඤානාසඤඤායතන ආදියට යනකන්, විදර්ශනා ගැන හිතන්නවත් ඕන නැහැ. ඔහොමත් කියනවා. ඉතින් ඔය වගෙ නානාවිධ මතිමතාන්තර ඇතැම් අය තුළ තිඛෙන බව පෙනෙනවා. ඕක නිසා වික්ෂිප්ත වුන යෝගාවචරයිනුත් බොහෝවිට අප ළඟට ඇවිල්ලා සාකච්ඡා කරනවා.

ඉතින් මේකෙදී කෙටියෙන්ම කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සංග්‍රහ කරලා දක්වන සූත්‍රවල ඔය අංගුත්තර නිකාය ආදියේ කෙලින්ම දක්වනවා, ර්‍ණ දෙව ධමමා සමථො ච විපසසනා ච”ග දෙකේ ඒවා දක්වන කොටසේ දක්වනවා ධර්ම දෙකක් තියෙනවා. සමථයයි විපසසනාවයි. එහෙම දෙකේ කොටසක දක්වන්නේ ඒක දෙකක් නිසයි. එතකොට අපි නිසැකවම තේරුම් ගන්න ඕන සමථයයි විපසසනාවයි කියල කියන්නේ දෙකක්. ඊළඟට ඒ දෙක අතර සම්බන්ධතාව ගැන ප්‍රකාශ වෙනකොට ඒ වගේම මෙතන අපි හැම වචනයක්ම විග්‍රහ කරනවා නම් ර්‍ණකාලෙන ච” කියන වචනයකුත් කියවුනා. ~සමථං අනුයුඤෙජය්‍ය කාලෙන ච විපසසනං~ සමථයෙහි යෙදෙන්නේය. කලින් කලට, එහෙම නැත්නම් අවස්ථානුකූලව, විපසසනාව. ඇත්ත වශයෙන්ම ර්‍ණකාලෙන” කියන එක ඒ වචන දෙකටම ගැලපෙන විධියටයි අපි තේරුම් ගන්න ඕනෑ. ඇතැම් ගාථාවල ඒක එකවරක් සඳහන් වුනත්. සමථය කාලානුරූපව කරන්න ඕන, අවස්ථානුකූලව. විපසසනාව අවස්ථානුකූලව කරන්න ඕන…..

උපුටා ගැනීම පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි විසින් රචිත භාවනා මාර්ගය පොතෙන් පිටු අංක 156-157

සම්පූර්ණ පොත බා ගැනීමට භාවනා මාර්ගය

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21810

Leave a Reply