Money is not allowed for Buddhist Monks

භික්ෂූන් වහන්සේලා ට මුදල් කැප නැත? – 10. මණිචූළ සූත්‍රය, 8. ගාමණී සංයුත්තය, සළායතනවග්ගපාළි – සංයුත්තනිකාය.

බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා කාලයේ බිම්බිසාර මහරජ්ජුරුවන්ගේ රාජ සභාවේ ඔය සාකච්ඡාව ඇති වුනා….. මේ රාජසභාවේ සමහරෙක් කියන වා භික්ෂූන් ට මුදල් කැපයි කියලා. ඔය වෙනකොට ගාමිණී කියන රාජකුමාරයා නොබියව කියනවා භික්ෂූන් වහන්සේලාට වත්, කිසිම පැවිද්දෙකුට වත්, මුදල් කැප නැහැ. එයට හේතුව මුදල් කැප නම් ඔහුට පංචකාම සම්පත්තියම කැප වෙන්න ට ඕනේ. ඒක නිසා කිසිම පැවිද්දෙක් ට මිලමුදල්, රන්කහවණු කිසිසේත් කැප නැත කියා කෙලින් ම කීවා එයට කිසිම කෙනෙකුට විරුද්ධ වෙන්න බැරි වුනා. 

පසුව එතුමා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න ගිහින් මේ කාරණය පැවසුවා. භාග්‍යවතුන් වහන්ස මා රාජසභාවේ ඒ කියූ කථාව භාග්‍යවතුන් වහන්සේගේ දේශනයට සංසන්දනය වෙනව ද කියා මට දැන ගන්න ඕනේ.

බුදුරජාණන් වහන්සේ වදාළා එසේ ය ගාමිණී. යම්කිසි කෙනෙකුට මුදල් කැප නම් ඔහුට පංචකාම සම්පත්තිය ම කැප වෙන්න ඕනේ. ඒ මොකද මුදලින් කරන්න බැරි දෙයක් නැහැ. එම නිසා ඔබේ කථාව මගේ දේශනයට සංසන්දනය වෙන වා කියා බොහෝම සතුටින් අනුමත කළා…….10. මණිචූළ සූත්‍රය, 8. ගාමණී සංයුත්තය, සළායතනවග්ගපාළි – සංයුත්තනිකාය.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21483

Leave a Reply