“~ඉතථභාව අඤඤථාභාව~, විඤඤාණය, නාමරූපය “ – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි.
……...විඤඤාණය මේ කයින් ගිලිහිලා, කලින්ම ගත්තු අරමුණක – නාමරූප අරමුණක – හරි හැටියට පිහිටියට පස්සේ එතන ඒ නාමරූපය වැඩෙන්න පටන් ගන්න බව සඳහන් කළා. එයින් අපට පෙනෙනව විඤඤාණයේ මවුකුසක රැඳීමටත් වැඩීමටත් ඒ හැම එකටම නාමරූපය අවශ්‍යවන බව. මෙතැනින් ගිලිහිලා මවුකුසකට යාම ශරීරයේ ගමන වගේ එක තැනකින් තව තැනකට යාමක් නොවන බව විශේෂයෙන් තේරුම් ගත යුතුව තිඛෙනව. මේක ඇත්ත වශයෙන්ම දෘෂටි කෝණයේ වෙනසක් මිස යම්කිසි ආතමයක සංක්‍රමණයක් නොවෙයි. ඒ කියන්නේ, විඤඤාණය මේ කයින් ගිලිහිල මවුකුසක නැවතුනහම – මවුකුසක සම්පූණ_යෙන්ම පිහිටියහම – එතැන මෙතැනක් වෙනව.
ඒ විඤඤාණයේ දෘෂටි කෝණය අනුව එතැන මෙතැනක් වෙනව. ඊළඟට එතැනට, මෙතැන එතැනක් වෙනව. කලින් ~එතැන~ වශයෙන් තිබුන එක ~මෙතැනක්~ වෙනව. එතැනට, මෙතැන එතැනක් වෙනව. අන්න ඒ විධියෙ එක්තරා දෘෂටි කෝණයේ වෙනසක් මෙතන තියෙන්නේ. ඒක නිසා සම්පූණයෙන්ම එක තැනකින් ගිලිහිලා අනින් තැනකට ගියා කියන අදහස නොවෙයි. සාමාන්‍යයෙන් පුදගලයෙකුගේ ගමන වගේ නොවෙයි. මේක එක්තරා විධියක වට වළල්ලේ යාමක්. මේක වඩාත් පැහැදිලි වෙන්නේ විඤඤාණය පවා පටිචච සමුපපනන බව බුදුපියාණන් වහන්සෙ බොහෝ අවසථාවල දක්වල තියෙන නිසයි.
ධර්ම දේශනාවට පාදක වුනු සූත්‍රයන්
5. සංයුත්තනිකාය | චේතනා සූත්‍රය | 23. ඛන්ධවග්ගපාළි | උප්පාදසංයුත්තං |
5. සංයුත්තනිකාය | චේතනා සූත්‍රය | 23. ඛන්ධවග්ගපාළි | කිලෙසසංයුත්තං |
5. සංයුත්තනිකාය | චේතනා සූත්‍රය | 22. නිදානවග්ගපාළි | නිදානසංයුත්තං » කළාරඛත්තියවග්ගො |
5. සංයුත්තනිකාය | චේතනා සූත්‍රය | 22. නිදානවග්ගපාළි | නිදානසංයුත්තං » කළාරඛත්තියවග්ගො |
5. සංයුත්තනිකාය | චේතනා සූත්‍රය | 22. නිදානවග්ගපාළි | නිදානසංයුත්තං » කළාරඛත්තියවග්ගො |
9. සේලා සූත්‍රය – 5. භික්ඛුනී සංයුත්තය, සගාථාවග්ගපාළි, සංයුත්තනිකාය.
12. මුනිසුත්තං – 1. උරගවග්ගො, සුත්තනිපාතපාළි, ඛුද්දකනිකාය………
Recent Comments