Start Construction of Pagoda(Cetiya) – 18 December 2017

Bubble shape Stupa for Remote area in Sri Lanka , start construction work on December 18, 2017, (බුබුලාකාර චෛත්‍යරාජාණන් වහන්සේ නමක් ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානයක ඉදිකිරීම – බුද්ධ සාසනයට පූජාකිරීම පිණිස,

නෙත යන යන තැන වෙහෙරක් පෙනීයන්
වෙහෙරක් නැති තැනෙක වෙහෙරක් තැනීයන්”                                              ඉන්දෙන පණිවිඩය සවනට දැනීයන්          දුටු දුටු හැම සිතකම සිල් ගැනීයන්මර්සලිනු ජයකොඩි පියතුමා  (Whereever you look you may see a Pagoda, If there is no Pagoda there may they build a Pagoda, The lesson which comes from it may go the heart, Whenever we see peace may fill our heart – (Fr. Marcelline Jayakody).

එදා අප ඇසූ ඒ කවිය සිත දරාගෙන පෙරුම්පුරමින් සිට වෙහෙරක් තැනීමේ අභිලාශය අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා සමග එකතු වී ආරම්භ කිරීමට තරම් අප භාග්‍යවන්ත වන්නෙමු. ඒ උතුම් කටයුත්ත වැඩි ඈතක නොව මේ 2017 දෙසැම්බර් 18 මුල්ගල තැබීමට කටයුතු ලහි ලහීයේ සිදුවෙමින් පවතින මෙවන් අවස්ථාවක මේ සටහන අපගේ කල්‍යාණ මිත්‍රයන් වෙනුවන් තැබීමට සිතුවෙමු. ශ්‍රී ලංකාවේ දකුණු පලාතේ දුෂ්කර ගම්මානයක් සොයා දීමට දැඩි වෙහෙසක් දැරූ, ඒ උතුම් අවස්ථාව අපට ලබාදුන් අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ට ඒ පින් උන්වහන්සේලාගේ නිවන් අරමුණ පිණිස හේතූ වේවා

මේ පිං සියල්ලෝ ම අනුමෝදම් වෙත් වා!

අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !
 
සම්බුදු සසුන මේ ලක් පොළොවෙහි පවතින තාක් මේ දහම් අමාගඟ
ලෝ සතුන් සිත් සනහමින් නොසිඳී ගලා යේවා යනු අපගේ පැතුමයි.
~~සබබදානං ධමමදානං ජිනාති~~

 

Construction on Pagoda(Cetiya)

The relation between Buddhism and pagodas(cetiyas) is explained in Buddhist literature. The pagoda is to serve as a monument of peace and harmony. With having that idea, our friends are lucky enough to  start constructing one Pagoda in very rural area of southern part of Sri Lanka. Construction about to begin mid of December 2017. All the preparation has already been started. 

A cetiya is commonly known as a pagoda, which has been a sacred shrine in Buddhism since ancient times. The ultimate goal of the establishment of a Cetiya is to create real world peace. The Cetiya is a link to world peace.  

This merit will help us towards wining liberation from the cycle of suffering.

Stupa Construction started on 18/12/2017  link to see present status

———————————————-

ගමේ සියළු දෙනා එකතු කරගෙන මුල්ගල් සියයකට වැඩි තබා 2017-12-18 දින ගොඩ නැගීම ආරම්භ වූ ස්තූපය කටයුතු අද වන විට ( මැයි 2018) මෙසේ දිස් වෙයි. චෛත්‍ය මළුව සකස් වෙමින් චෛත්‍ය ගර්භය ගොඩ නැගීමට සියල්ල සූදානම් වෙමින් පවතී.

Image may contain: outdoor Image may contain: tree and outdoor

Fb Link

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20975

Leave a Reply