Monks and novices are not allowed to accept money? – Ven Na Uyane Ariyadhamma Thero

Na_Uyane_Ariyadhamma_theroභික්ෂූන් වහන්සේලා ට මුදල් කැප නැත? 

බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා කාලයේ බිම්බිසාර මහරජ්ජුරුවන්ගේ රාජ සභාවේ ඔය සාකච්ඡාව ඇති වුනා….. මේ රාජසභාවේ සමහරෙක් කියන වා භික්ෂූන් ට මුදල් කැපයි කියලා. ඔය වෙනකොට ගාමිණී කියන රාජකුමාරයා නොබියව කියනවා භික්ෂූන් වහන්සේලාට වත්, කිසිම පැවිද්දෙකුට වත්, මුදල් කැප නැහැ. එයට හේතුව යම්කෙනෙකුට මුදල් කැප නම් ඔහුට පංචකාම සම්පත්තියම කැප වෙන්න ට ඕනේ. ඒක නිසා කිසිම පැවිද්දෙක් ට මිලමුදල්, රන්කහවණු කිසිසේත් කැප නැත කියා කෙලින් ම කීවා එයට කිසිම කෙනෙකුට විරුද්ධ වෙන්න බැරි වුනා. 

පසුව එතුමා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න ගිහින් මේ කාරණය පැවසුවා. භාග්‍යවතුන් වහන්ස මා රාජසභාවේ ඒ කියූ කථාව භාග්‍යවතුන් වහන්සේගේ දේශනයට සංසන්දනය වෙනව ද කියා මට දැන ගන්න ඕනේ.

බුදුරජාණන් වහන්සේ වදාළා එසේ ය ගාමිණී. යම්කිසි කෙනෙකුට මුදල් කැප නම් ඔහුට පංචකාම සම්පත්තිය ම කැප වෙන්න ඕනේ. ඒ මොකද මුදලින් කරන්න බැරි දෙයක් නැහැ. එම නිසා ඔබේ කථාව මගේ දේශනයට සංසන්දනය වෙන වා කියා බොහෝම සතුටින් අනුමත කළා…….10. මණිචූළ සූත්‍රය, 8. ගාමණී සංයුත්තය, සළායතනවග්ගපාළි – සංයුත්තනිකාය.

.….එක් අවස්ථාවක දී උපනන්ද සාඛ්‍යපුත්‍ර ස්වාමින් වහන්සේ රණපවුමක් ලබා ගත් බව බුදුරජාණන් වහන්සේට සැලවීමෙන් පසු සික්ෂා පදයක් පැනෙව් වා මෙසේ. “යම් කිසි භික්ෂුවක් රණ් රිදී, මසු කහවනු තමන් අතට පිලිගත්තා වූ, වෙනකෙනෙක් ලවා තමා උදෙසා පිළිගත්තා වූ, තමන් උදෙසා කියූ දෙයක් සිතින් පිළිගත්තා වූ, එයින් ලබා ගන්නා දේ සම්පූර්ණයෙන් අකැපයි”.

දැන් අපි කියමු භික්ෂුවක් මුදලකට අඹ ගෙඩියක් ගත්තා. අඹ ගෙඩිය ගන්න කොටම ආපත්ති, මුදල පරිහරනය කිරීම ආපත්ති, අඹ ගෙඩිය අනුභවය කිරීමක් පාසා ආපත්ති.  

යම්කිසි භික්ෂුවක් මුදල් පරිහරනය කර ලක්ෂ ගණනින් හදන වා කුටියක්, සේනාසනයක්, ධර්ම ශාලාවක්, ධර්ම ආසනයක්, පුටුවක්, ඒක හදනකොටත් ආපත්ති, පරිභෝග කරන වාරයක් ගානේ ආපත්ති. ඇවැත් කන්ඳකට යට වෙන වා මේ මුදල පාවිච්චිය නිසා……

Download

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20656

Leave a Reply