Aharaya -Patticca Samuppadaya Deshana (19) – Ven Kaṭukurunde Ñāṇananda Thero

Capture “ආහාරය” – පටිච්චසමුප්පාද දේශනා (19) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි.

සත්වයින්ගේ ජීවිතය රදා පවතින්නේ ආහාරය මතයි. භවදුක වඩන තන්හාව ආහාරය තුල සැඟවෙලා තිබෙන වා. අන්න ඒක නිසා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිද්ධ වුනා ආහාරය පිළිබඳ ඉතාමත් ම ගැඹුරු දර්ශනයක් ලෝකය හමුවේ තබන්න.

752. ‘‘යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති, සබ්‌බං ආහාරපච්‌චයා; ආහාරානං නිරොධෙන, නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවො.

753. ‘‘එතමාදීනවං ඤත්‌වා, දුක්‌ඛං ආහාරපච්‌චයා; සබ්‌බාහාරං පරිඤ්‌ඤාය, සබ්‌බාහාරමනිස්‌සිතො.

754. ‘‘ආරොග්‍යං සම්‌මදඤ්‌ඤාය, ආසවානං පරික්‌ඛයා; සඞ්‌ඛාය සෙවී ධම්‌මට්‌ඨො, සඞ්‌ඛ්‍යං නොපෙති             වෙදගූ’ –

ඒ දර්ශනය කියවෙන පටිච්චසමුප්පාද ධර්මයට ම අදාල ගාථා තුනක් තමයි අද අපි 19වෙනි දේශනාවට මාතෘකාව හැටියට ගත්තේ. මේ ගාථාව තියෙන්නේ 12. ද්‌වයතානුපස්‌සනාසුත්‌තං3. මහාවග්‌ගො,  සුත්‌තනිපාත – ඛුද්‌දකනිකාය සූත්‍රයේ ය. මීට කලින් පටිච්චසමුප්පාද ධර්ම දේශනා කීපයකම මේ සූත්‍රයේ දේශනා රටාව තේරුම් කර දී තිබෙන වා. කෙටියෙන් සලකා ගතහොත් සමුදය, නිරෝධය කියන දෙපැත්ත අනුපස්සනාවක ට නගල ඒ ඒ ධර්ම කාරණා ඉදිරිපත් කෙරෙන දේශනා රටාවක් මේ සූත්‍රයේ තියෙන්නේ. මෙතන දී බුදුරජාණන් වහන්සේ ආහාරය පිළිබඳව සමුදය, නිරෝධය කියන දෙපැත්ත දේවේතාණුපස්සනාවකට නගල පළමුවෙන් ම ඉදිරිපත් කරන්නේ මෙහෙම යි.

මහනෙණි, මැනවින් ද්වේතාණුපස්සනාව වැඩීමේ තවත් ක්‍රමයක් ඇත්දැ යි යමෙක් ඇසුවොත් ඒ අයට මෙසේ කිව යුතු ය. තිබිය හැකි ය, කෙසේ ද තිබිය හැක්කේ? යම්තාක් දුකක් හට ගනී ද, ඒ සියල්ල “ආහාර” ප්‍රත්‍යයෙනි. මේ එක අනුපස්සණාව කී. ආහාරයේ ම නිරවශේෂ විරාග නිරෝධයෙන්, දුකෙහි හට ගැන්මක් නැත. මේ දෙවෙනි අනුපස්සණාව යි…..

ඊලග මහ පුදුම දේශනාවක් බුදුරජාණන් වහන්සේ පවත්වලා තියෙන වා   3.පුත්‍ර මාංශ සූත්‍රයේ (7. මහා වර්ගය, නිදාන වර්ගය, 1. නිදානසංයුත්තං, නිදානවග්ගපාළි, සංයුත්තනිකාය. මෙය පටිච්චසමුප්පාදයට එල්ල කර විග්‍රහ කරන්න බලාපොරොතු වෙන වා. මේ පුත්‍ර මාංස දේශනාව මහා ප්‍රබල සත්වයා තුල සංවේගයක් ඇති කරන තත්වයේ දේශනාවක්. ඉතා ගැඹුරු කාරණා කීපයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන වා කමටහනක් වගේ හරියට….සූත්‍රය කෙටියෙන් :- යම් සේ, ඒ අඹු සැමි දෙදෙනාට මේ අදහස ඇතිවූයේය. අපේ යම් සුළු මග වියදමක් වීද, එය වනාහි වියදම්වී අවසාන විය. මේ කාන්තාරයද අවසන් නොවූයේ, ඉතුරු විය. ඒකාන්තයෙන් අපි මේ ප්‍රිය මනාප එකම දරුවා මරා, ඝන තුනී වශයෙන් (මස්) දෙකොටසක් කොට, පුත්‍රමාංශ කන්නාහු දෙදෙනාම මේ ඉතුරුවූ කාන්තාරය එතර කරන්නෙමු. නැතහොත් තුන්දෙනාම විනාශ වන්නෙමුය කියායි.“මහණෙනි, අනතුරුව ඒ අඹු සැමි දෙදෙනා ඒ ප්‍රියවූ, මනාපවූ; එකම දරුවා මරා, ඝන-තුනී වශයෙන් (මස්) දෙකොටසක් කොට, පුත්‍රමාංශ කන්නාහු, ….(ඒ උපමා කථාව) අන්න එසේ කබළිංකාරාහාරය ගත යුත්තේ…..

බුද්ධ දේශනාව එසේ වූවත් අපට කියන්න සිද්ද වෙන වා අවාසනාවකට වගේ අටුවාචාරීන් වහන්සේ මෙතනට එකතු කරන වා ඉතාමත් ම ලාමක, බොලඳ කථන්දරයක් මේ වටිනා බුද්ධ දේශනාවේ අගය අඩුවෙන. මෙන්න මේ විදිහටයි අටුවාචාරීන් වහන්සේ ලස්සන කථාන්දරය එකතු කරන්නේ….

 

Download

Sourceseeing through the net

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20408

2 comments

  1. it is not possible to download

    1. Please click on the Download link, then another window will open to download.

Leave a Reply