Soma Himi Charithapadhanaya – Indu Perera

Soma_Himi1පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි චරිතාපදානය – ඉන්දු පෙරේරා

මෑත ඉතිහාසයේ මෙරට පහළ වූ ධර්ම විනය පිළිබද මනා පරිචයකින් යුතු විචිත්‍රවත් ධර්ම කථිකයාණන්වහන්සේ නමක ලෙස ජනතා සම්භාවනාවට පත් වන පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේගේ ළමා විය, තුරුණු විය සහ පැවිදි ජීවිතයේ පළමු දශක දෙක මුල්කොට ලියැවී ඇති සෝම හිමි චරිතාපදානය කියවීමෙදී අපට හොදින් වැටහී යන කරුනක් වන්නේ, උන්වහන්සේට අපේම සිංහල බෞද්ධයන්ගෙන් වුනු කැනහිලිකම්, සිත් රිදුම් අනන්තයි අප්‍රමානයි.

(උදා;සෝම හාමුදුරුවන් ගැන තරුණ පිරිස් කලකිරවන වෑයමක් -පිටු අංක.78-82,) නිදහසට කරුණු දක්වන කැසට් පටයක් පිටු අංක.134-138, ඕස්ට්‍රේලියාවේ ඇතැම් සිංහලයනට සෝම හිමිගේ ඇත්ත තිත්ත වෙයි පිටු අංක.153-157, , සෝම හාමුදුරුවන් ඕස්ට්‍රේලියාවෙන් නෙරපීමේ කුමන්ත්‍රණයක් පිටු අංක.158-163, උන්වහන්සේ අභියස සිටිමින්, උන්වහන්සේගේ  ධර්ම කටයුතු වලට සම්බන්දධ වූවන් විසින්ම උන්වහන්සේට නින්දා කිරීම අතිශයින්ම කනගාටුදායක බව මෙම පොත කියවීමේදී පැහැදිලි වේ.

මින් ඉදිරියටවත් අප බෞදධයන් තම තමන්ගේ සුඛ විහරනයට/ප්‍රසිද්ධිය උදෙසා විශේෂයෙන්ම දායක සභා උපාදානය කර ගනිමින්, තමන්ගේ අනසකට යටත් කරගන්න වෙර දරන සහ දායක සභා ගසා කමින් සංඝයා වහන්සේලාට නිගරු කරමින්. මෙම උතුම්වූ සද්ධර්මය මෙලොවින් අතුරුදහන් කිරීමට කටයුතු නො කිරීමට මෙම පිටු කීපය කියවා හෝ යම් බෞද්ධයෙක් අධිෂ්ඨානය කරගන්නේ නම් එය මෙම උතුම්වූ ධර්මයේම යහපතටම හේතුවන අතර ධර්මය තවත් චිරාත් කාලයක් පැවතීමටද හේතුවක් වේ.

Download

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=19951

Leave a Reply