Vidharshana Bhawana – Ven Rerukane Chandawimala Thero

widarshana-bhawana-kramaya විදර්ශනා භාවනා

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

 බෞද්ධයකු වීමෙන් ලැබිය යුතු උසස් ප්‍රතිඵල ලැබිය හැකි වනුයේ භාවනාවෙනි.

මෙකල අප රටේ යෝගාවචරයන් අඩුවී ඇත්තේත් ගිහියනට තබා පැවිද්දන්ට ද භාවනාව අරළු කසාය වැනි වී තිබෙන්නේත්, ඵල දැකිය හැකි සැටියට භාවනා කිරීමේ ක්‍රමය නො දැනීම නිසා ය. භාවනා ක්‍රමයක් අන්‍යනයට කියා දීමට සමත්, භාවනා කිරීම පිළිබද දැනුම, පළපුරුද්ද ඇති ගුරුවරු ද, අප රටේ සුලභ නැත.

කොතරම් වීර්ය කොට කොතෙක් දුක්ගෙන කොතෙක් කලක් භාවනාවෙහි යෙදුනත් ක්‍රමානුකූලව භාවනාව නො කැරුණහොත්, එයින් මෙලොවදී ම දැකිය හැකි තරම් ඵලයක් නො ලැබේ. ඉක්මනින් ඵල දැකීමට නම්, භාවනා ක්‍රමය නිවැරදිව හොඳින් දැනගෙන භාවනා කළ යුතුයි. 

මෙකල භාවනාවේ යෙදීමේ අභිලාෂය ඇතිව වෙසෙන, ගිහි පැවිදි පින්වතුනට බරපතල කරුණක් වී තිබෙන්නේ මාර්ගදේශකයක් නැති බවය. ඒ පින්වතුනට අපගේ ශක්ති පමණින්වත් උපකාරීවීමේ අදහසින්, අප විසින් “විදර්ශනා භාවනා ක්‍රමය” නමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. මෙය විශුද්ධි මාර්ගය හා එහි පරිවාර ග්‍රන්ථයන් ද, බුරුමයේ ප්‍රසිද්ධ යෝගාවචරයන් විසින් සම්පාදිත පොත් කීපයක් ද ඇසුරුකොට අප විසින් ඇසුරු කළ යෝගාවචරයන්ගෙන් ද දැනගන්නා ලද බොහෝ කරුණුවලට ද අපගේ ම අත්දැකීම් වලට ද අනුව සම්පාදනය කරන ලද්දකි.

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1826

Leave a Reply