Vidharshana Bhawana- Ven Rerukane Chandawimala Thero

widarshana-bhawana-kramayaවිදර්ශනා භාවනා

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

විදර්ශනා භාවනාව හෙවත් විපස්සනා භාවනාව ඇත්තේ බුදුදහම තුළ පමණි. විදර්ශනා හෙවත් විපස්සනා භාවනාවෙන් කෙරෙන්නේ ලොව සල නිසල, සජීවී, අජීවී සියල්ලෙහි දක්නට ඇති ලක්‍ෂණ තුනක් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් තමා තමා විසින්ම දැකීමය. “පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි” යනුවෙන් දක්වා වදාළ පරිදි මෙහිදී සිදුවන්නේ මෙම ත්‍රිලක්‍ෂණය තම තමා විසින්ම ප්‍රඥාවෙන් දැකීමය. එම ත්‍රිලක්‍ෂණය යනු අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තුන ය. ලොව සියල්ල අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි.

සියලුම නිර්මාණවාදී, දේවවාදී, ආගම්වලින් ආත්මය හෙවත් සුද්ධාත්මය නමින් ස්ථිරව පවතින දෙයක් ඇතැයි පිළිගනිති. ඒ අනුව මෙම විශේෂයෙන් දැකීමක් විවිධත්වයෙන් දැකීමක් හෙවත් විපස්සනාවක් බුදුදහමින් තොරව ලබාගත නොහැක. බුදුදහමෙහි ඇති සුවිශේෂත්වය මෙයයි.

බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුව විපස්සනාවෙන් තොරව කෙලෙස් නැති කිරීමක් ද කෙලෙස් නැති කිරීමෙන් තොරව නිර්වාණ ධර්මය අවබෝධ කරගැනීමක් ද නැත.

Download


Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1715

Leave a Reply