සිදුහත් කුමරුන් බිහි වූ ස්ථානය තහවුරු වෙයි.

නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයාගත් නව පුරාවස්තු සම්බුදු උපත පිළිබඳ පවතින මිත්‍යා මත රැසකට පිළිතුරු ලබාදෙන බව පුරාවිද්‍යා චක‍්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ප‍්‍රකාශ කළා. ඒ, මෙතෙක් සොයා ගැනුණු පැරණිතම බෞද්ධ විහාරය ලෙස සැලකිය හැකි ලූම්බිණි සල් උයනෙන් සොයාගත් එම පුරාවස්තූන් පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.

 

ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසල සිදුකළ කැණීම්වලදී මෙලෙස සොයාගෙන ඇත්තේ මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්ලා ගත් බව කියන සල්ගස ආවරණය කර තැනූ විහාරයයි. එහි ඵෙතිහාසික පසුබිම පැහැදිලි කළ පුරාවිද්‍යා චක‍්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් කියා සිටියේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ කාලයේ ලූම්බිණියේ ප‍්‍රතිසංස්කරණ රැසක් සිදුවු බවයි. සම්බුදු උපත පිළිබඳ පවතින මිත්‍යා මත රැසක් නව සොයා ගැනීමත් සමග දුරුවන බව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

[youtube]njWEgOpvr08[/youtube]

.

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=17038

Leave a Reply