Maa Piya Uwatena – Ven Katukurunde Ñāṇananda Thero

compress_Take_care_imagesමා-පිය උවැටනපූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි.

අහිංසකා යෙ මුනයො
නිචිචිචචං කායෙන සංවුතුතා
තෙ යනති අචචුතුතු  ඨානං
යත‍ථ ගනත‍වා න සොචරෙ
-කොධ වගග, ධමමපද

කළගුණ සැළකීම ශ්‍රේෂ්ඨ සත්පුරුෂ ගුණයක්. කළගුණ නොසළකන පුද්ගලයා සමාජයේ හැඳින්වෙන්නේ අසත්පුරුෂයෙක්, දුෂ්ටයෙක්, හැටියටයි. කෘතඥතාව ලෝකයේ ඉතාම දුර්ලභ ගුණයක් බව බුදු පියාණන් වහන්සේ වදාළා. ඒ වගේම ඒ දුර්ලභ ගුණය තමන් වහන්සේගේ ජීවිතය තුළින් ඔප නංවලා මූර්තිමත් කරන්ට බුදුපියාණන් වහන්සේ බොහොම අවස්ථා යොදා ගත්තා. දැන් අපි මේ මාතෘකා කළ ගාථාවට අදාළ නිදාන කථාවත් ඒ වගේ අවස්ථාවක්……….

බොහෝ පඬිවරුන්ට තේරෙන්නෙත් නෑ. ඒ අය කල්පනා කරනවා නිවන කියල කියන්නේ යම්කිසි සදාකාලික පැවැත්මක් කියල. නමුත් බුදුපියාණන් වහන්සේ වදාළ භවය සම්පූර්ණයෙන්ම අනිත්‍යයි. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පවා. නිත්‍ය පැවැත්මක් කිසිසේත් සොයා ගන්න බෑ. ඒ වෙනුවට කරන්න තිඛෙන්නේ මේ ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන මේ හැම දෙයක්ම අත් හරින එකයි. මේ හැම එකම අනිත්‍යතා ධමයට යටයි කියන අවබෝධය ඇති කරගෙන අන්න අර ගින්න මෙතෙන්දීම නිවා ගැනීමයි. ඒ නිවීම තමයි නිවනය කියලා කියන්නේ.

එතකොට පින්වතුනි, මෙන්න මේ නිවිම තමයි හැම  බුද්ධයෙකුගේ ම පරමාර්ථය විය යුත්තේ. පැවැත්ම නොවෙයි නැවැත්මයි. අන්න ඒක හොඳට හිතට දමා ගෙන ඒක ඇත්ත වශයෙන්ම නැවත භවයකට දාන්න නරකයි. මේ බුදෙධාත්පාද කාලයේ දුර්ලභ වූ සද්ධර්මය දුර්ලභ වූ මනුෂ්‍ය ආත්ම භාවය ලබාපු අවස්ථාවක අපි මේ හැම ධර්ම දේශනාවකින් ම පෙරල ගන්න ඕන අනෙකුත් සාමාන්‍ය කතන්දරයේ සිද්ධි වලින් ලබන විනෝදය නෙවෙයි. ඒවා තුළ ඇති ගැඹුරු ධර්මයි. ඒවා තමන්ගේ ජීවිතයට උපකාර කර ගන්න උත්සාහවත් වෙන්න ඕන.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15893

1 comments

    • Ajantha on September 26, 2014 at 9:08 pm
    • Reply

    Theruwan Saranai
    Would be wonderful if someone can with the help of Maha Thero translate this sermon into English for the benefit of many.
    With mettha

Leave a Reply