Deva Sankalpa – Ven Gangodawila Soma Thero

somahimiදේව සංකල්ප පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

අද අපේ බෞද්ධ ජනතාව ලොකු අවුලක වැටිල සිටින වකවානුවක් මේක එක පාරට අදට ආවේ නැහැ. කාලාන්තරයක් තිස්සේ ආපු ගමනක අවස්ථාවක් තමයි මේ. ඇත්තෙන්ම අප අද ඉන්නේ ඉතාමත්ම භයංකාර අවස්ථාවකයි. ඒ බියකරු බව කාටවක්වත් නොවේ එය උදාවෙලා තියෙන්නේ සම්බුද්ධ සාසනයටයි.

බොහෝ විට අපේ ඇත්තන් බුද්ධාගම මොකක් ද? හින්දු ධර්මය මොකක් ද කියල තේරුම් ගන්න බැරි අවස්ථාවකට අද පත් වෙලා තියෙනව. අප මෙහි උත්සාහ කරන්නේ හින්දු දර්ශනය මොකක් ද? බෞද්ධ දර්ශනය කියන්නෙ මොකක් ද? බෞද්ධයන් හින්දූන් වෙන්න පුළුවන් කමක් නැහැ බෞද්ධයන්ට බුදුහාමුදුරුවන්ගේ නිර්මල දහමක් තිබිය දී. මේ දෙකක් එකට පටලවා ගෙන ආගමක් අදහන සිරිතක් නැහැ.

ලෝකේ තියෙන අනිත් හැම ආගමක් ම, හැම දේව ආගමක් ම ඉදිරිපත් කරන දර්ශනය තමයි ලෝකය දෙවියෙක් විසින් මවන ලද්දක් බව. බුදුහාමුදුරුවන් විසින් දේශනා කරල ලද්දේ ලෝකය කවුරුන් විසින්වත් මවන ලද්දක් නොවේ ලෝකය හේතුප්‍රත්‍යන් නිසා හටගත් එකක් බව. මේ හේතුප්‍රත්‍ය සංකල්පය තේරුම් ගන්නට ලෝකය කියන්නේ…

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15511

Leave a Reply