Nirmansa Ahara (නිර්මාංශ ආහාරපාන) – රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ

ලබන පොසොන් මස අවසනට පෙර නිර්මාංශ ආහාර පාන සඳහා රට තුල සහ ලෝකයේ පිළිගත හැකි ප‍්‍රමිති තත්ත්වයක් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ මූලිකත්වයෙන් හඳුන්වා දෙන බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.

නිර්මාංශ ආහාරපාන සඳහා ප‍්‍රමිති තත්ත්වයන් හඳුන්වා දීම සදහා ඊයේ (22) පැවති විශේෂ මහජන හමුවේදී අමාත්‍යවරයා සදහන් කළේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් තමන් වෙත සිදුකළ ඉල්ලීමකට අනුව නිර්මාංශ ආහාරපාන සඳහා ප‍්‍රමිති තත්ත්වයන් හඳුන්වා දීමට පියවර ගත් බවයි.

නිර්මාංශ ආහාර අනුභවයට දකුණු ආසියාවේ වැඩි නැඹුරුවක් පවතී. ඉන්දියාවේ 35% පමණ නිර්මාංශ ආහාර භාවිතයට ගනී. වර්තමානයේ ශ‍්‍රී ලංකාවේද නිර්මාංශ ආහාර අනුභව කරන්නන් සහ ඊට යොමුවන්නන් වැඞ් පිරිසක් සිටී. ඔවුන් වෙනුවෙන් නිර්මාංශ ආහාර පාන නියමිත ප‍්‍රමිතියකින් වෙළඳපොළට හඳුන්වා දිය යුතු අතරම එම නිර්මාංශ ආහාර පාන පිළියෙල කිරීමේදී, සැකසීමේදී හා පිළිගැන්වීමේදී ද පොදු ප‍්‍රමිති තත්ත්වයක් හඳුන්වා දීමට ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය කටයුතු කරනු ලැබේ.

මස් මාංශ අනුභවයත් සමඟ ආවේගය, ආතතිය සහ ආක‍්‍රමණශීලීතාව වැඩි වන බවට පර්යේෂකයෝ සනාථ කර ඇත. ශරීරයේ ස්ථුලතාව වැඩි වී කොලස්ට්‍රෝල්, හදවත් ආසාදන, පිළිකා වැනි පීඩා ගෙන දෙන රෝග ඇතිවීමටද මස් මාංශ අහාරයට ගැනීම හේතු වේ. නිර්මාංශ අය නිරෝගී සුවපත් ජීවිතයක් ගත කරනවා සේම පරිසර හිතකාමී, අන් ජීවිත වලට ගරු කරන්නන්ද වේ. නිර්මාංශ වීම මඟින් පවතින ජීවන වියදමටත් පහසුවක් ඇති වන බව අමාත්‍ය චම්පික රණවක මහතා ඊයේ පැවති මහජන හමුවේදී පෙන්වා දුන්නා.

මස් මාංශ අනුභවයට නොගැනීම ශරීර වර්ධනයට හෝ පෝෂණයට කිසිඳු බලපෑමක් එල්ල නොකරන බව මහජන අදහස විය. මස් මාංශ වලට වැඞ් පෝෂ්‍ය පදාර්ථ පරිසරය තුළින්ම නිර්මාණය වන එළවළු හා පළතුරු සතු වේ. නුදුරේදී එළි දැක්වෙන නිර්මාංශ සඳහා වන ප‍්‍රමිති සහතිකය ලබා ගැනීමේදී එම නිර්මාංශ ආහාරයේ අඩංගු එක් එක් පෝෂ්‍ය පදාර්ථ වල ප‍්‍රමාණයන් අදාළ පැකට්ටුවල සඳහන් කළයුතු බවටද බොහෝ නියෝජිතයන්ගේ අදහසක් ලෙස ඉදිරිපත් විය.

මස් මාංශ නිෂ්පාදනයත් සමඟ සිදුවන අයහපත් කාබන් විමෝචනය හේතුවෙන් ගෝලීය උණුසුමද ඉහළ යයි. ලෝකයේ ගස් කැපීම හේතුවෙන් ගෝලීය උණුසුම වැඩි වීමට 18% ක බලපෑමක් සිදුකරනවා හා සමානවම මස් මාංශ නිෂ්පාදනයෙන්ද සිදුවේ. කාබන්ඩයොක්සයිඞ්, මීතේන් හා නයිට‍්‍රස්ඩයොක්සයිඩි වැනි පරිසර විනාශකාරී වායු සහ අංශු මස් මාංශ නිෂ්පාදනයත් සමඟ පරිසරයට මුක්ත වේ. මෙම තත්ත්වය මඟ හැරවීමට හෝ අවම කිරීමට කටයුතු කරන්නේ නම් ඉදිරි දශකයේ මුහුදුබත් වී ලෝකයෙන් තුරන් වීමට නියමිත දුපත් රාජ්‍ය 36 ක් බේරා ගත හැකිවේ.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15100

1 comments

    • shantha on June 13, 2015 at 5:10 pm
    • Reply

    good

Leave a Reply