Patichcha Samuppadaya (07) – Ven Katukurunde Ñāṇananda Thero

Unclearපටිච්චසමුප්පාද දේශනා (189) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

යං, භික්‌ඛවෙ, සදෙවකස්‌ස ලොකස්‌ස සමාරකස්‌ස සබ්‍රහ්‌මකස්‌ස සස්‌සමණබ්‍රාහ්‌මණියා පජාය සදෙවමනුස්‌සාය ඉදං සච්‌චන්‌ති උපනිජ්‌ඣායිතං තදමරියානං එතං මුසාති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය සුදිට්‌ඨං ( මහනෙණි යමක් දෙවියන්,මරුන්, බමුණ් සහිත ලෝකයා විසින් මහණ බමුණන් සහිත ලෝකයා විසින් මෙය සත්‍යය යැයි කල්පනා කරන ලද ද, එය ආර්‍යන් විසින් යථාභූත වශයෙන් මෙය මුසාව යයි මනා ප්‍රඥ්ඥාවෙන් දකින ලදී.)

‘‘අනත්‌තනි අත්‌තමානී, පස්‌ස ලොකං සදෙවකං; නිවිට්‌ඨං නාමරූපස්‌මිං, ඉදං සච්‌චන්‌ති මඤ්‌ඤති.  ‘‘යෙන යෙන හි මඤ්‌ඤන්‌ති, තතො තං හොති අඤ්‌ඤථා;  තඤ්‌හි තස්‌ස මුසා හොති, මොසධම්‌මඤ්‌හි ඉත්‌තරං.‘‘අමොසධම්‌මං නිබ්‌බානං, තදරියා සච්‌චතො විදූ; තෙ වෙ සච්‌චාභිසමයා, නිච්‌ඡාතා පරිනිබ්‌බුතා’’ති. “( 761,762 & 763)

ආත්මයක් නැති තැනක ආත්මයක් ඇත යන මානයෙන් ලෝක සත්වයා සසරට බැඳී තිබෙන බව තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සෙ ලොවට හෙළි කර වදාළා. මානයෙන් කෙරෙන හිතා ගැන්ම මඥ්ඥණා නමින් හැදින්වෙන වා.

නාමරූපය සත්‍ය හැටියට සලකන මේ මඥ්ඥණාවෙන් මිදීම, මාර බන්ධනයෙන් මිදීම යි! නිවන යි!. ඒ බව ප්‍රකාශ කෙරෙන ගාථා තුනක් තමා අද අප සත්වෙනි පටිච්චසමුප්පාද දේශනාව හැටියට ගත්තේ. මේ ගාථා තුනත්  දකින්න ලැබෙන්නේ දේවේතානුපස්සනා සූත්‍රයෙහි ය (ඛුද්‌දකනිකාය-සුත්‌තනිපාතය) Dvayatànupassanà Sutta (Twofold Reflections) in English  (sutta No.12 761,762 & 763)………….

මනසට අරමුණු වන දෙය පිළිබඳ මූලික ආකෘතිය ප්‍රකාශ කරන ඉතාම වටිනා සූත්‍රයක් මූලපරියාය සූත්‍රය(පාළි) – මජ්‌ඣිමනිකාය, මූලපරියායවග්‌ගො. සංගීතිකාරක ඒ මහරහතන් වහන්සේලා ඒ සූත්‍රයේ වැදගත් කම සලකලා වෙන්න ඇති මූලපරියාය සූත්‍රය මජ්ජිමනිකායේ මුලටම දැම්මේ. මේ පලමුවෙනි දේශනාව තමයි මුළුමහත් බෞද්ධ දර්ශනයම, මුලුමහත් සද්ධර්මය තේරුම් ගන්න උපකාර වන හෝඩිය මොකද එහෙම කියන්නේ මූලපරියාය සූත්‍රයේ මේ මනසට අරමුණු වන හැම දෙයක් පිළිබඳවම මුල් ආකාරය, මුල් ආකෘතිය පෙන්නුම් කරන වා.

‘සබ්‌බධම්‌මමූලපරියායං වො, භික්‌ඛවෙ, දෙසෙස්‌සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්‌සාමී (මහණෙනි මම නුඹලාට හැම දෙයකම මුල් ආකාරය, මුල් ආකෘතිය දේශනා කරන වා……… මනසට අරමුණු වන හැම දෙයක්ම හිතට වැටහෙන ආකාරයක් තියෙන වා මෙම සූත්‍රයේ දී ධම්ම 24ක් ඉදිරිපත් වෙනවා. එය බුද්ධ ඥාණයට අනුවයි එය කෙටියෙන් මෙසේ සලක ගන්න පුළුවන් පලමුවෙන් ම පඨවි, ආපෝ, තේජෝ, වයෝ. එනම් මහා භූතධර්ම හතර(4) ඊලගට භූත, දේව, පජාපති, බ්‍රහ්ම,ආබස්සර,සුබකිණ්ණ, වේහප්ඵල, අභිභුං කියන සත්ව කොට්ඨාශ අට(8). ඊලගට ආකාසානඤ්‌චායතන, විඤ්‌ඤාණඤ්‌චායතන, ආකිඤ්‌චඤ්‌ඤායතන,නෙවසඤ්‌ඤානාසඤ්‌ඤායතන ඒ අරූප හතර(4). ඊලගට දිට්‌ඨ, සුත, මුත, විඤ්‌ඤාත හතර(4). අන්තිමට එකත්‌ත, නානත්‌ත, සබ්‌බ, නිබ්‌බාන කියන ප්‍රඥ්නප්ති හතර(4)………

මෙලෙස පටිච්චසමුපාදය නමැති ගැඹුරු ධර්මය මෙවැනි වූ සූත්‍ර රාශියක් ගෙන හැර දක්වමින් විග්‍රහ කරන කටුකුරුන්දේ ඥාණනන්ද හිමියනී,  ඔබවහන්සේ අපව ප්‍රපංච වලට හසු නොවන අකාරයට මේ උතුම් වූ බුද්ධ වචනය තුලින් නිවන් මාර්ගයට රැගෙන යන අපූරුව මෙම දේශනාවන් අවබෝධයෙන් සවන් දුන් විට හොඳින් වැටහෙනු ඇත.

ආශ්චර්යයි හාමුදුරුවනේ. ඔබවහන්සේ අපට බුද්ධ වචනයම ගෙනහැර දක්වමින්, බුද්ධ වචනයෙන් පිටතට නොගොස් අපව තව තවත් බුදුරජාණන් වහන්සෙ සමීපයට ගෙන යනවා. ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුව ලැබේ වා මේ සිදුකරනා ධම්ම දානයමය පිං මහිමෙන්. සාදු! සාදු! සාදු !

Download

මූලපරියාය සූත්‍රය (පාළි/සිංහල) මජ්‌ඣිමනිකාය1, මූලපරියායවග්‌ගොපිටු අංක 2 සිට 18 බුද්ධජයන්ති ත්‍රිපිටකයෙන් පිටපත් කර ගන්නා ලදී.)

.[pdf]http://www.dhammikaweb.com/pdfs/MuulapariyayaSutta_MajjimaNikaya1_MuulapariyaVaggo_Page2To18.pdf[/pdf]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15022

Leave a Reply