Sukaramaddawa සූකරමද්දව – අටුවාවේ තෝරන හැටියට නම් අර්ථ තුනක් දෙනවා

මෙන්න මේ සූකරමද්දව කියන වචනය ශාසන ඉතිහාසයේ බොහොම විවාදයට භාජනය වුනු වචනයක්. මේකේ දීර්ඝ විග්‍රහයක් නොකළත් පළමුව ආරම්භයේදී අපට කියන්න වෙන්නේ අටුවාවේ තෝරන හැටියට නම් අර්ථ තුනක් දෙනවා.

පළමු අර්ථය දෙන්නේ නොමේරූ ඌරෙකුගේ මස් කියලා.

දෙවන අර්ථය දෙන්නේ පස්ගෝරස. ඒ කියන්නේ ගවයාගෙන් ලබාගත්තු කිරි, දීකිරි, ගිතෙල් ආදිය යෙදූ මෘදු බතක්
හැටියට. ඒ දෙවන අර්ථයක් දෙනවා.

තුන්වෙනි අර්ථය දෙනවා රසායන ශාස්ත්‍රයේ සූකරමද්දව නමින් සඳහන්වන රසායනයක්ය කියලා.

කුමන හේතුවක් නිසා ද මේ අටුවාව තේරුම් තුනක් දෙන්නේ???

—ආනන්ද සමහරවිට ඇතැම් කෙනෙක් මගේ පරිනිර්වාණයෙන් පස්සේ˜- ඒ වෙනකොට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ
කරලා ඉවරයි අද රාත්‍රියේ දී මම කුසිනාරාවේදී පරිනිර්වාණයට පත්වෙනවා කියල- ඉතින් ආනන්ද ස්වාමීන්වහන්සේට කියනවා, —මගේ පරිනිර්වාණයෙන් පස්සේ ඇතැම් කෙනෙක් චුන්දකර්මාර පුත්‍රයාට සමහරවිට කුකුසක් පසුතැවිල්ලක්
ඇති කරන්න පුළුවන් ඔබේ ආහාරය වළඳලා තමයි භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණයට පත්වුනේ කියලා. ඒ තුළින් කුකුසක් පසුතැවිල්ලක් ඇතිකරන්න ඉඩ තිඛෙනවා. ඒක නිසා ආනන්ද මෙන්න මෙහෙම ප්‍රකාශ කරන්න. ඇතැම් කෙනෙක් කීවොත් ඒ අය ඔබට කුකුස් උපදවන්නයි කියන්නේ. —ඔබේ නොලැබීමක්, ඔබ විසින් වැරදිලෙස කරපුදෙයක් මෙන්න මේ භාග්‍යවතුන් වහන්සේට මේ විධියේ ආහාරයක් පිරිනැමීම. ඒක වළඳලයි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවේ කියලා. ඒ විධියට යම්කෙනෙක් කීවොත් ආනන්ද මෙහෙම කියන්න —නැහැ නැහැ, භාග්‍යවතුන් වහන්සේ කියලා තියෙනවා —සුලදධං˜ හොඳ ලැබීමක් ඔබට ලැබිලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේට අවසාන දානය පිළිගන්වන්න ලැබීම˜˜ කියලා. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ අවසාන දානයේ ආනිශංස එතැන ප්‍රකාශ කරනවා. තථාගතයන්වහන්සේගේ අභිසම්බෝධියට උපකාරවන යම් දානයක් පිරිනැමුවාද ඒ මේ පින්වතුන් දන්නවා සුජාතාවගේ කිරිපිඩුදානය- අන්න ඒ වගේම සමඵල සමවිපාක දානයක් තමයි මේ චුන්ද පිරිනමලා තියෙන්නේ. ඒක
ධර්මතාව වශයෙන් ප්‍රකාශ කරනවා. යම් ආහාරයක් තථාගතයන්වහන්සේ වළඳලා අවසාන ආහාරය වශයෙන් අභිසම්බෝධියට පත්වෙනවාද ඒ ආහාරය හා සම සමවිපාක, සම ආනිශංස, මහත් ඵල මහානිසංස ඇති ආහාරයක් තමයි උන්වහන්සේගේ පරිනිර්වාණයට හේතුවන, පරිනිර්වාණයට උපකාරවන ඒ අවසාන දානය පිළිගැන්වීම කියලා. ඒ විදියට යම් කිසි කෙනෙක් චුන්ද කර්මාර පුත්‍රයාට දොස් පැවරුවොත් මේ විධියට භාග්‍යවතුන් වහන්සේ හමුවේම මට මේක අහන්න ලැබුනා කියලා කියන්න කියලා බුදුරජාණන් වහන්සේ පැවරුවා.

අටුවාව තව තවත් විස්තර කරනවා. අර චුන‍දකර්මාරපුත්‍රයාට දෝෂයක් පැවරීමේ අදහස දුරුකරන්න වගේ. අටුවාව තෝරනවා ඒ ආහාරය නිසා නොවේ භාග්‍යවතුන් වහන්සේට ඒ රෝගය වැළදුනේ. ඒ ආහාරය කුමක් හෝ වේවා ඒ ආහාරය වැළඳීම නිසා භාග්‍යවතුන් වහන්සේට ඒ තරම් දුරක් පයින් වැඩමකරන්න ශක්තිය ඇතිවුනා කියලා. ඒක නිසා පරිනිර්වාණය සිදුවුනා කියා සිතිය යුතු නැත කියලා. ඒ විධියටත් තෝරනවා.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14650

1 pings

  1. […] Sukaramaddawa සූකරමද්දව – අටුවාවේ තෝරන හැටියට නම් අර්ථ තුනක් දෙනවා…..ලිපිය කියවීමට […]

Leave a Reply