Patichcha Samuppadaya (06) – Ven Katukurunde Ñāṇananda Thero

life-to-deathඅනුපස්සනා   පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

‘‘ජාතිමරණසංසාරං , යෙ වජන්‌ති පුනප්‌පුනං; ඉත්‌ථභාවඤ්‌ඤථාභාවං, අවිජ්‌ජායෙව සා ගති.
‘‘අවිජ්‌ජා හායං මහාමොහො, යෙනිදං සංසිතං චිරං; විජ්‌ජාගතා ච යෙ සත්‌තා, න තෙ ගච්‌ඡන්‌ති පුනබ්‌භව’’න්‌ති. ද්‌වයතානුපස්‌සනා සූත්‍රය – ඛුද්‌දකනිකාය-සුත්‌තනිපාතය, මහාවග්‌ගො.English version

ජීවිතය කියන්නේ උපතත්, මරණයත් අතර කාලපරිච්ඡේදයයි. සංසාරය කියන්නේ උපතත් මරණයත් අතර කරකැවිල්ලයි. මේ දෙක අතර සම්බන්ඳතාව මතුකර දක්වන අන්දමේ ගාථා දෙකක් තමයි අද මේ ධර්ම දේශනයට පාදක කර ගත්තේ.  

හණෙනි සම්බෝධිය කරා ගෙනයන යම් ආර්‍ය න්‍ය්ර්‍යානික කුසල ධර්ම වෙත්නම් ඒවා ශ්‍රවනය කිරීමෙන් ලැබෙන ආසන්න ප්‍රතිඵලය කුමක් ද කියා යම් කෙනෙක් ඇසූවිට, මෙසේ පිළිතුරු දිය යුතුයි.  ‘යාවදෙව ද්‌වයතානං ධම්‌මානං යථාභූතං ඤාණායා’ – යුගළ වශයෙන් පිහිටි ධර්මයන්ගේ යතාභූත අවබෝධය සදහාය’ ඊලගට බුදුරජාණන් වහන්සේ මෙසේ අසනවා ‘කිඤ්‌ච ද්‌වයතං වදෙථ? – කුමක් ද මේ ද්වේතාව කියන්නේ? 

‘‘ඉදං දුක්‌ඛං, අයං දුක්‌ඛසමුදයොති අයඒකානුපස්‌සනා. – මෙය දුකය, මේ දුකේ හටගැනීම යනු ඒකානුපස්සනාවයි’ ‘අයං දුක්‌ඛනිරොධො, අයං දුක්‌ඛනිරොධගාමිනී පටිපදාති, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා ද්‌වයතානුපස්‌සිනො’ – ……….

ඉන්පසු බුදුරජාණන් වහන්සේ සංඝයාවහන්සේලාට මෙසේ වඳාළ සේක. ‘ යම් කෙනෙකු ඇසුවොත් මැනවින් ද්වේතානූපස්සනාව යෙදීමේ තවත් ක්‍රමයක් තිබේ ද කියා. තියෙනවා කියා ප්‍රකාශ කළ යුතුය…..කුමක් ද එම ක්‍රමය??? 

මේ සූත්‍රයේ අනුපස්සනා දහසයක්ම අඩංගු වෙනවා. එහි විශේෂත්වය වන්නේ හැම අනුපස්සනාවක් ම  වාගේ ………….

එම සූත්‍ර දේශනාවේ තුන්වෙනි අනුපස්සනාවයි අප අද මාතෘකාවට ගත්තේ…. 

[

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14643

Leave a Reply