නිබ්බාන දෙසුම් පෙලේ 10 වෙනි දේශනය (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි
මේ නාමරූප පිළිබිබුව සත්‍ය වශයෙන් ගැනීම නිසා ඇතිවන සක්ඛාය දිට්ඨිය නිසා භව,විභව වශයෙන් ගත්ත දෘෂ්ඨි දෙක අන්ත දෙකක් ඔස්සේ ගමන් කළා. ආත්මයක් ඇත කියන හැගීම අරගෙන මේ ආත්මය දිගටම ගෙන යාමට කාමසුඛල්ලිකානු ප්‍රතිපදාව ඔස්සේ ගමන් කලා. විභව දෘෂ්ඨිය එහෙම නැත්නම් උච්ඡේද දෘෂ්ඨිය, ආත්ම ද්වේශය ඇති කර ගෙන ඒ අතථඛිලමතානු දෘශ්ඨිය ඔස්සේ ගමන් කළා. මේ විදිහට මේ අන්ත දෙකම අර පිලිබිබුවක්, පිලිබිබුවක්, ලෙස තේරුම් නොගැනීම නිසයි මේ ලෙස අවුලකට පත්වුනේ.
මෙම දේශනාවට පාදක කර ගෙන ඇත්තේ බ්‍රහ්‌මනිමන්‌තනික සූත්‍රයයි “පථවිං ඛො අහං, බ්‍රහ්‌මෙ, පථවිතො අභිඤ්‌ඤාය යාවතා පථවියා පථවත්‌තෙන අනනුභූතං තදභිඤ්‌ඤාය පථවිං නාපහොසිං, පථවියා නාපහොසිං, පථවිතො නාපහොසිං, පථවිං මෙති නාපහොසිං, පථවිං නාභිවදිං. – බ්‍රහ්‌මනිමන්‌තනික සූත්‍රය (පාළි/සිංහල ) – මජ්‌ඣිමනිකාය1, මූලපණ්‌ණාසපාළි , චූළයමකවග්‌ගො page 764 – 775 9.බ්‍රහ්‌මනිමන්‌තනික සූත්‍රය(පාළි)
බුදුපියාණන් වහන්සේ ලෝකෙට හඳුන්වා දුන් මධ්‍යමප්‍රතිපදාව මේ අන්ත දෙකෙන් මිදුනේ කෙසේ ද, භව විභව දෘෂ්ඨි දෙක වෙනුවට යථාභූත ඥාණ දර්ශනයක් ඉදිරිපත් කිරීමෙන්. ඒ කියන්නේ අර නාමරූප,පිළිබිබුවක්, පිළිබිබුවක් ලෙස ලෝකයට වටහා දුන්නා. යථාභූත වචනයේ විශේෂ වැදගත්කමක් තියෙනවා. “යථාභූත” කියන වචනය පැහැදිළි කර ගැනීමට අපට උපකාර වෙනවා……….
10 වෙනි දේශනය
.
Recent Comments