Athahereema – Ven Ariyanana Thero

අත්හැරීම  – පූජ්‍ය අරියඥාණ හිමි

මෙම දේශනයට සවන් දෙන්නා වූ ඔබ ධර්මයේ විවිධ මට්ටම් වල සිටීමට පුළුවන්. මෙය යමක් සිතීමට ප්‍රවේශයක් කර ගන්න. ප්‍රවේශය ගත් කළ මේ සියල්ල අතහරින්න. මෙම දේශනය ඔබට උඩට නගිනා පඩිපෙලක් වූයේ නම්, මෙය අසා ඔබ පසුකල පඩි කීපයක් පමණක් බව පමණක් සිතා ඒ සියල්ල අතහරින්න. ඔබ පසුකල පඩි නැවත අල්ලා ගැනීමට නොයන්න. අත්හැරීමට අවශ්‍ය දේ පමනක් ගැනීමට ඔබ දක්ෂ වන්න. නමුත් ඔබට ඔබව විශ්වාස නැත්නම්, ඔබ අදක්ෂ නම්, මාන්නය,උද්ධච්ඡ බව, මාර්ගඵල උන්මාදයෙන් පෙළෙන්නේ නම් ගුරුවරයා සහ විනය තුළ හික්මීම අත්‍යාවශ‍ය බව සිතන්න. එසේ නොවුනහොත් ඔබ මංමුලා වනු ඇත. අත්හැරීමට පමණක් මෙම දේශනය ප්‍රයෝජනයට ගන්න.    

ඔබේ හැකියාවන් ගැන අධිතක්සේරුවකට නො එන්න. තීරණ ගැනීමේ දී බුද්ධිමත් වන්න. ඔබ මන්ද්ගාමි නො වන්න. ශීග්‍රගාමීද නො වන්න. පෙර සූදානම්, සැලසුම් වලින් හිස්වන්න.  නිහතමානීව ඔබේ දුර්වලතා දකින්න. ඔබ සොයනා දේ ඔබ  විසින්ම සොයා යා යුතුය. ඔබ යන මේ ගමනේදී ඔබට රාත්‍රිය, දවාල. වැස්ස ශීත කුසගින්න නොදැනෙනු ඇත. මේ කිසිවකට ඔබව පාලනය කළ නොහැකිය. මේ ලෝකයේ දකිනා සැම දෙයක්ම ඔබ කමටහනක් කරගන්න. එලෙසින්ම මෙම දේශනය ද ඔබට කමටහනක්ම වනු ඇත.

එවිට මෙහි ඇලීමට හෝ ගැටීමට එසේත් නැත්නම් මගේ කියා ගැනීමට ද දෙයක්  නොමැති වනු ඇත. ඔබේ ස්වාභාවය තුලම නිවන් මග වඩන්න.

[mp3]http://assets4.dhammikaweb.com/uploads/2012/10/Athahereema.mp3[/mp3]


 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14036

5 comments

Skip to comment form

  1. ඉහත දේශනය අවබෝධයෙන් ඇසීමෙන් පසු මෙම දේශනාව ඇසීමෙන් ඔබට මේ සිත බැද තබා ගැනීමට භාවිතා කර හැකි  කමටහනක් හදුනා ගැනිමට හැකි වනවා ඇත. කුළු ගොනෙක් දුවන කොට ඒකත් එක්ක දුවලා කවදාවත් බෑ මේක කරන්න.

    ඒ වෙනුවට කරන්න ඕන යම්කිසි කමටහනක් දෙන්න ඕන. කණුවක බඳින්න ඕන. බැන්දට පස්සෙ තමයි ඇදෙන ඇදෙන වාරයක් පාසා කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව, සිහියෙන් යුක්තව – සතිය එතන උපකාර වෙනවා, සති සම්පජඤ්ඤය කියන වචන දෙක සිහියයි දැනුවත්කමයි. සිහියයි නුවණයි, ඒ දෙක යොදලා – ඒ ඒ අවස්ථානුකූලව ඉතාම ශීඝ්‍රයෙන්, පුළුවන් ඉක්මනින්, ආයිත් අර කණුව ළඟට ගේනවා. කමටහනට ගේනවා. හිත ඈතට යන්න නොදී. හිත ඈතට යන්න දුන්නොත් දන්නෙම නැතිව තමන් ඉන්නේ කොහෙදවත් දන්නේ නැති තත්ත්වයට පත්වෙනවා. ඔය විතර්කවල ස්වභාවයයි. http://www.dhammikaweb.com/?p=13703

      • sa on December 31, 2014 at 5:52 am
      • Reply

      Hi Admin,

      Could you please verify the link as I cannot access the MP3

      Thanks

      Budu Saranai

    • A.waththuewa de silva on April 1, 2013 at 5:33 pm
    • Reply

    Its very significant and wonderful.I am in Buddhist path.I am teaching on Sundays in Dhamma school.Also doing meditation.
    U may attain Nibbana.
    Amarasiri

      • CHAMILA on June 2, 2013 at 10:04 pm
      • Reply

      May You Attain Nibbana

    • CHAMILA on May 11, 2013 at 11:08 pm
    • Reply

    Excellent Dhamma Sermon.

Leave a Reply