අන්‍යාගමිකරණයට එරෙහිව දඹුල්ලේ විරෝධතාවක්, මහනාහිමිවරුනුත් එයි

April 20, 2012 at 2:34 pm | Lanka C News.

අන්‍යාගමිකරණයට එරෙහිව දඹුල්ලේ විරෝධතාවක්, මහනාහිමිවරුනුත් එයි

අන්‍යාගමිකරණයට එරෙහිව විරෝධය පළ කිරීම හා රංගිරි දඹුල්ලේ බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීම සදහා වූ ජනතා රැළියක් අද පෙරවරුවේ රංගිරි දඹුලූ උයන්වත්ත රජමහා විහාරස්ථානයේදී පැවැත්විනි.

දඹුල්ල පූජා භූමියේ අනවසරයෙන් ඉදි කර ඇති මුස්ලිම් පල්ලිය තිබෙන භූමියට අදාලව නැගුන ප්‍රශ්නයක් හේතුවෙන් ප්‍රදේශයේ 1000 කට පමණ අධික ජනතාව ඇතුළු ස්වාමින් වහන්සේලා මේ සඳහා සහභාගී වී ඇත.

මෙහිදී ඉනාමළුවේ සුමංගල රන්ගිරි දඹුලූ පාර්ශ්වයේ මහානායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය පැවසූයේ, බුදු දහමට හානිකර අයුරින් කැර ඇති ඉදිකිරීම් ඉවත් කළ යුතු බවයි.

පින්තූර – Lankadeepa

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12714

1 comments

    • N.Samitha Muthuthanthri on April 24, 2012 at 9:21 pm
    • Reply

    සෑම ආගමිකයෙකුටම ඔවුන් අදහන ආගම ඇදහිමේ තිබෙන නිදහසට වචනයකින්වත් බධා කිරිමක් නැත. එහෙත් බෞද්ධ උරුමයට අයිති දේපලවල ඔවුන්ගේ අගමික ස්ථාන තනනවාට ඉඩදිය නොහැක, මක්නිසාදයත් අපගේ සිංහල බෞද්ධ උරුමයන් මතු පරපුරටද උරුම කර දියයුතු නිසාවෙනි…..

Leave a Reply